බැසිල් ඉල්ලා අස්වෙයි

0
40

පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් තමන් ඉවත් වූ බව හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ අද (ජුනි 09) කැදවා තිබූ මාධ්‍ය හමුවකදී විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ තමන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදී ඇති බවයි.

කෙසේ වෙතත් තමන් දේශපාලනයෙන් ඉවත් වීමට අදහස් නොකරන බව රාජපක්ෂ මහතා අනාවරණය කළේය. රාජ්‍ය පාලනය සහ දේශපාලනය යනු වෙනම ආයතන දෙකක් බව පෙන්වා දුන් හිටපු අමාත්‍යවරයා මින් ඉදිරියට රාජ්‍ය පාලනයට සම්බන්ධ නොවන බවද පැවසීය.

නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජපක්ෂ කියා සිටියේ තමා පාර්ලිමේන්තුවට පැමිණියේ මුදල් අමාත්‍ය ධුරය භාර ගන්නා ලෙස තමාට කී නිසා බවයි. “මම හිතන්නේ මම පාර්ලිමේන්තුවට අයිති නැහැ.”

අමාත්‍ය ධුර කාලය පිළිබඳව ඔබ සෑහීමකට පත්වන්නේ දැයි ඇසූ විට රාජපක්ෂ කියා සිටියේ තමාට තිබූ දේ හැකි උපරිමයෙන් කළ බව තමා විශ්වාස කරන බවයි.