දකුණු කොරියාවේ තෙරපීමෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

0
45

දකුණු කොරියාවේ සෝල් අගනගරයේ පැවති හැලොවීන් සැමරුමක් අතරතුර දී ඇතිවූ තෙරපීම හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව ඉහළගොස් තිබේ.

ඒ අනුව විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තා කර ඇත්තේ පුද්ගලයින් 100ට අධික පිරිසක් මියගොස් ඇති බවය.

එම උත්සවය සැමරීම සඳහා 100,000කට ආසන්න පිරිසක් සහභාගී ව ඇති අතර එහිදී ඇති වූ තෙරපීමක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත.