කෝප්‍රල් සුමිත් ගේ අමුතුම ගේම

යුද හමුදාවේ ආබාධිත වූ විශ්‍රාම ගිය  රණවිරුවන් ගේ මෙන්ම  දීවයිනේ ග්‍රාමීය ප්‍රදේශවල උනන්දුවක් දක්වන ජනතාවට නොමිලේ නව තාක්ෂණය භාවිතා කරමින්   වගා කරන ක්‍රම ඉගැන්වීමේ ආදර්ශමත් සේවාවක් ඉටුකරන යුද හමුදා කෝප්‍රල්වරයෙකු අපට හමුව විය.

 යුද හමුදාවට පමණක් නොව මුළු මහත් සමාජයටම  සුවිශේෂී වූ මෙම යුධ හමුදා කෝප්‍රල්වරයා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හිනුක් වැව ප්‍රදේශයේ පදිංචිව සිටි,     දිවයිනේ සෑම ප්‍රදේශයකමටම ගොස් ගෙවත්තක අංගසම්පූර්ණ වගාවක් සිදු කරන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම  ඔහුගේ    සේවාව වෙයි.

 ඩී. එම් .ජි .සුමිත් කුමාර (45) හැවිරිදි මෙම තිදරු පියා යුධ හමුදා කෝප්‍රල්වරයා මේ වන විට යුද  හමුදාවේ 4 වන ඉංජිනේරු රෙජිමේන්තුවට අනුයුක්තව   සේවා ඉටුකරමින් සිටී.

 එවැනි වකවානුවක් තුළ වසර ගණනාවක් සිටම යුද හමුදාවේ රණවිරු සේවා අධිකාරිය සමග එක්ව ආබාධිත ණවිරුවන් ගේ නිවෙස් වලට අවශ්‍ය එළවළු පලතුරු නිවසේම වවා ගැනීම් සඳහා උපදේශකත්වය ලබා දීම ඔහුගේ අරමුණ බවට පත්ව තිබේ.

ඊට අමතරව කුරුණෑගල මහව ප්‍රදේශයේ ඔහු ආදර්ශමත් ගොවිපොළක් ද පවත්වාගෙන යනු ලබයි . එම ප්‍රදේශයේ ජනතාවට නොමිලේ වගාබිම් සකසා ගැනීම සඳහා විශාල කැප කිරීමක් සිදු කරමින් සිටී.

 මේ වනවිට දිවයිනෙන් ඈත්ව යන අතීතයේ සිට මෙරට තිබුණු එළවළු   පලතුරු වර්ග සියල්ල  යුධ හමුදා කෝප්‍රල් වරයා විසින් සිටුවා එම බීජ ලබාගෙන නැවත නැවත ඒවා රටපුරා උනන්දුවක් දක්වන ජනතාවට ලබා දීම සිදු කරයි.

  මෙම කෝප්‍රල් වරයාගේ ආදර්ශ ගොවිපළ ට ගිය අවස්ථාවේදී එහි අමුමිරිස් තක්කාලි ඉරිඟු වම්බටු බණ්ඩක්කා කෙසෙල් පොල් ආදී   මෙකී නොකී විශාල එළවළු වර්ග රැසක් මෙන්ම බීජ සඳහා වවන ලද එලවළු රැසක් ද දැක ගැනීමටට හැකි විය.

 කාබනික පොහොර සහ රසායනික පොහොර සම්මිශ්‍රණයකින් ඔහු නවතම වගා ක්‍රමවේදය ජනතාවට කියා දීම විශේෂත්වයකි ,ඔහුගේ අධීක්ෂණය යටතේ ප්‍රදේශයේ විශාල වගා බිම් රැසක් පවතී, එම වගා බිම් කරුවන් සමඟ එක්වී යුදහමුදාවෙ ඉංජිනේරු රෙජිමේන්තුවේ කෝප්‍රල් වරයා යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීම් වෙනුවට  ප්‍රදේශයටම ආවේණික වූ නව යන්ත්‍ර සූත්‍ර ඔවුන් විසින්ම නිපදවා ගොවීන්ට හඳුන්වා දෙමින් වගාවට ගොවීන් හුරු කිරීම සිදු  කිරීම මෙහි තවත් සුවිශේෂී වූ කරුණුකි.

 එවැනි ගොවීන් කියා සිටියේ තමන් ගොවීන් බවට පත්කළේ දැනුම් ලබා දුන්නේ යුද හමුදාවේ මෙම කෝප්‍රල්වරයා බවය .ගෙවතු මෙන්ම අවට පරිසරය ද අලංකරණයෙන් රටේ ආර්ථිකයට නිවසේ ආර්ථිකයට ශක්තියක් ලබා ගැනීමට හැකි වී ඇති බව ය.

 කුමාර මහතා ධාන්‍ය වර්ග ද රැසක් මේ වන විට වගා කොට තිබේ, කුරක්කන් අස්වැන්න නෙළා අවසන්ය, ඒවාද නව තාක්ෂණික ක්‍රමවේද යටතේ වගා කළ ඒවා බව ඔහු කියයි ,වී වගාව මේ වන විට අස්වැන්න නෙලීමට ආසන්න ව පවතින අතර තවත් කුඹුරු   කිහිපයක අස්වැන්න සුමිත් නෙළා අවසන් කොට තිබේ

  ගොයම් පැළ සිටුවීම ද නව තාක්ෂණය ක්‍රමවේද යටතේ සිටදුවීම නිසා අනෙකුත් අයට ආදර්ශයක් දෙමින් තමන්ගේ හොඳට පැහුණු කුඹුර පෙන්වමින් ඔහු කියා සිටියේය.

 කෙසේ වෙතත් යුද හමුදාවේ රණවිරු අධිකාරියේ සියලු   දෙනාගේ සහයෝගය ඇතිව තමන් දන්නා දේ  දීවයිනේ සෑම ප්‍රදේශයකින්ම ගොවීන්ට    තමන් විසින් අඩුපාඩුවකින් තොරව දැනුම් ලබා දීමට කැමැත්තෙන් සිටින බවත් හෙතෙම සඳහන් කළේය

 මේ වන විට   සුමිත් කුමාර මහතා ගෙවතු වගා වැඩ වැඩසටහනක් ද ආරම්භ කොට තිබේ, මෙම සියලු සේවාවන් සපයනු ලබන්නේ නොමිලේ වීම් විශේෂත්වයකි

 ඔහුගේ ඉලක්කය බවට පත්ව ඇත්තේ මෙරට ජනතාව වවාගෙන ආහාරයට ගත් ජනතාවක් නිසා නැවත එම  යුගයට ජනතාව රැගෙන යන බව යුද හමුදා කෝප්‍රල්වරයා පැවසීය .