ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන 2021 සුදුසුකම් ලැබීමේ තරඟය ‘ඔමික්‍රෝන්’ නිසා අවලංගු කෙරේ.

0
226

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ලෝක කුසලාන මූලික වටයේ තේරීම් තරගය අත්හැර දමා තිබේ.

එම තරගය සිම්බාබ්වේ හරාරේ හිදී පැවැත්වීමට නියමිතව තිබුණි.

නමුත් අප්‍රිකානු කලාපයේ මතුවී ඇති නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් එම තීරණය ගෙන තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළේය.

ඒ අනුව 2022 දී නවසීලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි නොවෙයි.