හම්බන්තොටදී තවත් වන අලියෙකු මරුට – වෙඩිතබා ඇති බවට සැකයක්. වෙඩි වැදී මියගියාදැයි විමසු මාධ්‍යට, වනජීවී නිලධාරීන් ගොරවයි.

 හම්බන්තොට  මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ආසන්නයේදී අද(22) අලුයම වන අලියෙකු මියගොස් තිබේ.

 මෙසේ මියගොස් ඇත්තේ වයස වුරුදු 35ක පමණ වන අලියෙකු වන අතර ප්‍රදේශ වාසින් පැවසුවේ මෙම වන අලියා මෙම මාර්ගයේ සෑම අළුයමකදී  වාගේ හමුවන බවයි.

 මිය ගිය වන අලියාගේ හිසේ වෙඩි සලකුණකට සමාන සලකුණක් ද  ඇති අතර ඒ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්ත මෙන්තුවේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ද පවසා සිටියේ අලියාට වෙඩි තබා ඇති බවට සැක කරන බවයි.

මේ අතර  වන අලියාගේ සිරුරේ ගැටීමෙන් මාර්ගයේ තිබු අධිබලැති විදුලි රැහැන් සහිත විදුලි කණු දෙකකටද හානි සිදුවී තිබේ.එහිදී අලියාට විදුලි සරද වදින්නට ඇති බවටද වන ජීවී නිලධාරීන් සක කරනු ලබයි.

 කෙසේ නමුත් මේ ආකාරයෙන්  මිය ගිය වන අලියාගේ හිසේ වෙඩි තැබීමකට සමාන සලකුනක්ද ඇති පසුබිමක  ඒ සම්බන්ධයෙන් එම ස්ථානයේ රාජකාරියේ දී සිටි වන ජීවී නිලධාරීන් දෙදෙනෙකු ඒ බව සැගවීමට උත්සහගත් අතර ඒ සම්බන්ධයෙන්  විමසුවිට ද දැක්වුයේ තර්ජනාත්මක ප්‍රතිචාරයකි  , ඒ අනුව පෙනී ගියේ හම්බන්තොට වනජීවී කාර්යාලයේ සේවය කරනු ලබන අදාළ වන ජීවී නිලධාරීන් දෙදෙනා අලියාට වෙඩි වැදී  මියගිය බව ජනතාවගෙන් වසන් කිරීමට උත්සහ කරන ආකාරයක්ය.

  මේ ආකාරයෙන් වනජීවී සුරැකීමට සිටින නිලධාරින්ද වන අලින් මේ ආකාරයෙන් මියැදෙන විටදී එය මාධ්‍යයෙන් , මහජනතාවගෙන් වසන් කරමින් කටයුතු කිරීමට සිදුකරන ලද උත්සාහයෙන්ම පෙනී යන්නේ වනජීවී නිලධාරීන්ගේ ප්‍රමුඛ කාර්ය අමතක කර දමමින් ඔවුන් විසින් යම් අයෙකු සුරැකීමට ගත් උත්සහයක් ලෙස නොවේද? මේ සමබන්ධයෙන් වනජීවී දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරීයෙකු සිදුකළ දැනුම්දීමකදී පවසා සිටියේ එම නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.