ඉන්ධන තොගයක් සමග සැකකරුවෙකු පුත්තලමේදී කොටු

වනාතවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත්  ඉස්මයිල්පුරම්, රෙඩ්බානා ප්‍රදේශයේ වැඩි මිළට අලෙවි කිරීමට සූදානම් කර තිබූ ඉන්ධන තොගයක් සමග සැකකරුවෙකු පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය මගින් අත්අඩංගුවට ගෙන වනාතවිල්ලුව පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු සිදු කර තිබුණි.

මෙලෙස පොලිස් අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු (52) හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකු බවත්, මොහු කාලයක් තිස්සේ මෙම ඉන්ධන වැඩි මිළට අලෙවි කිරීමේ කූට ජාවාරමක නිරතව සිට ඇති බවයි අපරාධ පරික්ෂණ අංශය කල මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇති බව කියයි.

අදාල සැකකාර ව්‍යාපාරිකයා සිය ව්‍යාපාරය තුළ ඉතා රහසිගතව සූක්ෂම ලෙස මෙම කූට ජාවාරම හසුරුවා ඇති බවත්, එහිදී වැඩි මිළ ගණන් යටතේ ඉන්ධන පාරිභෝගිකයින් වෙත අලෙවි කරන බවට පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබුණි.

වැටලීමේදී සැකකාර ව්‍යාපාරිකයා සන්ථකයේ තිබී පෙට්ට්‍රල් ලීටර් 35ට ආසන්න ප්‍රමාණයක්, භූමිතෙල් ලීටර් 150ට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු සිදු කර තිබුණි.

මෙසේ අත්අඩංගුවට පත් සැකකාර ව්‍යාපාරිකයා සහ ඉන්ධන තොගය පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

වැඩි දුර විමර්ශණ කටයුතු සදහා වනාතවිල්ලුව පොලිස් නිළධාරින් මේ වන විටත් පුළුල් පරික්ෂණ ආරම්භ කර තිබේ.