32 C
Colombo
Saturday, September 18, 2021
- Advertisement -spot_img

නොමිලේ සිසුන්ට ඔන් ලයින් උගන්වන ඉංජිනේරු මහත්තයා

Must Read

  වෘත්තීය අයිතීන් ඉල්ලා  සටන් බිමට ගුරුවරුන් බැස සිටින වකවානුවක දරුවන්ට  අධ්‍යාපනය ඉල්ලා සිසු දරුවන්ගේ දෙමාපියන් අදෝනා නගන කාලයක ඉංජිනේරු මහත්මයෙක් නොමිලේ ශීෂ්‍යත්ව පංති  ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීමේ පුවතක් තිස්සමහාරාමය වීරවිල  ප්‍රදේශයෙන් වාර්තා වේ. 

  හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගොඩනැගිලි ඉංජිනේරුවරයා වශයෙන් සේවය කරන   ඩබ්.ජී සමීර ඉඳුනිල් මහතා මෙම සත්කාර්යට දායක වී සිටි.

  දෙබරවැව ජනාධිපති විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද සමීර මහතා උසස් අධ්‍යාපනය දෙබරවැව ජාතික පාසලෙන් ලබා විශ්ව විද්‍යාලයට ප්‍රවේශ වී ඉංජිනේරු වරයෙක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර් යාලයේ සේවයෙහි යෙදී සිටිමින් වීරවිල සිය නිවසේ සිට මෙම මාර්ග ගත අධ්‍යාපනය ලබාදීම දරුවන්ට සිදු කෙරේ..

ඉංජිනේරු   ඩබ්.ජී සමීර ඉඳුනිල් මහතා

  ඉංජිනේරු වරයෙක් ලෙස දරුවන්ට ඉගැන්විම ආරම්භ කලේ ඇයි දැයි ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වූයේ,

  මම මේ කාර්ය ආරම්භ කලේ කිසිදු වෘත්තියක් හෑල්ලුවට ලක් කිරීමට හෝ ඒ අයට බලපෑම් කිරීමට නොවෙයි. නිදහස් අධ්‍යාපනයෙන් පාසලේ ගුරුවරුන්ගෙන් ඉගන ගත් මා අද ඉංජිනේරු වරයෙක් වශයෙන් රටට සේවය කරනව. මේ අවස්ථාවේ දී කොවිඩ් වසංගත රෝගි තත්ත්වය හමුවේ මේ රටේ පාසල් වසා ඇති අවස්ථාවක දරුවන්ට අධ්‍යාපනය ලැබෙන මාර්ග සියල්ල නතර වී තිබෙනව.

   මගේ දරුවත් මෙවර පහ වසර ශීෂ්‍යත්ව විභාගයට පෙනී සිටිනව. මා ලද දැනුමෙන් මාගේ දරුවාට යම් දෙයක් කියා දීමට මා හට හැකියාවක් ඇති හෙයින් එය දරුවාට සිදු කරනව විට අහල පහල දරුවන් කිහිප දෙනෙක්.  සම්බන්ද වුනා ඊට පස්සේ කොවිඩ් වසංගත තත්ත්වය ඇති වී පාසල් වසා දැමීම සිදු කලා.  2021 මාර්තු මාසයේ සිට මම ඔන්ලයින් යටතේ දරුවන්ට ඉගැන්වීම ආරම්භ කලා කිසිම දරුවෙකුගෙන් මුදල් අය කරකරන්නේ නැහ. දැන් රටපුරා දරුවන් සම්බන්ද වී සිටිනව. ප්‍රශ්න පත්‍ර හදන්නේ මම ඒවා දරුවන්ට ලබදීම සිදු කරනව. ගුරුවරයෙකුගෙන්ද උපදෙස් ලබා ගන්නවා. ඒ සඳහා වියදම් සියල්ල මම දරනව. මම රාජකාරි කරන්න යන්න ප්‍රථම උදේ කාලයේ උගන්වනව. යළිත් සවස වැඩ ඇරී නිවසට පැමිණි පසු උගන්වනව. මගේ රැකියාවට  මෙය බාධාවක් කරගන්නෙත් නැහ.

   මම සතුටින් මෙය කරනව. දැන් මේ දිනවල දරුවන් පත් වී ඇති තත්ත්වය නිසා දරුවන් විශාල පිරිසක් මාර්ගගත ක්‍රමයට  සම්බන්ධ වීමට උත්සාහ ගන්නවා එහෙත් සූම් තාක්ෂනය ඔස්සේ යම් සීමිත පිරිසක් පමනක් සම්බන්ධ කර ගැනීමට හැකිවන හෙයින් විනාඩි  පහක් ඇතුලත සියල්ල සම්බන්ධ වෙනව. බොහෝ දරුවන් මැෂේජ් කරනව සම්බන්ධ කරගන්න කියල  ඒත් පුළුවන් විදියට මෙය දිගටම මම කරගෙන යනව.

- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img

Latest News

නිරෝධායන ඇඳිරිනීතිය යළි දීර්ඝ කෙරේ

දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් මස 01 වනදා දක්වා දීර්ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.ට්විටර් පණිවිඩයක්...
- Advertisement -spot_img

More Articles Like This

- Advertisement -spot_img