රටින් පනින්න ගිය 67ක් ත්‍රිකුණාමලයේදී කොටු

නීති විරෝධි අන්දමින් මුහුදු මාර්ගය ඔස්සේ ඕස්ට්‍රේලියාවට යෑමට උත්සහ කල 67 කු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ත්‍රීකුණාමලය සල්ලි සාම්පල්තීව් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් පිරිස අතර කාන්තාවන් හත් දෙනකු සහ කුඩාදරුවන් දෙදෙනකු වන බව වරාය පොලිසිය කියයි.

මෙම පිරිස ත්‍රීකුණාමලය,මඩකලපුව,යාපනය,පුත්තලම,අම්පාර,රත්නපුර,ගම්පහ සහ කොළඹ යන ප්‍රදේශ වල පදිංචි කරුවන් බවයි වාර්ථා වන්නේ .

මේ ආකාරයෙන් නාවික හමුදා අත්අඩංගුවට පත් මෙම පිරිස නාවික හමුදාව විසින් අද (24)වරාය පොලිසිට භාර දුන් අතර,මූලික පරීක්ෂණ වලින් අනතුරුව මහෙස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ .