32 C
Colombo
Wednesday, October 27, 2021
- Advertisement -spot_img

අද සිටින තරුණ තරුණියන් හොඳ පලපුරුදු වෘත්තීය නිපුනතාවයක් ඇති පිරිසක් බවට පත් කර 2030 දී ආයෝජකයින් බවට පත් කිරීම අපේ ඉලක්කයයි -අමාත්‍ය නාමල් රාජපක්ෂ

Must Read

   අද සිටින තරුණ තරුණියන් හොඳ පලපුරුදු වෘත්තීය නිපුනතාවයක් ඇති පිරිසක් බවට පත් කර ඔවුන් ව්‍යවසායකයින් ලෙසට පත් කර ඊලඟට ව්‍යාපරකයින් පවට පත් වීමෙන් පසු 2030 දී ආයෝජකයින් බවට පත් කිරීම අපේ ඉලක්කය බව තරුණ කටයුතු හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධිකරණ හා අධික්ෂණ අමාත්‍ය  , ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති     නාමල්  රාජපක්ෂ මහතා (14) හමබන්තොට දී කීය.

ඒ මහතා ‍මේ බව සඳහන් කලේ  රුපලාවන්‍ය ක්ෂේත්‍රයේ මනාලියන් හැඩ ගැන්වීමේ ශිල්පින්  සඳහා ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය මගින් NVQ 4- සහතික පත් ප්‍රථම වතාවට  RPL ක්‍රමය යටතේ ප්‍රධානය කිරීමේ  උත්සවයට සහභාගිවෙමිනි. උත්සවය  හම්බන්තොට සැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්විණි..

  රුපලාවන්‍ය ශේස්ත්‍රයේ ප්‍රවීනයන් වෙනුවෙන් මෙම NVQ -RPL සහතික පත් ප්‍රධානය කරනු ලැබූ අතර මෙම උත්සවය සඳහා රාජ්‍ය අමාත්‍ය සිතා අරඹේපොළ  මහත්මියද සහභාගී වූවාය.ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියේ  සභාපති තරංග නලීන් ගම්ලත් මහතා ද උත්සවයට එක්වී සිටියහ.

මෙහිදී අදහස් දැක් වූ අමාත්‍ය  නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීය,

 වෘත්තීය නිපුනත්වයෙන් යුතු තරුණ පරම්පාරාවක් මෙරට ඇති කිරීම අද අපට තිබෙන විශාල අභියෝගයකි. එමෙන්ම දේශිය සහ විදේශිය රැකියා වෙළඳ පොලට සරිලන ආකා‍රයේ සූදානම්වන  තරුණ තරුණියන් නිර්මාණය කල යුතුයි. මේ අභියෝගය ජයග්‍රහනය කිරීමට නම්  අපට තරුණ අමාත්‍යංශය පමනක් නොව විශේෂයෙන් අධ්‍යාපන අමාත්‍යංශය සමග එකට එක්වී  කටයුතු කල යුතු වෙනව. නිපුනතාවය කියන කාරණයේ දී නිපුනතාවයට රටේ තරුණ තරුණියන් රැගෙන එනවා මෙන්ම නිපුනතාවයක් ඇති  පලපුරුදු පිරිස් සඳහාද   දේශිය හා විදේශිය අවශ්‍යථාවය මත, පිළිගැනීමකට යටත් කල හැකි  වැඩ පිළිවෙලක් සකස් කිරීම සිදුකලයුතුයි.

 පලපුරුද්දෙන් ලබපු අත් දැකීමක් හෝ පලපුරුද්ද පිළිබඳ සහතික පත්‍රයක් තියනවාද යන්න අද බොහෝ තරුණ තරුණියන්ගෙන් අහන ප්‍රශ්නයක් බටහිර අධිරාජ්‍ය වාදීන් නිදහස අපට දීලා ගියාට මානසික නිදහස දීල ගියේ නැති නිසා සමාජය විසින් අහන ප්‍රශ්නයක් බවට මෙය පත් වී තිබෙනව.ප්‍රායෝගිකව යමක් කල හැකි අයට වෘත්තීය නිපුනත්වය පිලිබඳ පාඨ මාල සහතික නොමැති කම නිසා වෘත්තීය ගැටළු වලට මුහුන පෑමට සිදුවනව.නිපුනතා අමාත්‍යංශය මෙම ගැටළුවට විසඳුමක් ලෙසින් වෘත්තීය හැකියාව ඇති අයට  අවශ්‍ය නිපුනා සහතික පිරිනැමීමට කටුයතු කරනව. මෙය දේශිය වශයෙන් මෙන්ම විදේශිය වශයෙන්ද අපගේ දක්ෂතා ඇති අය ලෝකය ඉදිරියට ගෙන යෑමට හැකි අවස්ථාවක් ලෙස මෙය දකිනව. සමාජයෙන් ලබා ගත් කීර්ති නාමය මෙන්ම මෙම සහතිකය ලබා ගැනීමෙන් ජාතික හා ජාත්‍යයන්තර වශයෙන් ඔබ පිළිගැනීමට ලක්වෙනව.එන් .වී කියු සහතිකය ලබා ගැනීමට ඉදිරිපත් වීම තුල මේ රටේ බොහෝ  ක්ෂේත්‍ර වලට හොඳ පනිවිඩයක් ලැබෙනව. රූපලාවන්‍ය ක්ෂේත්‍රයට පමනක් නොව වෙනත් නිපුනතා ඇති රැකියා කරන සෑම අංශයකටම මෙය රැගෙන යෑමට කටයුතු කරනව.

ජනාධිපතිතුමගේ එකම ඉලක්කයද නිපුනතාවයෙන් යුතු තරුණ පිරිසක් මේ රටේ බිහි කරන්න .  ඉඳිකිරීම් අවසන් වෙමින් පවතින  හම්බන්තොට සිමෙන්ති කර්මාන්ත ශා‍ලාවේ රැකියා 1500 ක් උත්පාදනය වනව ඒ සියළුම රැකියා නිපුනතාවය මත පදනම් කරගත් රැකියා බවට පත්වෙනව.

 අපේ ඉලක්කය මේ රටේ දරුවන්ට දේශිය රැකියා වෙළඳ පොල වගේම විදේශිය රැකියා වෙළඳ පොලද  නිර්මානය කිරීම . ගමේ ඉන්න දරුවාට හැකියාව තියනව.  විදේශ රටකට ගොස් රැකියාව කරන්න අවශ්‍ය සහතිකය නැත්නම් එය විශාල අඩුවක් එය සම්පූර්ණ කිරීම අපේ ඉලක්කය වනව.ව්‍යවසායකත්වය පිළිබඳ අපේ රජය විශාල අවදානයක් යොමු කර තිබෙනව.

 ලබන වසරේ අය වැයෙන් ගමට වෙන් කරන මුදලින් සියයට හතලිහක්  අවම වශයෙන් ප්‍රතිපාදන වෙන්කර ඇත්තේ මේ රටේ ව්‍යවසායකත්වය සඳහා වීම විශේෂයක්  තරුණ දරුවන් ව්‍යවසායකත්ව මානසිකත්වයට රැගෙන යෑම සිදුකලයුතු වෙනව. මෙතෙක් මේ රටේ ගම් මට්මින් ව්‍යවසායකයින් බිහිකිරීමක් කලේ නැහ. අඹ පැල පනහක් ගමේ බෙදුව, කුකුල්ලු දහදෙනෙක් පවුල් දහයකට දුන්න. එක කිකිළියෙක් දීලා නැහ. ඉතින් කොහොමද ව්‍යවසායකයෙක් බිහිවෙන්නේ.  අපි ඒ ක්‍රමවේදයෙන් ඉවත් වෙලා ගමේ සැබෑ ව්‍යවසායකයෙක් බිහි කිරීමට කටුයතු කරනව.ව්‍යවසායකයා ව්‍යාපාරිකයෙක් බවට පත් කිරීම තමයි අපේ ඉලක්කය එතනින් නොනැවතී ඔහු ආයෝජකයෙක් බවට පත්කිරීම අපේ ඉලක්කය වනව.

පලපුරුදු රැකියාවල නියුතු අයට විශාල කාර්යභාරයක් සිදු කිරීමට හැකිවෙනව. දැන්ම, අත් දැකීම හා පලපුරුද්ද ඊ ලඟ පරපුරට ලබා දීමට මෙම ගින් හැකි වෙනව  ව්‍යවසායකයා 2030 වන විට ආයෝජකයෙක් බවට පත් කිරීම අපේ අරමුණ වෙනව. එය දේශිය හා විදේශිය යන දෙයාකාරයෙන් වෙන්න පුළුවන්.මේ වැඩ පිළිලෙ සාර්ථක කරගන්න නිපුනතා සංවර්ධන අමාත්‍යංශයට විශාල කාර්යභාරයක් තියනව.අනාගත රටේ බාරකරුවන් හොඳ ව්‍යවසායකයින් ව්‍යාපාරකයින් ආ‍යෝජකයින් බවට පත් කිරීමට මෙමගින් හැකිවෙනව.

- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img

Latest News

කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන් සියයට 27ක් ම(27%) කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අය.

කොවිඩ් එන්නත් ලබාගැනීමෙන් පසු  මියගිය 2345 දෙනෙක්  ලබාගත් එන්නත් පිළිබඳව තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නෑ  මෙරට කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන්...
- Advertisement -spot_img

More Articles Like This

- Advertisement -spot_img