32 C
Colombo
Tuesday, July 27, 2021
- Advertisement -

අයහපත් කාලගුණයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයින් 1146 දෙනෙකු බලපෑමට

Must Read

නොමිලේ සිසුන්ට ඔන් ලයින් උගන්වන ඉංජිනේරු මහත්තයා

  වෘත්තීය අයිතීන් ඉල්ලා  සටන් බිමට ගුරුවරුන් බැස සිටින වකවානුවක දරුවන්ට  අධ්‍යාපනය ඉල්ලා සිසු දරුවන්ගේ දෙමාපියන් අදෝනා නගන කාලයක...

ලිදේ වැටී තුවාළ වු වන අලියා පශුවෛද්‍යවරු නොමැතිකමින් ප්‍රථිකාර නොකර තුවාළ සහිතව කැළයට පලවා හැරේ

   මහියංගණ පදියතලා පාරේ, කෝවිල්යාය, හබරවැව ගම්මානයේ ළිදකට වැටුන  වන අලියෙකු ප්‍ර දේශයාසීන් හා වනජීවි නිළධාරින්  මහත් පරිශ්‍රමයෙන්  අද...

වන අලියෙකු පහරදී හම්බන්තොටදී අයෙක් මරුට

  හම්බන්තොට මත්තල ගුවන්තොටුපොළ මාර්ගයේ පන්වැව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුදගලයෙකු මියගොස් තිබේ25 වනදා අලුයම 02 ට පමණ වන...

වර්ෂාව සහ දැඩි සුළං සහිත තත්ත්වයත් සමඟ ඇතිවූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයින් 1146 දෙනෙකු බලපෑමට ලක්ව තිබෙන බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළේ මියනගොල්ල ග්‍රාම නිලධාරී වසමේ වසමේ 70 හැවිරිදි පුද්ගලයෙකු අධික වර්ෂාවත් සමඟ ඇති වූ පස්කදු කඩා වැටීම හේතුවෙන් මියගොස් ඇත.

ආපදා තත්ත්වයේ වැඩිම බලපෑම මහනුවර පස්බාගේ කොරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට සිදුව තිබෙන අතර එහි ග්‍රාම නිලධාරී වසම් 07 ක පවුල් 256 කට අයත් පුද්ගලයන් 1104 ‍දෙනෙකු පීඩාවට ලක්ව තිබේ.

ආපදාවට ලක්වූ අය සඳහා අවශ්‍යය සියලු සහන සපයන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇත.

මස්කෙලිය මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු තුනක් හා ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් ඊයේ (11) පෙරවරුව වන විට විවෘතව තිබූ බව ජලාශය භාර ඉංජිනේරුවරු පැවසූහ.

මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කිරිමත් සමඟ ඊට පහළින් පිහිටි කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් සහ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක්ද විවෘත කර ඇති බවත් ජලාශ තුනේම වාන් දොරටු විවෘත කර ඇති නිසා කැලණි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව නුවරඑලිය ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකොන් මහතා පැවසිය.
මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමග කැනියොන්,ලක්ෂපාන,නව ලක්ෂපාන හා සමනල යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම අයුරින් සිදු කරන බව එම ජල විදුලි බලාගාර ඉංජිනේරුවරු පවසති.

අධික වර්ෂාවත් සමඟ මධ්‍යම කඳුකරයේ පිහිටි ඩෙවෝන් හා සෙන්ඩ්ක්ලෙයාර් දිය ඇළ සක්‍රීය වී තිබේ.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

නොමිලේ සිසුන්ට ඔන් ලයින් උගන්වන ඉංජිනේරු මහත්තයා

  වෘත්තීය අයිතීන් ඉල්ලා  සටන් බිමට ගුරුවරුන් බැස සිටින වකවානුවක දරුවන්ට  අධ්‍යාපනය ඉල්ලා සිසු දරුවන්ගේ දෙමාපියන් අදෝනා නගන කාලයක...
- Advertisement -

More Articles Like This

- Advertisement -