‘’රට .lk ‘’ සංස්කාරක  සජීව විජේවීරට මරණ තර්ජන

  ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා පිළිබඳව පළ කළ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන්, 22දා (2022. 06. 22) පෙරවරුවේ 0701860473 දුරකථන අංකයෙන් Rata.lk වෙබ් අඩවියේ සංස්කාරක  සජීව විජේවීර මහතාගේ ජංගම දුරකතනයට ඇමතූ ‘වලස්මුල්ලේ චමින්ද’ ලෙස තමන් හඳුන්වා දුන් පුද්ගලයෙක් ඔහුට මරණීය තර්ජනයක් සිදු කොට තිබේ.

 මිට දින කීපයකට  පෙර ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා සම්බන්ධව Rata.lk වෙබ් අඩවියේ පළ කළ ප්‍රවෘත්තිය පිළිබඳව ප්‍රශ්න කර ඇති මෙම පුද්ගලයා, ‘අපේ මිනිහාට මොකක් හරි වුණොත් බලාගත හැකියැ’ යි පවසා, ‘සතියක් ඇතුළත ඔහු හමු වීමට එන බව’ කියමින් තර්ජනය කර තිබේ.

තර්ජනය කළ හඬපටය

මේ පිළිබඳව මාධ්‍යවේදී සජීව විජේවීර මහතා අංක CIB 04 351/157 යටතේ පෝද්දල පොලීස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන අතර එම තර්ජනාත්මක දුරකථන පණිවිඩයේ හඬ පටයද ඉදිරිපත්කර තිබේ.

 මෙරට සිදුවන අනීතික ක්‍රියාවන් මෙන්ම වංචා දුෂණ  සම්බන්ධයෙන් හෙළි කිරීමට Rata.lk වෙබ්අඩවිය ඔස්සේ සජීව විජේවීර මහතා සුවිශාල මෙහෙවරක් සිදුකරනු ලබයි. එවන් අවස්ථාවක මේ ආකාරයෙන්  ජනමාධ්‍යවේදීන්ගේ නිදහස් වාර්තාකරණයට හා මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බාධා එල්ලකරන මෙවැනි තර්ජනාත්මක සිදුවීම් කිසි සේත් ප්‍රජාතන්ත්‍රවාදි රජයකදී සිදුවිය නොවිය යුත්තක් බවද මාධ්‍ය සංවිධාන අවධාරණය කරයි. එමෙන් මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකර අදාල සැකකරුවන් නිතිය හමුවට ඉදිරිපත්කිරීම මෙන්ම , මාධ්‍යවේදී සජීව විජේවීර මහතාගේ ආරක්ෂාව තහවුරු කරණ තුරු අපද අවධානයෙන් සිටි