තංගල්ල කාල්ටන් නිවස නැවතත් වටලයි

රටේ පවත්නා දැඩි අස්ථාවර තත්ත්වය හා අඛණ්ඩව ඉහළ යන ඉන්ධන මිලට විරෝධයපා මේ වන විට තංගල්ල නගරයේ විරෝධතාවයක් ආරම්භවී තිබෙනවා.

විරෝධතාකරුවන් මේ වන විට තංගල්ලේ පිහිටි රාජපක්ෂ නිවස වන කාල්ටන් නිවස වටලා විරෝධතාවයේ නිරතවනවා.

කෙසේවෙතත් පොලීසිය මාර්ග බාධක යොදා විරෝධතාකරුවන් නිවස දෙසට යෑම වළක්වා තිබෙනවා.

පසුගිය අප්‍රේල් 04 වනදාද කාල්ටන් නිවස ඉදිරිපිට විරෝධතාවයක් පැවති අරත එහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලීසියෙන් ජල ප්‍රහාරයක්ද එල්ල කළා.

මේ වන විටත් රාජපක්ෂ පවුලේ සාමාජිකයින් රැසක් ආරක්ෂාව පතා විදෙස්ගතව සිටිනවා.

ඒ අතර නාමල් රාජපක්ෂ මහතාගේ බිරිද වන ලිමිනි රාජපක්ෂ මහත්මිය හා කුප්‍රකට පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින නිරූපමා රාජපක්ෂ මහත්මියද සිටිනවා.