රාජ්‍ය නිලධාරීන්ගේ සහය ඇතිව ලග්ගල හරිත නගරය විනාශවන හැටි

 දිවයිනේ හරිත නගරය ලෙස නම්කර ඇති ලග්ගල ප්‍රාදේශීය ලේකම්   කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් රැසක රජයේ රක්ෂිත වල සහ  කළු ගඟ ඉවුරු මැණික් පතල්   කැපීම හේතුවෙන් මහා පරිසර විනාශයක් සිදුවෙමින් පවතින බවත්  ග්‍රාමීය මාර්ග රැසක් මේ වනවිටත් දැඩි අබලන් තත්ත්වයට පත්ව      ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

 ප්‍රදේශ්යේ රාජ්‍ය  නිලධාරීන්ගේ සහ මේවා   වැළැක්වීම සඳහා ජනතා මුදලින් වැටුප් ලබන නිලධාරීන්ගේ සහයෝගය මත මෙම මහා පරිමාණ මැණික් පතල් ජාවාරම් සිදු කෙරෙන බව ප්‍රදේශවාසීහු වූ පෙන්වා දෙති.

 ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හත්තොට අමුණ ,කළුගඟ ආදී ප්‍රදේශවල ලග්ගල හරහා ගලා බසින කළු ගඟ ඉවුරු පස් කපා ඉල්ලම් පස්   විශාල වශයෙන් ගොඩ කර තිබෙන බවත් කළු ගඟ සම්පූර්ණයෙන්ම මැණික් පතල් සේදීම් නිසා දුඹුරු පැහැ ගැන්වී ජනතාවට පාවිච්චි කිරීමට නොහැකි තත්වත්වයකට පත්ව තිබෙන බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

 එමෙන්ම මෙම සිද්ධීන් සඳහා විරුද්ධ වන ප්‍රදේශවාසීන්ට පොලීසියෙන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය  ව්‍යාපාරිකයන්ගෙන්  විවිධ චෝදනා සහ හිරිහැරවලට ලක්වෙන  බව ඔවුහු පෙන්වා දෙති.

ප්‍රදේශ්යේ කිහිපදෙනෙකු රහසිගත මාර්ග ඔස්සේ  ලග්ගල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහා පරිමාණ අනවසර පතල් පවත්වාගෙන යන ව්‍යාපාරිකයන් විසින් සිදුකරන ලද පරිසර විනාශය මෙන්ම රක්ෂිතවල  සිදුකරන අනවසර පතල් කැණීම් ස්ථාන ජනමාධ්‍ය හරහා ජනාධිපතිවරයා ගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලීමක් කරමින් ඔවුන් ජනමාධ්‍යවේදීන් කණ්ඩායමකට මෙම විනාසය පෙන්වා දෙන්නට ඉදිරිපත් වූහ.

ඒ  අනුව ලග්ගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයෙකු වූ ඒ. ජී. කුමාරසිංහ මහතා ජනතාව වෙනුවෙන් මෙම විනාසය පෙන්වා දෙන බවත් තමන්බි නොයව මේ සඳහා ඉදිරිපත් වන්නේ තමන් කළු ගඟ ප්‍රදේශ්යේ පාරම්පරිකව ජීවත් වන අයෙකු නිසාවෙන් බව සඳහන් කළේය.

 කුමාරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ග ජනතා මුදලින් වියදම් කොට  ඉදීකිරීම් කළ ද මේ වන විට කොන්ක්‍රීට් මාර්ග සියල්ල කොන්ක්‍රීට්   ගැලවී විනාශ වී ඇති බවද   කැට ගල් ඇල්ලූ මාර්ග ද මේ වන විට ගමන් කිරීමට නොහැකි තත්වයට පත්ව ඇත්තේ  හොර රහසේ ඉල්ලම් පස් යන්ත්‍ර සූත්‍ර මගින් ඇදීම් සඳහා යොදා යොදාගැනීම නිසාවෙන් බව හෙතෙම කියා සිටියේය.

 පොලිසියට දැනුවත් කළ ද අවසානයේ දී දැනුවත් කරන පුද්ගලයින් සහ ඊට විරුද්ධ වන අයට  වෙනතනත් චෝදනා නගමින් පොලිසිය අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේදයක්   ක්‍රියාත්මක වන බවද හෙතෙම චෝදනා කරන්නට විය.

 එමෙන්ම  ප්‍රදේශයේ කුඩා පතල් පවත්වාගෙන යන ප්‍රදේශවාසීන් ද විවිධ චෝදනා නගමින් ඔවුන් පොලිස් අත්අඩංගුවට පත්වීම   මැණික් පතල් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන්ගේ අඩන්තේට්ටම්වලට ලක් වීම සිදුවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

 තමන් වගකීමකිමකින් යුතුව ප්‍රකාශ කරනු ලබන්නේ මෙම ජාවාරම් පිටුපස කිසිදු පක්ෂ විපක්ෂ දේශපාලඥයෙකු නොමැති බවත් රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රමවේදය නිසා මහා පරිමාණ මැණික් පතල් ව්‍යාපාරිකයන්ගේ තෝතැන්නක් බවට පත් කරගෙන ලග්ගල හරිත නගරය පරිසර පද්ධතියම පතල් ජාවාරම්කරුවන් විනාශ කරන බවද හෙතෙම සඳහන් කළේය

  වෙනත්  ප්‍රදේශවලින් රහසිගතව කපා ගෙන එන ඉල්ලම් පස් කළුගඟේ ඉවුරක අක්කර 100කට අධික භූමි ප්‍රමාණයකට   යොදාගෙන ගොඩගසා තිබෙන බවත්  ඒවා කළු ගඟට සෝදා හැරීම සිදු වන බවද හෙතෙම එම ස්ථාන වලට ජනමාධ්‍යවේදීන් රැගෙන ගොස් පෙන්වා දීම් විශේෂත්වයකි.

 මේ පිළිබඳව ලග්ගල ප්‍රාදේශීය ලේකම් එස්. විජය කුමාර මහතාගෙන් විමසීමේදී කියා සිටියේ  පෙරදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මැණික් පතල් කැණීම් සඳහා බලපත්‍ර නිකුත් කළ ද ජනතාවගේ  පහසුවුව සඳහා රජයේ විශේෂ ගැසට් පත්‍රයක් මඟින් එකම ස්ථානයකින් බලපත්‍ර ලබාගැනීමේ අවසරය ලබා දීම අනුව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට එහි සියළු බලතල   පවරා තිබෙන නිසා තම කාර්යාලයට එහි වගකීමක් පැවරෙන්නේ නැති බවය

  කෙසේ වෙතත් තම බල ප්‍රදේශයේ සිදුවන මෙම මහා පරිසර විනාශය පිළිබඳව ලිඛිතව අදාළ ආයතන තමන් විසින් දැනුවත් කොට තිබුණද ඊට කිසිදු අවධානයක් එම වගකිවයුතු ආයතන යොමු  නොකරන බව පැවසිය .

 මේ  සම්බන්ධයෙන් අප ලග්ගල ප්‍රාදේශීය සභාවේ ලේකම් රසිකා රඹුක්වැල්ල මහත්මියගෙන් විමසීමේදී කියා සිටියේ   පත්ල්  කැණීම් සිදු කරද්දී ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයෙන් සහ තම   කාර්යාල වලින් කිසිදු විමිමසීීමකින් තොරව මෙය සිදු කෙරෙන බවත් කෙසේ වෙතත් මේ වන විටත් ප්‍රදේශයේ මාර්ග සියල්ල විනාශ වී ඇති බවට මන්ත්‍රීවරුන් සහ ප්‍රදේශවාසීන් ප්‍රාදේශීය සභාව දැනුවත් කොට ඇති බවද ද ඇය සඳහන් කළාය

මේ   පිළිබඳව ඉදිරියේදී යම් කිසි තීරණයක් ගැනීමට නියමිතව තිබෙන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

 ලග්ගල පොලිසියට එල්ල වෙන ජනතා  චෝදනා සම්බන්ධයෙන් විමසීම සඳහා පොලිස් ස්ථානයට ගිය ද එහි උසස් පොලිස් නිලධාරියකු කියා සිටියේ   පොලිසියේ ස්ථානාධිපතිවරයා මේ වන විට නිවාඩු ලබා ඇති බවත් කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක  හැර මාධ්‍යයකට පොලිසියට ප්‍රකාශයක් ලබාදීමට නොහැකි බවය .

       පතල් කැනීම් සඳහා සියලු බලපත්‍ර ලබාදීම ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් ලබාදෙන නිසා ලග්ගල ප්‍රාදේශීය කාර්යාලය ට ගොස් විමසීමට අප තීරණය කලෙමු

 ඒ අනුව ලග්ගල ප්‍රදේශයේ පිහිටි   කාර්යාලය ට ගිය අවස්ථාවේදී එහි කාර්යාලය විවෘත කොට තිබුණද කිසිදු වගකිව යුතු නිලධාරියෙකු එහි නොසිටීම ද විශේෂත්වයකි.කාර්යාල  පිරිසුදු කරන කම්කරුවෙකු   කාර්යාලය විවෘත කොට එහි රැඳී සිටි අතර ඔහු සඳහන් කළේ   නිලධාරීන්   කාර්යාලයේ  නොමැති බවය.

නිලධාරින් නොමැතිව කාර්යාලය විවෘත කොට තමන් නැවත සවස කාර්යාලය වසා යතුර රැගෙන යන බවත් නිලධාරින් ඉදහිට පැමිණෙන බව ඔහුගෙන් විමසීමේදී පැවසිය . නිලධාරින් පැමිණීම පිටවීම සිදුකල බවට එහි මේසයක් මත තබා තිබු අත්සන් ලේකනයක දැක ගැනීමට හැකිවිය ,ජනතා වගේ පහසුව සදහා රජය සියලු බලපත්‍ර එකම කාර්යාලයකින් ලබාගැනීමේ පහසුකම් සැලසුවද එම කාර්යාලයේ සේවා ලබාදීම සිදුවන්නේද මහාපරිමාණ පතල් කරුවන්ගේ නිවෙස් වලට ගොස් බව ජනතාව නගන චෝදනා සත්‍යක් නොවේදැයි ජනතාව ප්‍රසන්න කරන අතර මේ සම්බන්ධයෙන් ජනාධිපති වරයාගේ අවධානය යොමු කරන්නැයි ඔහුහු ඉල්ලා සිටිති