32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

ඩයස්පෝරාවේ අපේක්ෂා ඉටු කිරීමට අප සූදානම් නැ – රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ

Must Read

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...

හම්බන්තොට වරාය ඉහළම රෝ රෝ මෙහෙයුම් වාර්තා කරයි

පසුගිය වසරට සාපේක්ෂව 2021 පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය...

රාමසාන් අද

රාමසාන් උත්සවය අදට (14) යෙදී තිබේ.ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර...

දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය කරුණු ඉටු කිරීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය උත්සහ කළත් ඩයස්පෝරාවේ අපේක්ෂා ඉටු කිරීමට අප සූදානම් නැතැයි මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

උතුරු නැගෙනහිර අවධානය අප රජය වෙත යොමු වන්නේ නම් රජයේ අවධානය එම ප්‍රදේශයට යොමු වනු ඇතැයි ද මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේය.

රාජ්‍ය අමාත්‍යධූරයට පත් ලොහාන් රත්වත්තේ මහතා අද (01) ශ්‍රී දළදා මාලිගාවේදී දන්තධාතූන් වහන්සේ වැද පුදා ආශිර්වාද ලබා ගත්හ.

අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඒ මහතා මධ්‍යම අධීවේගී මාර්ගය ඉදිකිරීමෙන් පසු යාපනය දක්වා අධීවේගී මාර්ගයක් ඉදිකිරීමට අපේක්ෂා කරන බව කීහ.

මහනුවර – කොළඹ මධ්‍යම අධිවේගී මාර්ගය අදියර තුනක් යටතේ ඉදිකරන අතර ඉන් අදියර දෙකක් මේ වනවිට ආරම්භ කර ඇතැයි කී ඒ මහතා මෙසේ ද කීහ.

තවත් වසර දෙකක් ගත වීමට මත්තෙන් මහනුවර කොළඹ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිමකිරීමටයි අප අපේක්ෂා කරන්නේ. කොළඹ සිට රත්නපුරට රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීමට ද අනතුරුව කුරුණෑගල සිට දඹුල්ල දක්වා අධිවේගී මාර්ගයක් සකස් කිරීමට ද අපේක්ෂා කරනවා.

මහනුවර තදබදය අවම කිරීම සඳහා විලියම් ගොපල්ලව මාවතේ සිට කිලෝමීටර් 5.5 ක දුරින් යුක්තව උමං මාර්ගයක් තැන්නෙකුඹුර දෙසට ඉදිකිරීමට සැලසුම් කර හමාරයි. ඊට සමගාමීව මහනුවර නගර මධ්‍යයේ තුළ පවතින අධික වාහන තදබදය වැළැක්වීමේ වැඩ පිළිවෙළක් ද මෙම වසර තුළ ආරම්භ කරනවා.

පසුගිය පාලන සමය තුල මධ්‍යම අධිවේගී මාර්ගයේ වන්දි ගෙවීම් නිසි අයුරින් සිදුවුණ් නැහැ. අමාත්‍යංශය සැලසුම් කළ වන්දි ගෙවීමෙන් අඩක්වත් සිදුවෙලා නැහැ. එම කාර්යය ක්‍රමවත් වැඩපිළිවෙළක් ඉටුකිරීමට අප කටයුතු කරනවා.

අද ඇතමුන් දේශපාලන දඩයමක් ක්‍රියාත්මක වෙනවා යැයි කීවත් යම් අයෙකු නීතිය කඩ කරන්නේ නම් ඊට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබීමට සිදු වෙනවා. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රෝහල් ගත වීම ඇතුලුව විවිධ උපක්‍රම වලින් රිංගා ගොස් නීතියෙන් බේරුණා. නමුත් අවශ්‍ය විමර්ශන කටයුතු සිදු කර ඉදිරියේදී එතුමා පිළිබඳව නිසි පියවර ගනු ඇතැයි අප විශ්වාස කරනවා.

නීතියෙන් ගැලවීම සඳහා අප සමග එක්වීමට ඇතමුන් අපේක්ෂා කරන නමුත් ඉදිරි මහ මැතිවරණයේදී අපි පරාජයට පත් වුණත් එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයන්ට අපගේ දොර විවෘත වන්නේ නැතැයි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතා ද මේ අවස්ථාවට එක්වූහ.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -

More Articles Like This

- Advertisement -