32 C
Colombo
Wednesday, October 27, 2021
- Advertisement -spot_img

ථුපාරාම දාගැබෙන් සොරාගත්  කිලෝ 22 ක් බුදුපිළිමය රු ලක්ෂ 60 කට විකිණීම කොටු කරගත් හැටි .

Must Read

  ථූපාරාම දාගැබ්න් නිදන් කොට තිබියදී  සොරාා ගන්නා ලද බව කියන කිලෝ විසිදෙකක් බර බුදු පිළිමයක් රුපියල් ලක්ෂ හැටකට අලෙවි කිරීම්ට සූදානම් වෙද්දී පුද්ගලයන් තිදෙනකු කහටගස්දිගිලිය  දිවුල්වැව පොලිස් බල ප්‍රදේශයේ  කෝමාරිකාවල ප්‍රදේශයේ  නිවසකදී  09 දින පස්වරුවේ  අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි .

 සංවිධානාත්මක කණ්ඩායමක් ඉතා සූක්ෂම ලෙස නිදහන් වලින් ලබාගත් බව කියන බුද්ධ ප්‍රතිමා වහන්සේලා අලෙවිකරන බවට  ශ්‍රී ලංකා පොලීසියට අනියුක්ත කන්තලේ පොලීසියේ විශේෂ කාර්යාංශ ඒකකය  වෙත තොරතුරක් ලැබී තිබිණි ,ඒ අනුව තොරතුරු කරුවන් හරහා ගැනුම්කරුවන් බවට වෙස් වලාගත් පොලිසිය  දින ගණනාවක් තිස්සේ මෙම බුදු පිළිමය පිළිබඳව මිලගණන් කතා කරගෙන එය මිලදී ගැනීම් සඳහා දින වෙන් කට වෙස් ගත් පොලිස් කණ්ඩායමක්  විසින් මෙම වැටලීම් සිදු  සිදුකොට  බුද්ධ ප්‍රතිමා වහන්සේ සමඟ පුද්ගලයන් තිදෙනා මෙසේ අත්අඩංගුවට පත්විය.

කන්තලේ පොලිස්  විශේෂ කාර්යාංශ ඒකකයේ නිලධාරියෙකුට ලද මෙම  තොරතුරු සම්බන්ධයෙන් අනුරාධපුර පොලිස් විශේෂ කාර්යාංශ ඒකකයේ නිලධාරීන් දැනුවත් කොට මෝටර් රථ දෙකකින් ඉතා සූක්ෂම ලෙස මෙම සිද්ධිය සිදුවන දිවුල්වැව, මහපොතාන ,කෝමාරිකා වල ප්‍රදේශ්යට   09 දින පෙරවරුවේ පිටත්ව ගියහ .

 වෙස්වලාගත් පොලිස් කණ්ඩායම් දෙකක් දෙවිදිහකට  මෙම බුදු පිළිමය රැගෙන එන බව කියන කෝමාරිකාවල ප්‍රදේශි නිවස ආසන්නයට ගොස් පැය 7ක පමණ කාලයක් එම නිවස ආසන්නයේ  නිලධාරීන් රැඳී සිටීමට සිදු වූයේ බුදු පිළිමය අලෙවිකරණ ජාවාරම්කරුවන්ගේ සියලු සැක දුරු වෙන තුරුය.

ඔවුන් සැක දුරුකර ගැනීම සදහා විවිද උපක්‍රම භාවිතා කල අතර ඒ සියල්ලටම ඉතා ඉවසීමෙන් කටයුතු කිරීමට සිදු විය .

 ඒ අනුව බුදු පිලළිමය මිලදී ගැනීම සඳහා  වෙස්වලාගත් පොලිස් කණ්ඩායම සහ මාධ්‍යවේදීන් ද මහමග රැඳී සිටින අවස්ථාවන්හිදී දිවුල්වැව පොලිසියේ නිල ඇඳුම් හැඳගත් දෙදෙනෙකු මෙන්ම ස්ථාන ස්ථානාධිපතිවරයා යැයි කියා ගත් අයෙකු ද පැමිණ අවස්ථා කිහිපයක් පරීක්ෂාකොට අන්‍යතාවය පිළිබඳව සොයා බැලීමට දැඩි උත්සාහයක නිරත වීමද ද විශේෂත්වයකි.

 පසුව රුපියල් ලක්ෂ 60 ක මුදල ලබා දී බුදු පිළිම වහන්සේ රැගෙන යන්න යි   සැකකරුවන් පැවසීමත් සමඟ ඉස්කූටර් වර්ගයේ යතුරු පැදියක පාපුරුවේ තබාගෙන පැමිණි බුදුපිළිම වහන්සේ ගැනුම්කරුවන්ට බුදුන් වදින පුදන නිවසක් තුල පෙන්වීම්ත් සමඟ අතරමග රැඳී සිටි මුදල් සහිත මෝටර් රථයට ඇමතුමක් ලබාදී දිවුල්වැව පොලිසියට ආසන්නයේ නිවස  තුළදී   පුද්ගලයන්  තිදෙනාගේම දෑත් වලට මාංචු දැමීමට මුදල් රැගෙන  පොලිස් කණ්ඩායමට හැකි විය.

පොලිස් භාරයට ගැනුනු බුදු පිළිමය කිලෝ විසිදෙකක් බරැති අඟල් 18 ක් පමණ උසැති පැරණි බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ පෞරාණික වටිනාකම්කින් යුතු  පෙනුමක් පවතින  පොලිසිය කියයි.

  වීවිධ ප්‍රශ්න කිරීම් වලදී  මෙම පිරිස කියා සිටියේ මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ ථූපාරාමය දාගැබෙන් ලබාගත් එකක් නොව වෙනත් පුද්ගලයකු මාර්ගයෙන් ලබාගත් බුද්ධ ප්‍රතිමාව වහන්සේ නමක් බව ය

මෙම බුදු පිළිම වහන්සේ සහ පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගෙන දිවුල්වැව ප්‍රදේශ පොලිසියේ නිල ඇඳුම් හැඳගත් නිලධාරීන් මෙම මිලදීගැනීම ගැනීම සඳහා පැමිණි පුද්ගලයන් පරික්ෂා කිරීමට අවස්ථා කිහිපයක් උත්සාහ කිරීම පිළිබඳව වැටලීමට ගිය පොලිස්  නිලධාරීන්  සැකකරුවන්ගෙන්  ප්‍රශ්න කරන්නට විය.

 එම  සැකකරුවන් එක් අවස්ථාවක කියා සිටියේ පවතින සැක්ය නිසා  මාර්ගයේ ගමන් කරමින් සිටි පොලිස්  නිලධාරීන් එසේ පරික්ෂා කරන්නට ඇති  බවය දිවුල්වැව පොලිසියේ ස්ථානාධිපතිවරයා  හඳුනන නිසා සොයා බලන්නට ඇතැයි ද පැවසූ අතර නැවත ඔවුන් කියා සිටියේ එම පොලිස් නිලධාරින්ගේ කිසිදු  සම්බන්ධතාවයක් නොමැති බවය.

 අත්අඩංගුවට ගත් බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙන්ම සැකකරුවන් තිදෙනා    අනුරාධපුර  පොලිසිය  වෙත රැගෙන යෑමට මෝටර් රථයට දමාගන්නා අවස්ථාවේ පෙරවරුවේ  නිළ ඇඳුමෙන්  සැරසී පැමිණ පොලිස් කණ්ඩායම සහ ජනමාධ්‍යවේදීන් පරීක්ෂාකල දිවුල්වැව පොලිසියේ ස්ථානාධිපතිවරයා අනෙක් පොලිස් නිලධාරීන් දෙදෙනාද යතුරුපැදි වලින්  එම ස්ථානයට  අහම්බෙන් මෙන් පැමිනියහ .ස්ථානාධි පති වරයාට එවිට පසක් වුයේ පැමිණ ඇත්තේ පොලිසිය බව නිසා තමන් වෙන්ත්   රාජකාරියකට ගමන් කරන අවස්ථාවේ පැමිණි බව පවසමින් යතුරුපැදිවලින් පවනට බඳු වේගයෙන් පිටත්වන්නට වුයේ කාට හෝ බනවදිමින්වීම  විශේෂත්වයකි.

 මෙසේ අත්අඩංගුවට පත් වුයේ   නූර්දීන්  අජ්මුල්කාන් (43)  කනදරාව කටුකැලියාව ්‍ පදිංචි අයෙකු   සහබ්දීන් ඉර්ෆාන් (40) මුකිරියාව කහටගස්දිගිලිය ප්‍රදේශ්යේ පදිංචි අයකු හා   කාදර් තස්ලීම් (44) කයිපිටියාව පදිංචි අයෙකි .

මෙම පිරිස අනුරාධපුර පොලිසියේ පොලිස් කොට්ටාශ අපරාධ විමර්ශන  අංශය වෙත  භාර කෙරිණි .බුදු පිලිමය සොයාගගත් ආකාරය සහ විවිධ තොරතුරු මෙම පුද්ගලයන්ගෙන්  ප්‍රශ්න කරමින් සිටින බව පොලිසිය කියයි .

කන්තලේ පොලිස් විශේෂ කාර්යාංශ ඒකකයේ  පොලිස් සැරයන් 50483 හැරිසන් මහතාගේ තොරතුර අනුව අනුරාධපුර   පොලිස් විශේෂ කාර්යාංශ ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක කුලතුංග ,පොලිස් සැරයන් වරුන් වන 61334 අරවින්ද 23068 හේරත් පොලිස් කොස්තාපල් 13271 ජයසිංහ යන පිරිස වැටලීමට එක්වුහ .

- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img

Latest News

කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන් සියයට 27ක් ම(27%) කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අය.

කොවිඩ් එන්නත් ලබාගැනීමෙන් පසු  මියගිය 2345 දෙනෙක්  ලබාගත් එන්නත් පිළිබඳව තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නෑ  මෙරට කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන්...
- Advertisement -spot_img

More Articles Like This

- Advertisement -spot_img