තෙල් ඉල්ලා දඹුල්ල  වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ කාර්යමණ්ඩලය විරෝධතා දක්වයි

  දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි සමුපකාර සංගමයට අයත් ඉන්ධන පිරවුම්හල අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතන සඳහා ඉන්ධන නිකුත් කරන පිරවුම්හලක් බවට පත්කොට අ්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ඉල්ලා දඹුල්ල  වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ සියලු කාර්ය මණ්ඩලය 20 දින විරෝධතාවයක් පවත්වමින්  ඉල්ලා සිටියහ.

 දඹුල්ල රෝහලේ සියලු සේවක සේවිකාවන් වීරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් හිස් කෑන්  එල්ලා ගනිමින් රෝහලේ සිට ප්‍රධාන මාර්ගයේ දඹුල්ල නගරය මධ්‍යයේ පිහිටි   සමුපකාර ඉන්දධන පිරවුම්හල ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වූහ.

 ඉන්ධන ලබා ගැනීම සඳහා සෞඛ්‍ය සේවකයන් පිරවුම්හල් අසලට ගිය  විට එහි සිටින මැර කණ්ඩායම් සෞඛ්‍ය සේවකයන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සේවකයන්ට පහර දීම් සහ  විවිධ අඩන්තේට්ටම්වලට ලක් කිරීම් හේතුවෙන් ජීවිත රැසක් අවධානමට ලක්වී ඇතැයි  ඔවුහු පෙන්වා දෙති,

   සෞඛ්‍ය සේවකයන්ට මෙය දැඩිව බලපා තිබෙන බවත් ඔවුන්ට රෝහල්ට පැමිණීමට  සේවය අවසන් කොට නැවත ගමන් කිරීමට හදිසි රෝගීන් ප්‍රවාහනය කිරීමට සහ රෝහල්වල වීදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම්ට පවා ඉන්ධන ලබා ගැනීමට නොහැකි තත්තවයක් පත්ව තිබෙන බවද ඔවුහු පෙන්වා දෙති .සමුපකාර ඉන්ධන පිරවුම්හල රජ්‍ය සේවකයන් සඳහා වෙන් කර ඇති බවට ප්‍රකාශ කරමින් අනෙකුත් ඉන්ධන පිරවුම්හල් වලට ගියාද සේවකයන්ට තර්ජන එල්ල වන බව ද සෞඛ්‍ය සේවකයෝ පෙන්වා දෙති.

 කෙසේ වෙතත් මෙම ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරවරයා කියා සිටියේ  අත්‍යවශ්‍ය සේවය සඳහා ඉන්ධන සංචිත තබා ගැනීමට තමන්ට හැකියාව තිබුණ ද නිසි ආරක්ෂාවක් නොමැති නිසා එම සංචිත පවා   ජනතාවට ලබා දීමට සිදුව ඇති බව ය . සේවකයන්  පීඩාකාරී තත්ත්වයකට පත්වෙමින් සිටින නිසා ඉහල ආරක්ෂාවක් සපයා දෙන්නේ නම් තමන්ට  අත්‍යවශ්‍ය  සේවා සඳහා ඉන්ධන සංචිත වෙන්කර ගැනීමට හැකි බව පැවසීය.

 පසුව දඹුල්ල මුල්ස්ථාන පොලිස් පරීක්ෂක රුශාන්ත  පෙරේරා මහතා එම ස්ථානයට පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ඡා කොට දඹුල්ල්ල ප්‍රාදේශීය ලේකම් වරයා සමග සාකච්ඡාවකින් අනතුරුව ඊට විසඳුමක් ලබා දෙන බව ප්‍රකාශ කිරීමත් සමඟ සෞඛ්‍ය සේවකයෝ රෝහලේ සිටින රෝගීන් ගැන සිතා විරෝධතාවය අවසන් කොට එම ස්ථානයෙන් පිටව යන්නට විය.