විදුලිය ගෑස් සහ ඉන්ධන හිගය රටට ඩොලර් ගේන සීගිරිය පාළු කරයි. සංචාරක නිවහන් සුනඛයන් ගේ නවාතැන් වෙලා

රට ඩොලර් උත්පාදනය වන ප්‍රධානව ව්‍යාපාර අතරින් සංචාරක කර්මාන්තයට හිමි වන්නේ සුවිශේෂී වූ ස්ථානයකි ,මේ දිනවල රට තුළ පවතින ඉන්ධන හිගය විදුලි කප්පාදුව ගෑස් හිගය සහ  අනෙකුත් ආහාර ද්‍රව්‍ය හිගය නිසාවෙන් මෙරට  සංචාරකයන් පැමිණීම විශාල වශයෙන් අඩුවී සීගිරිය සංචාරක කලාපයේ ජනතාව දැඩි  අසීරුතාවයකට පත්ව සීගිරි නගරය දැඩි පාලු ස්වභාවයක් ගෙන දෙයි.

  සංචාරක කර්මාන්තයේ නියැලී සිටින සීගිරිය ප්‍රදේශ්යේ විශාල ජනතාවක් කියා සිටියේ අලි සපාරි ,ජීප් සෆාරි  කකරත්ත සපාරි හා  අනෙකුත් විවිධ ක්‍රියාකාරකම් වලින් සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන් දින ගණනාවක් සීගිරියේ රැඳී සිටින බව ය

එම නිසා සංචාරකයන් විශාල ප්‍රමාණයක් මෙරට ඩොලර් වියදම් කරන බව ද පවසති .

මේ දිනවල සංචාරකයන්   සීමිත ප්‍රමාණයක් පැමිනියද   පවතින  දැඩි දුෂ්කරතාවයන් නිසා රටින් පිටව ගොස් තමන්ට ද රැකියාව අහිමි වී සංචාරක ව්‍යාපාර වසා දමා තිබෙන බවත්  ඇතැම් ඒවා විදේශිකයන් පැමිණෙනු  ඇතැයි බලාපොරොත්තු සහගතව විවෘත කර ගෙන සිටින බව ද සංචාරක ක්ෂේත්‍රයේ නියැලී අය පවසති .

විදේශිකයන් ආහාර පාන ලබාගත් ඇඳන් මේස පුටු මත සුනඛයන් වැනි සතුන් ලැග ගෙන සිටින අයුරු සීගිරියේ දී සංචාරක කර්මාන්තයේ කඩාවැටීම පෙන්වන දසුන් අතර වෙයි

එමෙනමෙන්ම සංචාරක මඟ පෙන්වන්නන් ත්‍රීරෝද රථ ප්‍රවාහන සපයන්නන් සීගිරිය ඉදිරිපිට වී තවත් ගල් උඩ ඔවුන් වාඩිවී   කාඩ් සෙල්ලම් කරන දසුන් ද සීගිරියේ මේ දිනවල දැක ගැනීමට හැකි විය

 විදේශිකයන්ට ආහාරපාන ලබා දුන් ස්ථාන පාළුවට ගොසිනි එමෙන්ම කාමර කුලියට ලබාදුන් ස්තාන ඔරු සෆාරි  කරත්ත සෆාරි අලි සෆාරි ගිය අය ද එම කරත්ත වලට බදින සතුන්   අලින් නඩත්තු කරගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බව පෙන්වා දෙති

එමෙන්ම සංචාරක කර්මාන්තය කඩා වැටීම් සඳහා සෘජුව මෙම රජය වගකිවයුතු බව සංචාරකක මග මග පෙන්වන්නෝ අවධාරණය කරති . සංචාරක කර්මාන්තයට නිසි තැන්  ප්‍රමුඛස්ථානයක් ලබා දීම් සිදු  කරන්නේ නම් මෙතරම් සංචාරක කර්මාන්තය කඩා වැටීම්ක් සිදු නොවන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙති

එමෙන්ම ඉතා  සීමිතව   ලංකාවට පැමිණ සිටින විදේශීය සංචාරකයන් කියා සිටියේ තමන් ලංකාවට දැඩි ආකර්ෂණයක් ඇති නිසා පැමිණි බවය විදුලිය ඉන්ධන සහ ගෑස් ආදී හිගය නිසා මෙරට ජනතාව පීඩනයකට පත්ව සිටින බවත් ඔවුන්ගේ රටවල් වල එවැනි දෙයක් නොමැති බව ද වර්තමාන රජය මේ සඳහා  අවධානය යොමු කරන ලෙස සංචාරකයෝ ඉල්ලා සිටීමද විශේෂත්වයකි.