32 C
Colombo
Wednesday, October 27, 2021
- Advertisement -spot_img

නිදැල්ලේ සිටි භානුට යලිත් විලංගු

Must Read

 ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ සිටින, අලි පැටවුන් 13 දෙනෙකු නඩු භාණ්ඩ සන්තකයේ තිබූ අය වෙත නැවත භාර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝග කිරීමත් සමඟ එම අලින්ගේ භාරකරුවන් බව පවසන පිරිස් එම වන අලින් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙන් රැගෙන යමින් තිබේ.

 ඒ අනුව වන අලින් කිපදෙනෙකු පසුගිය දින කීපය තුලදී මේ ආකාරයෙන් රැගෙන යන ලදී. ඒ අතර අද(14)  දින මේ ආකාරයෙන් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් රිදියගම සෆාරි උද්‍යානයේ සිටි කතරගම දේවාලයට අයත් බව කියන  ”භානු” නමැති වයස අවුරුදු 17ක් පමණ වන අලියා රැගෙන යාමට අලියාගේ වර්තමාන භාරකාරත්වය හිමි  කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා කටයුතු කර තිබේ.

 2015 වසරේදී පමණ නිතිවිරෝධිව සන්තකයේ තබා ගත් වන අලින් අත්අඩංගුවට ගැනීමේදී මෙම වන අලියා ද අත්අඩංගුවට ගෙන ඇති අතර මුල් කාලීනව පින්නවල අලි අනාතාඝාරයේ රඳවා තිබී ඇති අතර 2019 වර්ෂයේ සැප්තැම්බර් 07 වන දින රිදියගම සෆාරි උද්‍යානය වෙත රැගෙන විත් මේ දක්වා එහි සිට තිබේ.

 කෙසේ නමුත් වන අලියා රැගෙනයාමට ලොරිය වෙත පැටවීමට යන අවස්ථාවේ වන අලියා ඒ සඳහා කැමැත්තක් නොදක්වන බව වීඩියෝ දර්ශන මගින් පෙනී යන දෙයකි.

 මේ ආකාරයෙන් වන අලින් ලබාදීම සම්බන්ධයෙන්  පරිසර සංවිධාන දැඩි විරෝධය පළකර තිබේ.

- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img

Latest News

කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන් සියයට 27ක් ම(27%) කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අය.

කොවිඩ් එන්නත් ලබාගැනීමෙන් පසු  මියගිය 2345 දෙනෙක්  ලබාගත් එන්නත් පිළිබඳව තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නෑ  මෙරට කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන්...
- Advertisement -spot_img

More Articles Like This

- Advertisement -spot_img