32 C
Colombo
Tuesday, July 27, 2021
- Advertisement -

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටියදි මියගිය දැරිය සම්බන්ධයෙන් සධාරණ පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා විරෝධතාවයක්

Must Read

නොමිලේ සිසුන්ට ඔන් ලයින් උගන්වන ඉංජිනේරු මහත්තයා

  වෘත්තීය අයිතීන් ඉල්ලා  සටන් බිමට ගුරුවරුන් බැස සිටින වකවානුවක දරුවන්ට  අධ්‍යාපනය ඉල්ලා සිසු දරුවන්ගේ දෙමාපියන් අදෝනා නගන කාලයක...

ලිදේ වැටී තුවාළ වු වන අලියා පශුවෛද්‍යවරු නොමැතිකමින් ප්‍රථිකාර නොකර තුවාළ සහිතව කැළයට පලවා හැරේ

   මහියංගණ පදියතලා පාරේ, කෝවිල්යාය, හබරවැව ගම්මානයේ ළිදකට වැටුන  වන අලියෙකු ප්‍ර දේශයාසීන් හා වනජීවි නිළධාරින්  මහත් පරිශ්‍රමයෙන්  අද...

වන අලියෙකු පහරදී හම්බන්තොටදී අයෙක් මරුට

  හම්බන්තොට මත්තල ගුවන්තොටුපොළ මාර්ගයේ පන්වැව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුදගලයෙකු මියගොස් තිබේ25 වනදා අලුයම 02 ට පමණ වන...

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ කොළඹ, බොරැල්ලේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් මිය බව කියන බාල වයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන නීතියේ හමුවට පමුණුවන ලෙස ඉල්ලමින් කම්කරු ජාතික සංගමයේ පිරිසක් අද (21) දා හැටන් නගරයේදී විරෝධතාවයක නිරත වූහ.
මෙම සිද්ධියෙන් රෝහල් ගතකර සටියදී මිය ගොස් ඇත්තේ ඩයගම වතුයායේ, අංක 03 කොටසේ පදිංචිව සිටි (16) හැවිරිදි ජූඩ් කුමාර් ඉසාලිනී නැමති දැරියකි.


උද්ඝෝෂණයට එක්ව සිටි පිරිස විරෝධතා පුවරු අතැතිව හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ, දුම්රියපළට ඉදිරිපස මාර්ගයේදී විරෝධතාවයේ නිරත වූහ.
උද්ඝෝෂණයට එක්ව සිටි නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, කම්කරු ජාතික පෙරමුණේ නායක පළණි දිගාබරන් මහතා මෙසේ කියා සිටියේය.


“ රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි බාල වයස්කර දැරිය ගිනි තබාගෙන මිය ගියාද? නැතිනම් ගිනි තබුවාද සත්‍ය තොරතුරු අනාවරණය කර ගත යුතුයි. මෙය ප්‍රථම සිදුවීම නොවෙයි. මීට පෙරත් මෙවැනි සිදුවීම් වාර්තා වී තිබෙනවා.අපි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාට පැමිණිළි කළා මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් කරලා වැරදි කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස. බොරැල්ල පොලීසිය ගැන අපිට විහ්වාසයක් නෑ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කීවා වෙනම කණ්ඩායමක් පත් කරලා මේ ගැන පරීක්ෂණ සිදු කරන බව. අපි දේශපාලනයට ආව දවසේ සිට කියනවා ගෙවල් වල ළමයින් වැඩට යවන්න එපා කියල. ආර්ථික ප්‍රශ්න සැමට තිබුණත් හැමෝම එහෙම කරන්නේ නෑ. මෙහෙකර සේවයට ළමයි රැගෙන යන බ්‍රෝකර්ලා ඉන්නවා. ඒ අයට ගහල එළවන්න ඕන. අපේ කට්ටියට කියනවා ඒ වගේ බ්‍රෝකර්ලාට ගහලා එළවන්න කියල. අපි ආණ්ඩුවටත් කියනවා මෙවැනි දේවල් ඉදිරියට සිදු නොවිය යුතුයි කියල. අපි පොලිස්පතිතුමාට කියනවා මේ ගැන විධිමත් පරීක්ෂණයක් කරලා වැරදි කරුවන්ට දඬුවම් දෙන්න කියල.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.උදයකුමාර්, හිටපු පලාත් සභා මන්ත්‍රීවරුන් වන ශ්‍රීධරන්, රාජාරාම්, හිටපු නාගරික මන්ත්‍රීවරුන් හා කාන්තා සංවිධානවල නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

නොමිලේ සිසුන්ට ඔන් ලයින් උගන්වන ඉංජිනේරු මහත්තයා

  වෘත්තීය අයිතීන් ඉල්ලා  සටන් බිමට ගුරුවරුන් බැස සිටින වකවානුවක දරුවන්ට  අධ්‍යාපනය ඉල්ලා සිසු දරුවන්ගේ දෙමාපියන් අදෝනා නගන කාලයක...
- Advertisement -

More Articles Like This

- Advertisement -