බිබිළේ කළුගල් ව්‍යාපාරිකයෙකුට ගල්ඔය ජාතික වනෝද්‍යානයේ මැණික් හැරීමට අවසර         

0
85

ගල්ඔය ජාතික වනෝද්‍යානය තුළ  බිබිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් මේ වන විට මැණික් පතලක් ආරම්භ කිරීම කර ඇති අතර ඔහු යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් ජාතික උද්‍යානය තුළ පතල් හෑරීම ආරම්භ  කර ඇත.                                    

එමෙන්ම ජාතික උද්‍යානයට අයිති භූමිය තුළ මැණික් පතල් හෑරීම සඳහා අවශ්‍ය බඩු භාණ්ඩ සදවා ගැනීමටත් , සේවකයන්ට සිටීම සඳහා කුඩා පැලක් සකස් කර ඇති අතර ඒ අවට වගා කිරීමද ආරම්භ කර ඇත.                                

2020.01 .23 දින ඒ. එම් විජේවර්ධන නැමැති    බිබිල ප්‍රදේශයේ කළුගල් ව්‍යාපාරිකයෙකු විසින්  පාරම්පරික ඉඩමක් ලෙස  සඳහන් කරමින් ඔප්පු අංකයක් ඉදිරිපත් කරමින් එහි මැණික් කැණීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අවසරය ඉල්ලා ඇත.  

ඒ අනුව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂක වරයෙකු විසින්  ගල්ඔය ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇති ඉඩමක වර්ග අඩි 100       බැගින් වු පතල් හතරක් කැණිමටත්  , වර්ග අඩි        400 පතලක් කැපීමටත් අවසර ලබාදී ඇති අතර ඒ සඳහාබැකෝ යන්ත්‍ර භාවිතා කිරීමට ද අවසර ලබා දී ඇත.                                       

 මේ අනුව බිබිල නිල්ගල ප්‍රදේශයේ ගල්ඔය  වනෝද්‍යානය තුළ           පිහිටි භූමියක් තුළ  පතල් කැපීමට අවසර ලබා දීමත්    ,      යන්ත්‍ර සූත්‍ර භාවිත කරමින් එම පරිසර පද්ධතිය විනාශ කිරීමත් නීති විරෝධී ක්‍රියාවකි.                                          

ඉහත සඳහන් කරන ලද  පතල් හෑරීම වෙනුවෙන් 2020/ 02/01 දින එ .එම්  .විජේවර්ධන නැමැති කළුගල් ව්‍යාපාරිකයන් විසින් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉඩමේ මායිම් සනාථ කිරීම සඳහා Gps. පාඨාංක සහිත වාර්තාවක් ලබා දී ඇති අතර එම පාඨාංක වලට අනුව දැනට අනවසරෙන් මැණික් පතලක් පවත්වාගෙන යන ඉඩම ගල්ඔය ජාතික වනෝද්‍යානය තුළ ඇති ඉඩමක් ලෙස වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරගත් බව එම්. ජි.සි. සූරියබණ්ඩාර අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් වජි/6/2/946- ¡¡¡  නැමැති අංකයෙන් ඌව සහකාර වන වන ජීවී වනජීවී සංරක්ෂණ කලාපයේ අධ්‍යක්ෂක වරයා වෙත යොමු කරන ලද ලිපියෙන් සඳහන් කර ඇත.                           

 ඒ අනුව රනිල් වික්‍රමසිංහ ලගෙ දේශපාලන බලය යොදාගනිමින් ගල්ඔය ජාතික වනෝද්‍යානය තුළ මේ වන විට යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් පතල් හෑරීම නිසා විශාල පාරිසරික හානියක් සිදුවී ඇත.    

                                                           

1954 වර්ෂයේ ගල්ඔය ජාතික වනෝද්‍යානයක් ලෙස නම්  කළ අතර  ගල් ඔය ඉගිනියාගලින් හරස්කර  1950 ඉදිකරන ලද සේනානායක සමුද්‍රයේ  පාරිසරික සංවේදී කලාපය ලෙස  මෙම වනෝද්‍යානය පිහිටවන  ලදී.    හෙට්ටයාර් 25,900 විශාලත්වයෙන් යුතු ගල්ඔය ජාතික වනෝද්‍යානය  පෙරණ් කලාපයට එපිට්න්  බ්බ්ල නිල්ගල ඓතිහාසික ඖෂධ උයන පිහිටා ඇත.                                                         
මෙම ප්‍රදේශය පුරා අධික ජෛව විවිධත්වයක් දැකගැනීමට හැකි අතර ,කුඹුක්,හල්මිල්ල,අරළු,බුලු,නෙල්ලි,හින්දද,තිත්ත වැල්,බිං කොහොඹ,විෂ්ණුක්‍රාන්ති,ගම්මාලු,කහට,අග්නි ජාලය,ගිනි තන,පැඟිරි මාන,වීර,කළුවර වැනි ශාක දැකගැනීමට හැකි අතර  තෘණ වර්ග හා සවනා තණ  බිම්වලින් මේවා ප්‍රදේශය සමන්විත ය.  (Baronnet Symphaedranis ) යන සමනල විශේෂය මෙම ප්‍රදේශයට සුවිශේෂී වූ සමනල විශේෂයකි. ලෝක සංරක්ෂණ සංගමය (IUCN)  අනුව වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති පඳුරු වටුවා,පතන් කුකුළා,කහ පාද බටගොයා වැනි සත්තු විශේෂ වල වාස භූමිය වන්නේ ද මෙම ප්‍රදේශයයි.                                                            

එමෙන්ම ගල්ඔය ජාතික වනෝද්‍යානය හා බිබිල නිල්ගල ප්‍රදේශය අලි ඇතුන්ගේ සුවිශේෂී වාසස්ථානයකි. සංචාරක කර්මාන්තය උදෙසා අලි ඇතුන් බැලීම සඳහා වසර පුරා විවිධ සංචාරකයින් පැමිණෙන අතර මැණික් හැරීම ඇතුළු නීති විරෝධී ක්‍රියා මගින් මෙම වනෝද්‍යානය තුළ සිටින අලි ඇතුන් ඇතුළු සත්තු ප්‍රජාවටත් ශාක පද්ධතියටත්  විශාල බාධාවක් පැමිණ ඇත.                        

 ක්ෂීරපායි විශේෂ තිස් දෙකක් පමණ හමුවන ගල්ඔය ජාතික වනෝද්‍යානය තුළ මන්ද වලහා, දිවියා,  මුවන් ඇතුළු සත්ව විශේෂ දැකගත හැකි අතර කුරුලු විශේෂ එකසිය පනහකට වැඩි ප්‍රමාණයක් දැකගත හැකිය.     

    බුද්ධදාස රජුගේ ඖෂධ උයන ලෙස ජනවහරේ පට බැඳී එන බිබිල නිල්ගල ප්‍රදේශය පුරාවිද්‍යාත්මක වත් ඉතාම වටිනා ප්‍රදේශයක් වන අතර ගල්ඔය ජාතික වනෝද්‍යානය හා ආ නිල්ගල ප්‍රදේශය අනවසර පතල් කැණීම් අද වන විට විනාශ මුඛයට පැමිණ ඇත. 

 වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත අනුව ජාතික වනෝද්‍යානයකට අනවසරෙන් ඇතුළු වීම පවා දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර. ඉහත සඳහන් කළ කළුගල් ව්‍යාපාරිකයා විසින් දේශපාලන බලය භාවිතා කරම්න් ජාතික වනෝද්‍යානය තුළ සිදුකරගෙන යන ක්‍රියාවලිය වන සත්ව හා  වූක්ෂලතාආඥා පනතේ  විධිවිධාන කඩ කරන අතර එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හා අධිකරණයට ඉදිරිපත් කිරීම මගින් දඬුවම් ලබාදීමේ හැකියාව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇත. එසේ තිබියදීත් ජාතික වනෝද්‍යානයට අයිති බල ප්‍රදේශයක් තුළ පතල් හා හාරා මැණික් ගැනීමට ඉඩදීම ජාතික වනෝද්‍යානයේ පරිසර පද්ධතියට කරන විශාල හානියකි.  එබැවින් මේය බලධාරීන්ගේ අවධානය සඳහා  කඩිනමින් යොමු විය යුතුය.

  රවින්ද්‍ර කාරියවසම්                                    

 (   ජාතික සම්බන්ධීකාරක, පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය CENS )