රාජ්‍ය නිලධාරීන්, ගොවීන්ගේ වගාවන් විනාශ කිරීමේ ත්‍රස්තවාදී ක්‍රියාවලියක නිර්තව සිටින බව සීගිරියේ ගොවීන් පිරිසක් චෝදනා කරති

ආහාර  අර්බුදය දඩමීමා කරගෙන  සීගිරිය අභයභූමිය විනාශ කරනවා යැයි වනජීවී නිලධාරීහු පවසති.

 සීගිරිය කායම් වල ප්‍රදේශයේ   වසර ගණනාවක සිට වගා භූමි ලෙස පවත්වාගෙන එන ඉඩම්වල මෙවර වගාකළ වගාවන් වනජීවීි නිලධාරින් විසින් තහනම් කොට වගා භූමි විනාශ වන්නට ඉඩ හැර දැමීම  සිදුකරන බව ගොවීහු චෝදනා කරති

වසර ගණනාවක් තිස්සේ ලොකු ලූනු ,මුංඇට, පැණිකොමඩු, ඇතුළු ගොඩ බෝග වගා කරගෙන සිටි භූමි මෙවරද බොහෝ දෙනෙකු ලොකු ලූනු වගාවෙන් අතහැර යද්දි ගොවීන් වගා කිරීම් සඳහා ලොකු ලූනු තාවන් දමා බිම්  සැකසීම් සිදු කරද්දී වනජීවි   නිලධාරීන් පැමිණ ගොවීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව ඔවුහු පවසති.

 මේ වන විට වගා භූමි වලින් ඉවත් වන ලෙසත් ඒවා විනාශ කර දමන ලෙසත් වනජීවී නිලධාරීන් ගොවීන්ට තරවටු කරන බවද මෙය  රාජ්‍ය   නිලධාරීන් සිදුකරන ත්‍රස්තවාදී ක්‍රියාවක් බව  ගොවීන් චෝදනා කරන අතර 1999 සිට මෙම ප්‍රදේශයේයේ ලොකු ලූනු ඇතුළු ගොඩ බෝග රැසක් වගා  කරද්දී එම වනජීවී නිලධාරීන් නොදැක්කා වගේ සිට රටේ ආහාර අර්බුදයක් ඇති අවස්ථාවක සිිදුකරන ලද වගාවන් විනාශ කිරීම සිදු කරන්නේ මන්දැයි මෙම ගොවීන් ප්‍රශ්න කර සිටිති.

 එමෙන්ම ගොවීන් කියා සිටියේ විශාල  මුදල්ක් වියදම් කොට දේශීය ලොකු ලූනු තාවන් දමා එම තාවන් වලට අඩුම තරමේ ජලය සපයා ගැනීමට හෝ ඇතුළු වීමට ඉඩ නොදී ලොකු ලූනු තාවන්  විනාස කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවත් මෙම භූමි වල මුංඇට පැණිකොමඩු තම්පලා ආදී විවිධ එළවලු වර්ග මෙන්ම මහ විසාල ඵල දරන පොල් ගස් පවා පවතින   එමෙන්ම නිවාස පවා ඉදිකරගෙන වසර ගණනාවක් ජීවත්වන ප්‍රදේශයක් බව ඔවුහු පෙන්වා දෙති

මෙම ප්‍රදේශයේ කාන්තාවක  කියා සිටියේ තම ඉඩම් අත්පත් කරගැනීමට උත්සාහ දරන්නේ නම් එන රාජ්‍ය නිලධාරීන්   සමග ඕනෑම දේකට තමන් මුහුණ දෙන බවය

එමෙන්ම දේශීය ලොකු ලූනු වගා කළ ගෙවිලියක කියා සිටියේ වනජීවී නිලධාරීන් මේ ආකාරයෙන් අසරණ මිනිස්සුන් වගා කළ දේශීය ලොකුළ ලූනු   විනාශ කළහොත් තමන්  සහ සැමියා මෙම වගා භූමියේ ගසක එල්ලී මිය යන බවය.

 මේ  පිළිබඳව   සීගිරිය වනජීවී කාර්යාලයේ වැඩබලන අඩවි ආරක්ෂක ඩබ්ලිව් .එම්. කුලරත්න මහතාගෙන් අප දුරකථනය හරහා විමසීමේ දී කියා සිටියේ කණ්ඩායම් ඉතා සූක්ෂම ලෙස ආහාර හිගය මුල් කරගෙන සීගිරි   අභය භූමියේ වගා කටයුතු සිදු කරන බවය

එමනිසා ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ කටයුතු සිදු කරගෙන යන බව හෙතෙම සඳහන් කළේය

 ගවසර ගණනාවක සිට වගා කර ඇති ඉඩම් මෙවර පමණක් අධිකරණ   කටයුතු සිදු කරන්නේ කුමක් නිසා දැයි අප ඔහුගෙන් පෙරළා විමසුවෙමු

 ඊට පිළිතුරු දුන් කුලරත්න මහතා කියා සිටියේ වසර ගණනාවක සිට මෙය ක්‍රියාත්මක  වුවද අවස්ථා කිහිපයකම අධිකරණ කටයුතු සිදුකර තිබෙන බවය