කන්ඩලම ජලාශයේ  ඇරෑවුල ගස් කොළන් කපා දැමීමේ මහා පරිමාණ ජාවාරමක්

වැව් තාවුල්ලේත් වැටවල් ගහලා

  කන්ඩලම ජලාශයේ  ඇරෑවුල දෙසට වැව් තාවුල්ල අත්පත් කර ගැනීම සහ වැව් තාවුල්ලේ ඇති ගස් කොළන් කපා   දැමීමේ මහා පරිමාණ ජාවාරමක් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මේ දිනවල සිදු කරගෙන යන  බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

 දින ගණනාවක සිට මෙම මහා පරිමාණ ගස් කොළන් කපා දැමීම කණ්ඩලම වැව අත්පත් කර ගැනීම සිදු වන බවත්   එහෙත් කණ්ඩලම වැව භාරව කටයුතු කරන මහවැලි අධිකාරිය මේ පිළිබඳව කිසිදු අවදානමක් නොදැකීම නිසා ප්‍රදේශවාසීහු දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි ජනතාව පෙන්වා දෙති.

 මෙම   ජලාශයේ ඇරෑවුල ප්‍රදේශ්යට වන්නට 01 දින ද වැව් තාවුල්ලේ තිබූ කොහොඹ ,කරද, දඹ,මයිල ,ආදී විවිද ගස්  රැසක් කපා දමා තිබෙන බවද    ජනතාව පවසති.

 මෙම ප්‍රදේශ්යේ වැව් තාවුල්ල වතුර අඩු වීමත් සමඟ සංවිධානාත්මක කණ්ඩායමය  වැව් තාවුල්ල භුමිය කම්ම්බි වැටවල් ගසා අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියක්ද සිදුවෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති.

 වැව් ඉස්මත්ත  ප්‍රදේශය විශාල වශයෙන් ගස්කොලන් කපා දමා තිබෙන නමුත් එම ස්ථානවලට ළඟාවීමට නොහැකි වන්නට විවිධ බාධක ඇති වන සේ මෙන්ම බඳින තුවක්කු පවා අටවා තිබෙන බව ද ඊට හරස්වන ප්‍රදේශවාසීන්ට රාජ්‍ය නිලධාරීන්ගෙන් හිරහැර සිදුවන බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති

 එම නිසා   ප්‍රදේශයට ගමන් කිරීමට පවා නොහැකි තත්වයක් පවතින බව ද පෙන්වා දෙන ප්‍රදේශවාසීන් කියා සිටින්නේ මහවැලි අධිකාරියේ කණ්ඩලම ජලාශ භාර කටයුතු කරන  නිලධාරීන්ට මේ පිළිබඳව අවස්ථා ගණනාවක් දැනුම් දුන්න ද කිසිදු  අවධානයක් යොමුවී නොමැති බවය.

 කන්ඩලම ජලාශය සුන්දරත්වය මෙන්ම කණ්ඩලම වැව් ඉස්මත්ත දැඩි   වනගහනයකින් හෙබි නිසා සුන්දරත්වය මෙන්ම ජලාශයේ ආරක්ෂාව ද විශාල වශයෙන් පැවති බවද පෙ  පෙන්වා දෙන ජනතාව කියා සිටින්නේ මෙම ජලාශයේ සුන්දරත්වයට පවා මෙය හානි සිදුවන බවය

 මේ පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා කන්ඩලම ජලාශය බාර කටයුතු කරන මහවැලි නිලධාරීන් හමුවීම සඳහා 02 දින අලුයම  ගිය විට කාර්යාලයේ සේවයේ සිටි  නිලධාරියකු කියා සිටියේ මෙම ගස් කොළන් කපා දැමීම ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳව තොරතුරක් ලද නිසා පරීක්ෂණයකට ගිය නමුදු එවැනි විශාල ගස් කොළන් කපා දැමීම නොදුටු බව ය

කුඩා ගස් කීපයක අතු පමණක් කපා දමා තිබු නිසා එය සිදුකල පුද්ගලයාට කාර්යාලයට පැමිණෙන ලෙස උපදෙස් ලබාදී පැමිණි බව පැවසිය .

 කෙසේ වෙතත් මහවැලි කලාපයේ නේවාසික කළමනාකරු  අසංක ගුණතිලක මහතාගෙන් අප   දුරකථනය හරහා විමසීමේ දී කියා සිටියේ මේ පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවත් කිසිදු  නිලධාරියෙකු තමා වෙත එවැන්නක් දැනුම් දී නැති බව ය

  කෙසේ වෙතත් වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ මහවැලි   නිලධාරීන් දැනුවත් කොට මෙම විනාශය නවතා ගැනීම සහ ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ඒ මහතා සඳහන් කළේය.