යළි පාසල් නොවසන්නැයි ඉල්ලීමක්

0
142

පාසල් යළි වසා දැමීමට කටයුතු නොකරන ලෙස අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමියන් ඉල්ලීමක් කරයි.

ඔන්ලයින් ක්‍රමය තුළ දරුවන් නොයෙකුත් අපචාරයන්ට යෙමු වියහැකි බැවින් පාසල තුළම දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට කටයුතු කිරීම ඉතා වැදගත් බව උන්වහන්සේ පෙන්වා දෙයි.

කෑගල්ලේ ඊයේ (26) පැවති උත්සවයකට එක්වෙමින් කාදිනල් හිමියන් මේ බව සඳහන් කළේය. 

“මේ කොවිඩ් වසංගතය නිසා අපේ පාසල් පද්ධතිය වසාදැමීට සිද්ධ වුණා. ඒ වෙලාවේ අපේ දරුවන්ට ලෝකු අඩුපාඩුවක් සිද්ධ වුණා දරුවන් ගෙදරට වෙලා ඉන්නට සිදුවීම. මානසික පෝෂණයක් ලැබෙනවා තවත් සමකාලීන දරුවන් ඇසුරු කිරීම තුළ. අර කුඩා ලෝකය විවෘත වෙනවා. ඒ නිසා මේ පාසල් වසා තැබීම එතරම් නුවනක්කාර වැඩක් නෙමේ. දෙමව්පියෝ හරියට බැලුවේ නැත්නම් මෙහෙය වුයේ නැත්නම් ඒ ඔන්ලයින් ක්‍රමය තුළ දරුවන් නොයෙකුත් අපචාරයන්ට යොමු වෙනවා. පුලුවන් නම් පාසල් වසා තබන්නට එපා මින් ඉදිරියට. දරුවන්ට අවශ්‍ය ආරක්ෂාව සපයලා, ඒ ආරක්ෂාව තුළ දරුවන්ව පාසලේම හදා ගන්න. පාසලේම ඒ අධ්‍යාපන කටයුතු කරන්නට දරුවන්ට ඉඩ දෙන එක ගොඩක් හොඳයි.”