32 C
Colombo
Saturday, September 18, 2021
- Advertisement -spot_img

බදියුදීන්ගේ බිරිඳ, ඇයගේ සහෝදරයා ඇතුළු සිව්දෙනා අද අධිකරණයට

Must Read

දැරියක් මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සීම් තුවාල ලබා මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ ඇතුළු තිදෙනා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කර තිබේ.

ඊයේ (23) පස්වරුවේ ඔවුන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කළ අතර අද (24) ඔවුන්ව කොළඹ අලුත්කඩේ අංක 02 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

16 හැවිරිදි එම දැරිය පිළිස්සී මියයෑමේ සිද්ධියට අදාළව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ, ඇයගේ පියා සහ දැරිය නිවසට රැගෙන ආ තැරැව්වරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී මන්ත්‍රීවරයාගේ නිවසේ මීට පෙර මෙහෙකාර සේවයේ යෙදී සිටි දැනට 22 හැවිරිදි වියේ පසුවන තරුණියක්ද අවස්ථා දෙකකදී දූෂණයට ලක්වී ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබුණි.

මේ සම්බන්ධයෙන් පොලීසිය විසින් මන්ත්‍රීවරයාගේ බිරිදගේ සහෝදරයෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහුව ද අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img

Latest News

නිරෝධායන ඇඳිරිනීතිය යළි දීර්ඝ කෙරේ

දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් මස 01 වනදා දක්වා දීර්ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.ට්විටර් පණිවිඩයක්...
- Advertisement -spot_img

More Articles Like This

- Advertisement -spot_img