32 C
Colombo
Saturday, September 18, 2021
- Advertisement -spot_img

ලග්ගල වී ගොවීන්ගේ අදෝනාව

Must Read

ගොවියෝ කබලෙන් ලිපට

 මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල සහ විල්ගමුව ගොවිජන සේවා බල ප්‍රදේශයවල වී අස්වැන්න නෙළීම මේ දිනවල ආරම්භ කොට ඇතත් අස්වැන්න සියයට හැටකින් 70 කින් පමණ පහත වැටීම නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන් වලට පත්ව ඇතැයි පවසති.

  ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් සහතික බීජ මිලදී ගෙන වගා කෙරුණු විල්ගමුව ප්‍රදේශයේ වි වගාව පුරුක්  පණුවන්ගෙන් කොළ හකුළන දළඹුවන් ගෙන් මෙන්ම කීඩෑවන් ගෙන් විශාල වශයෙන් හානි වී තිබෙන බවත් වී වගාවේ තණකොළ වැවීම නිසා මෙම අස්වැන්න අඩුවී ඇති බව ගොවීහු පෙන්වා දෙති.

වගාබිම්  ඈත සිට දිස් වෙද්දි ඉතා සාර්ථක වගාවක් සේ දක්නට හැකි ය  එහෙත් වගාව ආසන්නයට ගොස් සොයා බලද්දී ඉතා විශාල වශයෙන් වී කරල් බොල්  වී ඇති අයුරු ගොවීහු පෙන්වා දෙති.

 කෙසේවෙතත් ගොවිජනතාව කියා සිටින්නේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් ලබාදුන් බීජ නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවය, ඇතැම් කරල් වල  ඉතා සීමිත වී අස්වැන්නක් ලැබීම මෙන්ම විවිධ වී වර්‍ග තම වගාවේ රෝපණය වීම නිසා මෙම බරපතළ තත්ත්වය උදාවී තිබෙන බවත් වෙනදා ලබාගත් වී  අස්වැන්නෙන් සමග සසඳා බැලීමේදී මෙවර තමන්ට කැඳ උගුරක් හෝ බීමට වී ඇටයක් නිවසට ගෙන්වා ගැනීමට නොහැකි වන බව ඔවුහු පෙන්වා දෙති

  මාතලේ විල්ගමුව හඳුන්ගමුව ප්‍රදේශයේ පදිංචි වී ගොවියකු වූ චමින්ද බණ්ඩාර මහතා සිය වගා භූමියේ ඇති බොල්වී පෙන්වමින් කියා සිටියේ මෙම වී වලින් කිසිදු පලක් නොවන බව ය .ගොවිජන සේවා දෙපාර්තමේන්තු මගින් කිසිදු උපදෙසක් ලබා නොදුන් බවත් වෙළඳපොලේ ඇති වෙනත් රසායනික ද්‍රව්‍ය ද අසාර්ථක වී ඇති බව ය .පැල කාලයේ සිටම නිලධාරීන්ට දැනුම් දුන්නද  ඒත් පලක් නොවූ තැන අස්වැන්න නෙලීම සිදු කරන අවස්ථාවේදී ජනමාධ්‍ය හරහා හෝ වගකිවයුතු බලධාරීන්ගේ අවධානය ඒ කෙරේ යොමු කරවීම තම අරමුණ බව ද සඳහන් කළේය.

 විල්ගමුව හඳුන්ගමුව ප්‍රදේශයේ  අඳ ගොවීන් කියා සිටියේ තම වගාව සම්පූර්ණයෙන් ම වෙනත් කැලෑවන් පැළෑටි නිසා විනාශ වී ඇති බව ය. සීසෑමට නියර  බැඳීමට මෙන්ම අස්වනු නෙලීම් සඳහා ද විශාල මුදලක් වියදම් වන බවත් එහෙත් එම වියදම හෝ පියවා ගැනීමට නොහැකිව තම කුඹුරු හිමියාට අඳය  ලබාදීමට නොහැකි වී ඇති බව ය.

 එම නිසා අඳය වෙනුවට තම බිරිඳ ලබා දීමට සිදුවන බව ද එම ගොවියා දැඩි වේදනාවෙන් යුතුව අප සමග පැවසූහ.

  විල්ගමුව ලග්ගල ප්‍රදේශවල  බොහෝ දෙනෙක් කාබනික වගාව සිදු කර තිබේ .ලග්ගල ප්‍රදේශයේ මීට වසර ගණනාවකට ඉහත සිටම කාබනික වී වගාව සිදු කරමින් සිටින බව එහි ගොවියකු වූ රංජිත් කුමාර මහතා  පැවසීය

 වී අස්වැන්න මෙවර අසාර්ථක වී තිබෙන බවත් කරුණාකර රජයේ නිලධාරියෙකු හෝ මේ පිළිබඳව දන්නා කියන අයෙකු තම කාබනික වගා බිම්ට පැමිණ සාර්ථක වී අස්වැන්නක් ලබාගන්නා ක්‍රමය කියා දෙන්නැයි ඉල්ලා සිටිති .එමෙන්ම ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අනුව තමන්ට සිදුව ඇති පාඩුව ගණනය කොට ඒ සඳහා වන්දි මුදල ලබා දෙන්නැයි ද රංජිත් මහතා වැඩිදුරටත් රජයෙන් ඉල්ලීමක් කර සිටියේය.

 මේ දිනවල වී අස්වැන්න නෙළන අතර ඇතැම් ගොවීන් වී වගාව අස්වනු නෙළා ඒ සඳහා යොදා ගන්නා භූතයාට මුදල ලබාදීමට වත් වී නොමැති බව පෙන්වා දෙති

 එම නිසා බිත්තර වී ලබා ගත් ගොවිතජන සේවා දෙපාර්තමේන්තුව මෙම බිත්තර වී ලබා දුන් ආකාරයත් ඇත්ම්විට ඉතා සූක්ෂම ලෙස ගොවීන් විනාශ කිරීම් සඳහා හෝ රජය ගෙනයන යන මෙම කාබනික වැඩසටහන අසාර්ථක කිරීම සඳහා  ක්‍රියාත්මක වූයේද යන්න පරීක්ෂණයක් පවත්වන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් ද කර සිටිති.

- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img

Latest News

නිරෝධායන ඇඳිරිනීතිය යළි දීර්ඝ කෙරේ

දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් මස 01 වනදා දක්වා දීර්ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.ට්විටර් පණිවිඩයක්...
- Advertisement -spot_img

More Articles Like This

- Advertisement -spot_img