වතු ජනතාවගේ දුක කදුළුවලට වග කියන්න ඔීනෑ රාජපක්ෂ පවුල් පාලනයයි

හැම තේ ගසක් මුලම දුක කදුළු වර්ධනය වෙමින් පවතින බවත්, වතු ජනතාවගේ අසීමිත අසහනය හා පීඩනය මුළු ලෝකයටම පෙනෙන බවත්, ඒ හැම කදුළු බින්දුවකටම වග කියයන්න ඔීනෑ රට බංකොලොත් කරපු හා රට විනාශ කරපු රාජපක්ෂ පවුල් පාලනය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

කොටගල කේම්බ්‍රිජ් විදුහලට බස් රථායක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට අද (29) එක් වෙමින් ඒ මහතා එසේ කීය. එහෙදී තවදුරටත් අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා මෙසේද පැවැසීය.

කුඩා තේ වත්තක හිමිකාරයන් කරනවා කියන එක මම එදා ප්‍රකාශ කරන කොට මට සමහරෙක් හිනා උනා. මට මඩ ගැහුවා. මාව විවේචනය කලා. හැබැයි  මට එහෙම කරපු පොහොට්ටුකාරයෝ ටික එකතු වෙලා වතු ජනතතාවගේ ජන ජිවිතය නරකාදියටම තල්ලු කරලා දාලයි තියෙන්නේ.

තේ කර්මාන්තය නැති කරලා තේ වගාව විනාශ කරලා තේ වලට පොහොර දෙන්නේ නැතිව වතු ජනතාව අපායටම තල්ලු කරලා දැම්මා. මේ වගේ වතු ජනතාව විනාශ වු යුගයක් ඉතිහාසයේ තිබිලා නැහැ. වතු ජනතාව විතරක් නෙවෙයි රටේ හැම ජනතාවක්ම විනාශ කරලා. ගොවි ජනතාව, ධීවර ජනතාව, මධ්‍යම පන්තියේ ජනතාව, රාජ්‍ය සේවයේ නියුතු ජනතාව  ආදි හැම දෙනාම විනාශ භාවයට පත් කරපු ආණ්ඩුවක් මේක.