කාන්තාව සවිබල ගැන්විමට නෙළුවේදි තවත් ක්‍රියාන්විතයක්

0
34

     

 රටක ආර්ථික ව්‍යවසායට ග්‍රාමීය කාන්තාවන්ගෙන් සිදුවන දායකත්වය ඉහළ වටිනාකමක් ලබා දෙයි.ලෝකයේ සෑම රටකම වාගේ නිෂ්පාදන හා කාර්මාන්ත ක්ෂේත්‍රයේ ඇය ඉටු කරන කාර්යභාරය එරටේ තිරසාර සංවර්ධනයට සුවිශේෂි වැදගත්කමක් ගෙන දෙයි.එහෙත් මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ඔහුනට තවමත් නිසිතැන ලැබී ඇද්දැයි පවතින්නේ ප්‍රශ්නාර්ථයකි.විවිධ වෘත්තීන් තුළ කාන්තාව ඉහළ ප්‍රතිශතයක් දක්නට ලැබුණද අපේ රටේ දේශපාලනයෙහි කාන්තා නියෝජනය ගැන ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.මෙවැනි පසුබිමක මිඩියා නෙට්වර්ක් ආයතනය මගින් ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තාවට සවිබල ගන්වමින් දේශපාලනයට පිවිසුම් දොරටු විවර කරන්නට වැඩ සටහනක් ක්‍රියාවට නැංවූයේ මීට දෙවසරකට පෙරය.පවතින ආර්ථික,සාමාජීය,දේශපාලන අභියෝග හමුවේ සමස්ත සමාජයේ කාන්තාවන් පීඩාවට පත්ව ඇති පසුබිමක මෙවැනි වැඩ පිළිවලක් ක්‍රියාත්මක කිරීම තුළින් අරමුණු සාක්ෂාත් කර ගන්නට ලැබී ඇති දායකත්වය පසුවිපරමක් සිදු කරන්නට යළිත් පසුගියදා සමාජ ක්‍රියාකාරකයින් නෙළුව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයට එක් වූහ.මේ පසුවිපරම් ඇගයීම ඇසුරින් තබනු ලබන සටහනකි.ව්‍යවසායකයෙකු මෙන්ම සමාජ ක්‍රියාදරයෙකු වන දමයන්ති ස්වර්ණා දමයන්ති මහත්මිය ස්ත්‍රි පුරුෂ සමාජභාවය වෙනුවෙන් තම හඩ අවධිකරන්නීය.

“මෙවැනි වැඩ සටහන් ග්‍රාමිය කාන්තාවන් සදහා ක්‍රියාත්මක විය යුතුයි.අප දන්නවා දේශපාලන ක්ෂේත්‍රයට කාන්තාවන් වැඩි කැමැත්තක් දක්වන්නෙ නැහැ.ඊට හේතුව මේ පවතින දේශපාලන තත්ත්වයයි.මේ තත්ත්වය වෙනස් කරන්නට කාන්තාවන් සදහා ක්‍රියාත්මක වන වැඩ සටහන් අවශ්‍ය වෙනවා.එවැනි වැඩ සටහන් විශේෂයෙන්ම ග්‍රාමීය කාන්තාව වෙනුවෙන් ක්‍රියාත්මක නැහැ.මේ වැඩ සටහන තුළින් කාන්තාවට බය නැතිව ඉදිරියට එන්නට ශක්තියක් ලැබුණා.එය දේශපාලන ක්ෂේත්‍රෙ යේ පමණක් නොවෙයි.බොහෝ අංශ තුළින් මේ අවස්ථාව ලැබුණා.පෞද්ගලිකව මට ත් ඒ අත්ඇකිම තියෙනවා.මාගේ ස්වාමියා මෝටර් වාහන අළුත්වැඩියා ස්ථානයක් පවත්වා ගෙන යනවා.එහි මේ වන විට අමතර උපකරණ අලවි කිරීමේ වෙළදසැලක් පවත්වා ගෙන යන්නට ස්වාමියා සමග එක්ව මා කටයුතු කරනවා.එදා සමාජය සමග කටයුතු කිරිමේදී බයක් මට තිබුණා.දැන් ඒ තත්ත්වය නැහැ.ඕනෑම අභියෝගයක් බාර ගන්නට දැන් ශක්තිය තියෙනවා.ඒ වගේම මා විශ්වාස කරන දෙයක් තමයි කාන්තාවට පිළිගැනිමක් තිබිය යුතුයි.ඒ පිළිගැනිම ලබා දෙන්නට මාධ්‍යයට ලොකු වගකීමක් තියෙනවා.මේ ආයතනය මගින් ක්‍රියාත්මක කරන ලද මනුසත්හඩ ගුවන් විදුලි වැඩ සටහන කාන්තාවට තම අදහස් ප්‍රකාශ කරන්නට ඉඩක් ලැබුණා.මෙවැනි වැඩ සටහන් තවත් පුළුල් කළ යුතු බව දමයන්ති කීවාය.

පී.ජී.ආනන්ද මහතාද සමාජ ක්‍රියාකාරිකයෙකි. සමිති බොහොමයක නිලතල දරමින් කටයුතු කරන ඔහු මේ වැඩ සටහන ක්‍රියාවට නංවන්නට උනන්දුවක් දැක්වීය.ඔහු ද අප සමග අදහස් දැක්විය.”මේ වැඩ සටහන තුළ සාධනීය ලක්ෂණ ගණනාවක් දක්නට ලැබෙනවා.ඉන් එක් පියවරක් වන්නේ කාන්තාවට පිළිගැනිමක් ලබා දීමයි.මෙහි ක්‍රියාත්මක කරන ලද ක්‍රියාකාරකම් වගේම ගුවන් විදුලි වැඩ සටහන ඉතාම වැදගත්. එදා පළාත් පාලන ආයතනවලට නියෝජිතයන් තේරිමේදී බලෙන් තමයි ඒ තැනට යොමු කරන්න සිදු වුණේ .විශේෂයෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ මෙය වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. නමුත් මෙවැනි වැඩ සටහන් තුළින් කාන්තාවන්ට දේශපාලන ක්ෂේත්‍රය පිවිසෙන්නට බලයක් ලැබෙනවා.සමාජයේ කතිකාවක් නිර්මානය වෙනවා.එය ඉතා වැදගත්. අපේ රටේ කාන්තාව සම්බන්ධයෙන් ආකල්ප වෙනසක් ඇති කළ යුතුයි.මේ රටේ කාන්තාවට නිසි තැන ලබා දෙන්නට එවැනි කතිකාවක් ගෙන යායුතුයි.මෙය ජාතික අවශ්‍යතාවයක් බව ආනන්ද මහතා අවධාරණය කරන්නේය.

බිම් මට්ටමෙන් කාන්තා බලය ශක්තිමත් කිරීමට කාන්තා සමිති ක්‍රියාත්මක වුවද,තවමත් ඒ සදහා වැඩ පිළිවලක් දක්නට නොලැබේ. එවැනි යන්ත්‍රණයක අවශ්‍යාතවය අන්කවරදාටත් වඩා ඉස්මතුවන බව නව දැක්ම කාන්තා සමිතියේ සභාපති එස්.ඩී.ආර්.ගුණවර්ධන මහත්මිය කීවාය.

“හරිදේ හරියි කියන්න,වැරදි දේ සදහා හඩක් නගන්නට පුළුවන් හැකියාව කාන්තාවට තියෙනවා.අපේ රටේ පළාත් පාලන ආයතනයේ ඉදල ඉහළ පාලනය දක්වාම දුෂණයෙන් පිරිලා තියෙනවා.මෙවැනි වංචාවන් නිසාවෙන්ම දේශපාලඥයා පිරිහීමට ලක් වෙලා.මේ වෙනුවෙන් හඩ නගන්න කාන්තාවට තැනක් ලබා දිය යුතුයි.රටේ තිරසාර සංවර්ධනයත් ඇති කරන්නටනම් දේශපාලන ක්ෂේත්‍ර යේද කාන්තා දායකත්වය වැඩි කළ යුතුයි.පසුගිය කාලයේ කාන්තාව කැමැත්තෙන් දේශපාලනයට ආවේ නැහැ.බොහෝ බාධක ඇයට එල්ල වුණා.විශේෂයෙන්ම දුෂිතයන් කාන්තාවන් දේශපාලනයට එනවාට කැමැත්තක් නැහැ.එවගේම ඔවුන් සංවිධානගත කරන්නට අවස්ථාවන් අවමයි.ඒ නිසාවෙන් ප්‍රතිභා මිඩියා නෙට්වර්ක් මගින් ක්‍රියාත්මක කරන ලද වැඩ සටහන කාන්තාවන් සවිබල ගන්වන්නට ඉහළ දායකත්වයක් ලබා දුන්නා.හැබැයි මෙය ප්‍රමාණවත් කියා මා කියන්නේ නැහැ.දැන් ගුවන් විදුලි මාධ්‍ය වුවත් අපේ පණිවිඩය සිමිත පිරිසකට ගෙනියන්න පුළුවන් වුණේ.මෙය පුළුල් කළ යුතුයි.ඒ තුළින් කාන්තා හඩ අවධිකරන්නට හැකියාව ලැබෙනවා. ඒ සදහා රූපවාහිණි මාධ්‍යත් යොදා ගත යුතුයි.එය රටක සංවර්ධනය ට අත්‍යවශය කරුණක් බව “ගුණවර්ධන මහත්මිය පැවසුවාය.

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වන දිසානායක මහත්මියද වැඩ සම්බන්ධයෙන් මෙහිදී ප්‍රතිචාර දැක්වූවාය.”කාන්තාව ට සුවිශේෂි වගකීමක් තියෙනවා.මෙම වගකීම ඉටුකිරීමේදී සමාජ ආකල්ප බලපෑමක් ඇති කරනවා.විශේෂයෙන්ම ග්‍රාමීය කාන්තාව එහිදී වැඩි වශයෙන් මෙම ගැටළුවට මුහුණ දෙනවා.කාන්තා හිංසනය,සමාජ ගැටළුහමුවේද ඇය පීඩනයට ලක්වෙනවා.මේ නිසාවෙන්ම මෙවැනි කාන්තා සවිබල ගැන්වීමේ වැඩ සටහන් වැදගත් වෙනවා.මෙහිදී සිමිත පිරිසක් පමණයි සහභාගි වුණේ.මෙය පුළුල්ව පැවැත්විය යුතුයි.ඒ සදහා කාන්තාවන් සහභාගි කර ගත යුතුයි.එවගේම පිළිගැනිමක් කාන්තාවට ලබා දිය යුතුයි.ගුවන් විදුලි වැඩ සටහන තුළ කාන්තා හඩ ට ඉඩ දුන්නා.නමුත් තවත් පුළුල් කළ යුතුයි.ගුවන් විදුලිය අහන ප්‍රමාණය අඩු වෙලා.නමුත් ඒ වැඩ සටහන ඉතා හොදයි.රූපවාහිණි මාධ්‍ය ත් මේ සදහා යොදා ගනිමින් කාන්තා සමාජමය ගැටළු පිළිබඳ කතිකාවක් නිර්මානය කළ හැකි නම් වැදගත්.එවගේම දේශපාලනයට කාන්තාවට එන්නට මෙවැනි වැඩ සටහන් තුළින් පන්නරයක් ලැබෙන බව දිසානායක මහත්මිය පැවසුවාය.

ටී.කේ.මහින්ද විසිනි.