පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේදී දී කාන්තා කිලෝග්‍රෑම් 45 ට අඩු බර පන්තියේ රන් පදක්කම හිමිකර ගත් ශ්‍රීමාලී සමරකෝන් ක්‍රීඩිකාව

උස්බෙකිස්තානයේ පැවැත්වෙන ලෝක ශුරතා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේදී දී කාන්තා කිලෝග්‍රෑම් 45 ට අඩු බර පන්තියේ රන් පදක්කම හිමිකර ගත් ශ්‍රීමාලී සමරකෝන් ක්‍රීඩිකාවගේ මව පියා සහ නිවස සොයා 10 දින පෙරවරුවේ අප හබරණ තිබලව ගමට ගියමු .


මේ වන විටත් උස්බෙකිස්ථානය සිටින ශ්‍රීමාලී සමරකෝන් රන් පදක්කම් ලාභී ක්‍රීඩිකාවගේ මව සහ පියා කිරි ගවයන්ගෙන් ජීවිතය ගැටගසා ගන්නා පවුලකි
ඔවුන් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ත් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අතර පිහිටි තිඹලව නැමැති ග්‍රාමීය පදිංචිව සිටිති .තම දියණියගේ ජයග්‍රහණය පිළිබඳව ප්‍රවෘත්ති නාලිකා වලින් දැන ගත් බවදෙමාපියෝ කියති .
අප එම නිවසට යන විට ‍ ශ්‍රීමාලි සමරකෝන් ක්‍රීඩිකාව ගේ පියා සමරකෝන් (55) මහතාත් ආර් .එම් .ඩබ්ලිව් .සුනේත්‍රා කුමාරි (53) කිරි ගවයන්ගේ කටයුතුවල නිරතව සිටින අයුරු දැක ගැනීමට හැකි විය


අතේ ඇති ගොම ඇඳිවතන් පිහදා ගත් සුනේත්‍රා කුමාරි අප සමග කියා සිටියේ කුඩා අවධියේ සිට තම දියණිය බර ඉසිලීමේ ක්‍රීඩාවට දක්ෂතා දක්වා 2015 වසරේ මෙම තරග තරගාවලිය රිදී පදක්කම ලංකාවට ලබාදුන් බව ය .කුඩා අවධියේ සිට මේ දක්වා තම දියණියට ඉගැන්වීම් සඳහා අනේක දුක් කරදර විඳිමින් සිටින බව ඇය අප සමග පැවසුවාය.
මේ වන විටත් තම කුඹුරක් උගසට තබා කිරි ගවයන් දෙදෙනකු මිලදී ගෙන තම දියණියට ත් කුඩා දියණියටත් ඉගැන්වීම් කටයුතු සිදු කරන බවද තම දියණිය බර ඉසිලීම් සිදු කොට රන් පදක්කම ගබාගත් ගෞරවය සතුට සියල්ල මෙම කිරි දෙනුන්ට අත්වන බව එම මව නිරහංකාර යෙන් යුතුව පැවසුවාය

මෙම දැරිය හත්වන වසරේ අධ්‍යාපනය ලබද්දී හබරණ පාසලේ දී ලැබූ ජයග්‍රහණ පිළිබඳවත් ඇය දැඩි ආර්ථික දුෂ්කරතා සහිතව බර ඉසිලීමේ කට කටයුතු සිදු කරන බව අප ප්‍රවෘත්ති මගින් විකාශනය කොට ඇයට එකල විවිධ අයගේ උදව් උපකාර ලබා දීමට හැකි වී තිබෙන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
‍ශ්‍රීමාලී සමරකෝන් ක්‍රීඩිකාවට ගේ පියා ඩී .එම් .සමරකෝන් මහතා කියා සිටියේ තම දියණියගේ ජයග්‍රහණය පිළිබඳව සතුටු වන බවත් එමෙන්ම තම දියණිය ගේ ක්‍රිඩා ගුරුවරයා වූ නදීක බණ්ඩාර මහතා නිසා මෙම සියළු ජයග්‍රහණ ලැබුණු බවය. තම දියණියත් කුඩා අවදියේ සිට එම ගුරුවරයා රැකබලා ගනිමින් සිටි බව හෙතෙම සඳහන් කළේය.


ලංකාව රනින් සැරසූ ශ්‍රීමාලී සමරකෝන් හබරණ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය සහ බර ඉසිලීමේ ක්‍රීඩාවට යොමු වී පසුව උසස් අධ්‍යාපනය සඳහා මහනුවර මහමායා බාලිකා විදුහලට ඇතුළත් ව මේ වන විට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නීය.


දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය ලැබූ මෙම සිසුවිය කුඩා අවධියේ ලැබූ ලැබූ ජයග්‍රහණ සහ එකල අප වාර්තා කළ වීඩියෝ දර්ශන ද තවමත් අප සතුව තබා ගෙන සිටීමද වද විශේෂත්වයකි.
අප මේ නිවසට යද්දී තම මිනිබිරියගේ ජයග්‍රහණයට 110 හැවිරිදි කිරි අම්මා සුබ පැතුම් එක්කලාය


ශ්‍රී මාලී සමරකෝන් දැරියගේ දහම් පාසල් ගුරුවරයා වූ නන්දන සෙනවිරත්න මහතා ජයග්‍රහණය ලද විගස උදෑසන එම නිවසට පැමිණ සිටියේය.දහම් පාසල් ගුරුවරයා කියා සිටියේ ආර්ථික දුෂ්කරතාවයන් සහිතව මෙම ගම්මානයේ ජීවත් වන අසරණ පවුලක දියණියක් ලෝකය ජය ගන්නට දැඩි වෙහෙසක් දැරූ බව ය
එමෙන් ම ජයග්‍රහණය ලබා ගගත්තාට පසුව ඇයව ඔසවා තබනවාට වඩා ජයග්‍රහණ ලබා ගැනීම සඳහා උදව් පදව් කිරීම රජයේ වගකීම බව ය. ලංකාවේ රනින් සරසන්නට මෙම මව සහ ප්‍රදේශවාසීන් නගර පුරා ඇවිද මුදල් එක්තු කරමින් අ්‍යාපන කටයුතු ක්‍රීඩා කටයුතුවලට යොමු කළ බව ද හෙතෙම දැඩි සංවේදීව පැවසීය.
අප එම නිවසේ සිටම ශ්‍රීමාලී සමරකෝන් ක්‍රීඩිකාව මාර්ගත ඔස්සේ සම්බන්ද කරගෙන ලැබූ ජයග්‍රහණයේ සතුට විමසු අතර ඇය කියා සිටියේ තමන් සහ පුහුණු ගුරුවරයා වූ නදීක බණ්ඩාර මහතා දැඩි විශ්වාශයකින් සිටි බවය .