දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුල විදේශීය රටවලින් ගෙන්වන අහාර  ද්‍රව්‍ය රැසක මිල 17 දින සිට විශාල වශයෙන් ඉහළ ගොසින්

 දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුල එළවළු මිල ඉහළ යද්දී විදේශීය රටවලින් ගෙන්වන අර්තාපල් අල ,ලොකු ලූනු ,වියලි මිරිස් ,වටානා පරිප්පු ආදී අහාර  ද්‍රව්‍ය රැසක මිල 17  දින සිට විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.

ඉකුත් සතියේ ට වඩා විශාල වශයෙන් විදේශීය රටවලින් ගෙන්වන මෙම ආහාර ද්‍රව්‍ය ඉහළ යෑම සිදුව ඇත්තේ රටේ  පවතින ඩොලර් හිගය නිසාවෙන් බව ආනයනික  ව්‍යාපාරිකයෝ පවසති.

,රුපියල් 140 ක් ව පැවති විදේශීිදේශීය ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් ද250 ත් 260 දක්වා රුපියල් 160 ක් ව පැවති දේශීය ලොකු ලූනු කිලෝවක් රුපියල් 260 ත් 270 දක්වා ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති .

රුපියල් හාරසියක්  450 ත් 500 අතර මිල ගණන් යටතේ අලෙවි වූ වියලි මිරිස් කිලෝවක තොග මිල රුපියල් 800 දක්වා ඉහළ ගොස් ඇති බවත් රුපියල් එකසිය තිහක් පැවති වටානා පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 130 සිට  170 දක්වා වැඩි වීම ද විශේෂත්වයකි .ඒ අනුව විදේශීය රටවලින් ගෙන්වන පරිප්පු ,සීනි, සුදුලූනු  ආදී වර්ග වල  මිල ද ඉහළ ගොස් බව ව්‍යාපාරිකයෝ පවසති .

 මීට  අමතරව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ද පසුගිය දිනට  සාපේක්ෂව ඉහළ අගයක් ගෙන ඇති අතර ගොවීන් කියා සිටින්නේ තමන් රැගෙන එන එළවලු ළු මිලදී ගැනීම සඳහා වෙළෙන්දන් අකමැත්තක් දක්වන බවය. මිල ඉහළ යෑම් නිසා වෙළෙන්දන් මිලදී ගැනීම් ඉතා අවම වීම නිසා තමන්ට විශාල කරදරයකට මුහුණ පෑමට ඇතැම් ගොවියෝ පෙන්වා දෙති.