32 C
Colombo
Tuesday, July 27, 2021
- Advertisement -

අසාධ්‍ය රෝගීන්ට හුස්ම දෙන්න මැලේසියාවෙන් ලංකාවේ රෝහල් 30 කට වෛද්‍ය උපකරණ

Must Read

නොමිලේ සිසුන්ට ඔන් ලයින් උගන්වන ඉංජිනේරු මහත්තයා

  වෘත්තීය අයිතීන් ඉල්ලා  සටන් බිමට ගුරුවරුන් බැස සිටින වකවානුවක දරුවන්ට  අධ්‍යාපනය ඉල්ලා සිසු දරුවන්ගේ දෙමාපියන් අදෝනා නගන කාලයක...

ලිදේ වැටී තුවාළ වු වන අලියා පශුවෛද්‍යවරු නොමැතිකමින් ප්‍රථිකාර නොකර තුවාළ සහිතව කැළයට පලවා හැරේ

   මහියංගණ පදියතලා පාරේ, කෝවිල්යාය, හබරවැව ගම්මානයේ ළිදකට වැටුන  වන අලියෙකු ප්‍ර දේශයාසීන් හා වනජීවි නිළධාරින්  මහත් පරිශ්‍රමයෙන්  අද...

වන අලියෙකු පහරදී හම්බන්තොටදී අයෙක් මරුට

  හම්බන්තොට මත්තල ගුවන්තොටුපොළ මාර්ගයේ පන්වැව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුදගලයෙකු මියගොස් තිබේ25 වනදා අලුයම 02 ට පමණ වන...

කොවිඩ්  ආසාදිතවී රෝහල්ගතව අසාධ්‍ය  තත්වයේ ප්‍රතිකාර ලබන රෝගීන් ගේ හුස්ම  ගැනීම සදහා  පෙනහළු පහසුකර කරවීමේ වෛද්‍ය උපකරණ යන්ත්‍ර තිහක් මෙරට  රෝහල් තිහක් සඳහා පරිත්‍යාග කිරීමට  මැලේසියාවේ ව්‍යාපාරිකයෙකු  විසින් මෙරටට ඒවා තිබේ

මැලේසියාවේ  වැඩසිටින ශ්‍රී  සරණංකර නා හිමියන් හරහා එම  වෛද්‍ය උපකරණ යන්ත්‍ මෙරටට එවා තිබේ.

 ඒ අනුව විශාල වටිනාකම්කින් යුත් හුස්ම ගැනීමේ පහසු  කරවන මෙම යන්ත්‍ර දිවයිනේ රෝහල් වලට පරිත්‍යාග කිරීම්  මෙරට හා මැලේසියාවේ   ක්‍රියාත්මක මහා කරුණා පදනම හා  ශ්‍රී සරණංකර පදනම මගින්  සිදු කරති.

ශ්‍රී  සරණංකර පදනමේ  මහා ලේඛකාධිකාරී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අන්තර්ජාතික අධ්‍යාපන අංශයේ කථිකාචාර්ය කුණ්ඩසාලේ සුභාග්‍ය   භික්ෂුණීන් වහන්සේ මෙන්ම  මහා කරුණා පදනම නියෝජනය කරමින් ආචාර්ය කිරින්දේ චන්දරතන හිමියන් ඇතුළු  කණ්ඩායමක් මෙම ෛවද්‍ය  උපකරණ පරිත්‍යාග කිරීම් සිදු කරති.

 ඒ අනුව දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලට එවැනි යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කිරීම 21 දින පස්වරුවේ සිදු කෙරිණි.

 මැලේසියාවේ මහා කරුණා පදනම නිර්මාතෘ  මැලේසියාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක බූටෑවත්තේ  සරණංකර නාහිමියන් වෙත එරට ව්‍යාපාරිකයෙකු වූ ජි .සි .නිහෝ (G .C . Neoh  ) නැමැති මහතා  විසින්  මෙම පරිත්‍යාගය සිදුකර තිබෙන බවත් මීට පෙර සිටම විශාල වසශයෙන්  මෙරටට මැලේසියාවේ හරහා උදව් උපකාර රැසක්  සිදුකරමින් තිබෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අන්තර් ජාතජාතික අධ්‍යාපන අංශයේ කථිකාචාර්ය කුණ්ඩසාලේ සුභාග්‍යා  භික්ෂුණීන් වහන්සේ වූවාය.

 දඹුල්ල උරුමය  සුරැකීමේ සංවිධානයේ ලේකම් වසන්ත කුමාර  රාජමන්ත්‍රී මහතා මුහුණු පොතේ සටහනක් දැක  මෙම වෛද්‍ය උපකරණ දඹුල්ල රෝහලට ලබා දෙන ලෙස සිදුකරන ලද ඉල්ලීමක් අනුව දඹුල්ල මූලික රෝහල වෛද්‍ය  අධිකාරිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය  වෛද්‍ය  උපකරණ ලබා ගැනීම සඳහා  මැදිහත් වූ බවත් ඒ අනුව මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වූ සිසිර වික්‍රමසේකර මහතා ගේ මැදිහත් වීම හරහා මෙම සුවිශාල වූ කාර්යය සිදු කෙරෙන බව දඹුල්ල අතුපාරයාය ශ්‍රී බෝධි බෝධිරුක්ඛාරාම අධිපති අලුත්ගම උපනන්ද  හිමියෝ පැවසූහ.

 මෙම උපකරණ ජීව  දානයත් හා සමාන බවත් හුස්ම ගැනීමට නොහැකිව පෙනහළු අකර්මණ්‍ය වන  අවස්ථාවකදී මෙම වෛද්‍ය උපකරණයෙන් රෝගියෙකු නැවත පණ ගැන්වීමට හැකියාව තිබෙන නිසා මෙරට රෝහල් 30 කට   උපකරණ තිහක් පරිදි පරිත්‍යාග කිරීම් තුළින් විශාල ජනතාවකට ජීවත් කර කරවීමට හැකියාව පවතින බව කුණ්ඩසාලේ සුභාග්‍යා  භික්ෂුණීන් වහන්සේ පැවසුවාය.

 රටට පමණක් නොව මුළු  ලෝකයම දැඩි ලෙස  දැනෙන අවස්ථාවක මහජනතාවගේ වගකීම් පරිසමව   සිටීම බවත් එහෙත් යමක් කමක් සිද්ධ කරගැනීමට හැකි අය වාද භේද දුරලා තමන්ට හැකි ආකාරයෙන් මිනිසුන් ජීවත් කරවීම සඳහා ෛවද්‍ය අංශවලට සහයෝගය උදව් කිරීම යුගයේ  අවශ්‍යතාවයක් බව භික්ෂුණීන් වහන්සේ අනුශාසනාවක් පවත්වමින් වැඩිදුරටත් සඳහන් කළාය.

 ඡායාරූපයෙන් දැක්වෙන්නේ  දඹුල්ල රෝහලට ලැබුණු වෛද්‍ය උපකරණ දෙක කිරින්දේ චන්දරතන හිමියන් පේරාදෙණිය විශ්ව  විශ්වවිද්‍යාලයේ අන්තර් ජාතික අධ්‍යාපන අංශයේ කථිකාචාර්ය කුණ්ඩසාලයේ සුභාග්‍යා  භික්ෂුණින් වහන්සේ  සිසිර වික්‍රමසේකර මහතා විසින් අතුපාරයාය ශ්‍රී බෝධි බෝධිරුක්ඛාරාම අධිපති දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව දිස්ත්‍රික් මූලික රෝහල රෝහල්  සංවර්ධන කමිටුවේ අනුශාසක අලුත්ගම උපනන්ද  හිමියන්  දඹුල්ල  මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ගාමිණී විමලසේන මහතා දඹුල්ල උරුමය සුරැකීමේ සංවිධානයේ ලේකම් වසන්ත කුමාර රාජමන්ත්‍රී යන මහත්වරු ඇතුළු රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩලය වෙත පරිත්‍යාග කළ අවස්ථාව වේ.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

නොමිලේ සිසුන්ට ඔන් ලයින් උගන්වන ඉංජිනේරු මහත්තයා

  වෘත්තීය අයිතීන් ඉල්ලා  සටන් බිමට ගුරුවරුන් බැස සිටින වකවානුවක දරුවන්ට  අධ්‍යාපනය ඉල්ලා සිසු දරුවන්ගේ දෙමාපියන් අදෝනා නගන කාලයක...
- Advertisement -

More Articles Like This

- Advertisement -