තරුණ ක්‍රියාකාරීන් වන රතිඳු සේනාරත්න නොහොත් ‘රට්ටා’, ලහිරු වීරසේකර ඇතුළු හත්දෙනා ජූලි 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ජූනි මස මුලදී ඇති වූ නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සමාජ ක්‍රියාකාරිකයෙකු සහ යූ ටියුබ්කරුවෙකු වන ‘යූත් ෆෝ චේන්ජ්’ ජාතික සංවිධායක ළහිරු වීරසේකර සහ රංගන ශිල්පී ජගත් මනුවර්ණ අද (22) පෙරවරුවේ මරදාන පොලිසියට භාර වී ඇත.
ජුනි 9 සහ 10 යන දිනවල කොළඹ කොටුවේ සහ තලංගම ප්‍රදේශයේ පැවති විරෝධතා අතරතුර කලහකාරී ලෙස සහ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ජුනි 17 වැනිදා පොලිසියට නියෝග කළේය.
සාපරාධී බලහත්කාරය, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, නීතිවිරෝධී රැස්වීම්, තුවාල සිදුකිරීම, පොදු දේපළවලට හානි කිරීම ඇතුළු චෝදනා කිහිපයක් ඔවුන්ට එල්ල වී තිබේ.