32 C
Colombo
Wednesday, October 27, 2021
- Advertisement -spot_img

කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ගත් වැදගත් තීරණ කිහිපයක්

Must Read

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීම පැවැත්විණි.

එහිදී ගත් විශේෂ තීරණ කිහිපයක් පහතින් දැක්වෙයි.

දැනට පවතින නිරෝධායන ඇඳිරිනීති කාලසීමාව සැප්තැම්බර් 06 දා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීම.

මෙතෙක් එන්නත ලැබී නැති වයස අවුරුදු 30ට වැඩි යම් පුද්ගලයෙක් හෝ ප්‍රදේශයක් වේ නම් ඒ බව දන්වා අවශ්‍ය එන්නත් ඉල්ලුම් කරන ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ව දැනුවත් කිරීම.

යම් කරුණක් හේතුවෙන් එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීමට නොහැකිවූ අයට දෙවන මාත්‍රාව ලබාදෙන ස්ථානයකදි එය ලබාගැනීමට අවස්ථාව දීම.

එන්නත ලබාගැනීම සඳහා ජනතාව උනන්දුකරවීමට ප්‍රාදේශීය දේශපාලනඥයන් කටයුතු කළයුතු බව.

වෛරසය පාලනය කරගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කළ වෛද්‍යවරු සහ සෞඛ්‍ය ප්‍රධානීන් නිරන්තර අවධානයෙන් කටයුතු කළයුතු බව.

වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට වෛරසය ආසාදනය වුවහොත් හැකි ඉක්මණින් රෝහල්ගත කළ කිරීම. 

කොවිඩ් ආසාදිතයෙකු නොවන සහ නිවසේ කිසිවෙකු නිරෝධායනයට ලක් නොවන පුද්ගලයෙකු මිය ගියහොත් දේහය පිළිබඳ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදුකිරීම.

- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img

Latest News

කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන් සියයට 27ක් ම(27%) කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අය.

කොවිඩ් එන්නත් ලබාගැනීමෙන් පසු  මියගිය 2345 දෙනෙක්  ලබාගත් එන්නත් පිළිබඳව තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නෑ  මෙරට කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන්...
- Advertisement -spot_img

More Articles Like This

- Advertisement -spot_img