32 C
Colombo
Wednesday, October 27, 2021
- Advertisement -spot_img

විදුහල් පතිට හයිය දෙන්න ආදී සිසුන්ගෙන් ශාන්ති කර්ම

Must Read

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජනප්‍රියම පාසලක නව විදුහල්පතිවරයා වෙනුවෙන් කාර්යාලයේ ශාන්තිකර්මයක් පවත්වා වස්දොස්  නිවාරණය කර ඇති බව වාර්තා වේ. නියෝජ්‍ය විභාග කොමසාරිස් ධූරයක් දරමින් සිටි හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකුද වූ නව විදුහල්පතිවරයා මෙම විද්‍යාලයේ විදුහල්පති ධූරය සඳහා වාර්තා කර ඇත්තේ, හිටපු විදුහල්පතිවරයාගේ ස්ථාන මාරු වීම සමගය. හිටපු විදුහල්පතිවරයාගේ සමයේ මෙම විද්‍යාලයේ සියලු අංශවල ගුණාත්මක පිරිහීමක් සිදු වීම නිසා ඔහු ස්ථාන මාරු කරන ලෙස ඉල්ලා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය දැඩි බලපෑමක් එල්ල කළ බවද වාර්තා වේ.

ඒ අනුව සිදු වූ හිටපු විදුහල්පතිවරයාගේ ස්ථාන මාරුවීමෙන් පසු පැමිණ වැඩ භාර ගත් නව විදුහල්පතිවරයාට ආදි ශිෂ්‍ය සංගමයේ නිලතල හොබවන පුද්ගලයන් දෙදෙනෙකු බණ්ඩාරවෙල නගරයේ ප්‍රසිද්ධ නිමි ඇඟලුම් අලෙවි සැළකින් පූර්ණ යුරෝපීය ඇඟලුම් කට්ටලයක් මිලට ගෙන ලබා දී ඇත්තේ පාසලට ඇඳීම සඳහා වන බව වාර්තා වන අතර විදුහල්පතිවරයා සේවයට වාර්තා කරන දිනයේ, බැනර් ප්‍රදර්ශනය කර භේරී නාද මධ්‍යයේ ඔහු පිළිගැනීමට කටයුතු යොදා තිබුණි.

අනතුරුව විදුහල්පතිවරයා ලැගුම් ගන්නා නිල නිවසට නිදන ඇඳන් දෙකක්, සෝපාවක් සහ රුපියල් 89900ක් වටිනා ශීතකරණයක්ද ලබා දීමට ආදි ශිෂ්‍ය සංගමයේ නිලතල හොබවන පිරිසක් ක්‍රියා කර තිබේ. මේ වැඩපිළිවෙලෙහි නවතම පියවර වන්නේ, විදුහල්පතිට භූත දෝෂවලින් තොරව රාජකාරි කිරීමට අවශ්‍ය වාතාවරණය සකසා දීම සඳහා භූතයන් එළවීමට ශාන්තිකර්මයක් සිදු කිරීමයි.  වැඩිවිය පැමිණි දැරියක් නාවා ගෙට ගන්නා අන්දමට සුදු පිරුවටයකින් හිස වසාගත් පුද්ගලයෙකු ශාන්තිකර්මය සිදු කර පොල් බිඳ විදුහල්පතිට සෙත් පතා තිබේ. 

වාර්ෂිකව වෛද්‍ය හා ඉංජිනේරු පීඨ ඇතුළුව විද්‍යා විෂයයන් හැදෑරීම සඳහා වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලය වෙත යොමු කරන මෙම විද්‍යාලය ආචීර්ණකල්පික ගෝත්‍රික යුගයකට නැවත අවතීර්ණ වීම කනගාටුදායක බව ඉන් උගත් ආචාර්ය මහාචාර්ය පදවි දරන විද්‍යාර්ථීහූ ප්‍රශ්න කරති. ඒ අතර පුරවැසියන් විමසන්නේ රජයෙන් වැටුප් ලබන විදුහල්පතිවරයෙකු පාසලක ආදි ශිෂ්‍ය සංගමයෙන් යැපෙන්නෙකු බවට පත් වීම ඛේදවාචකයක් සහ නින්දාවක් නොවේද යන්නයි.  එසේම ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් ලබා දුන් ඇඳුම් හැඳ, ඔවුන්ගේ ඇඳක නිදා ගෙන, ඔවුන්ගේම ශිතකරණයක අයිස් කැට දැමූ විස්කි බී විදුහල්පතිවරයා හිතට එකඟව රාජකාරි කරන්නේ කෙසේද යන්න සහ අදාල ආදි ශිෂ්‍යයන් ගසන පදයට නැටීමට සිදු වන්නේ නැතිද යන්න පුරවැසියෝ විමසති. විද්‍යාලයක දියුණුවට කැපවීම ආදි ශිෂ්‍ය සංගමයක යුතුකම වන නමුත් රජයේ සේවකයෙකු වන විදුහල්පතිට වරදාන වරප්‍රසාද ලබා දීම අධ්‍යාපන ක්ෂේත්‍රය වෙලා ගෙන ඇති දූෂණවලට දිරිදීමක් බවද ඔවුහු පෙන්වා දෙති. 

- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img

Latest News

කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන් සියයට 27ක් ම(27%) කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අය.

කොවිඩ් එන්නත් ලබාගැනීමෙන් පසු  මියගිය 2345 දෙනෙක්  ලබාගත් එන්නත් පිළිබඳව තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නෑ  මෙරට කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන්...
- Advertisement -spot_img

More Articles Like This

- Advertisement -spot_img