රජයට විරෝදය පළකරමින් අම්බලන්තොට විරෝදතාවයක්

   ඝෝටා රනිල් වත්මන් හවුල් රජය දූෂිත වැඩපිළිවේලක් ගෙන යන බව පවසමින් හා  දිනෙන් දින ඉහල දමන ජීවන වියදමට විරෝධය පළකරමින් අම්බලන්තොට නගරයේදී 20  පස්වරුවේ විරෝධතා පා ගමනක් සහ උද්ඝෝෂණයක් පැවැත්විණි.

  ජාතික ජන බලවේගය මගින් සංවිධානය කර තිබු මෙම විරෝධතාව සදහා විෂාල  පිරිසක් සහභාගී වූ අතර පා ගමන අම්බලන්තොට මල්පෙත්තාව ප්‍රදේශයෙන් ආරම්භකර අම්බලන්තොට නගරය තෙක් පා ගමනින් පැමිණ ඔරලෝසු කණුව අසලදී සටන් පාඨ කියමින් විරෝධතාවයේ නියැළුණි.

  බඩු මිල අධික ලෙස ඉහල දැමීම ,පෝලිම් වල ජනතාව තියමින් පෝලිම් යුගයන් බිහි කිරීම ,ජනතාවගේ රැකියාවන් අහිමි කිරීම ,කුසගින්නෙන් ජනතාව පෙළීමට කටයුතු කිරීම ආදී කරුණු රැසක් මුල් කරගනිමින් ඔවුහු මෙලෙස විරෝධතාවයේ නියැළුනහ .