සාපරාධි අපරාධයක්වූ අතුරුදහන් කිරීම හමුවේ වින්දිත පවුල්වලින් නැගෙන මනුසත් හඬ

0
47

අතුරුදහන්වීම යනු ඉතාමත්ම සංවේදිම කාරණාවකි.ශ්‍රී ලංකාවේද උතුරේද දකුණේද මෙවැනි සිදුවීම් වාර්තාවූයේය.එවැනි සිදුවීම් බලහත්කාරයෙන්ද ,තවත් අවස්ථාවන්හි අනපේක්ෂිතවද වාර්තා වූයේය.කෙසේ නමුත් බලහත්කාරයෙන් සිදුවන සිදුවීම් සාපරාධි වරදක් නම්කර ඇත්තේය.මෙවැනි සිදුවීම් සමාජයකට කෙතරම් බලපෑමක් එල්ලකරන්නේද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ.මේ නිසාවෙන්ම අතුරුදහන් වූ ජාත්‍යන්තර දිනයක්ද ප්‍රකාශයට පත්ව ඇති අතර එය අගෝස්තුමස 30 වැනි දිනට යෙදී ඇත.දශක හතරක් පුරා සිදුව ඇති මෙවැනි අතුරුදහන්වීම් හේතුවෙන් වින්දිත පවුල් මානසකික,ආර්ථික,සාමාජීය ගැටළු ගණනාවකින් පීඩපත්ව ඇත්තේය.මේ හේතුවෙන්ම දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රතිභා මිඩියා නෙට්වර්ක් ආයතනය මගින් ද මීට වසර දෙකකට පෙර වැඩ සටහනක්  ක්‍රියාත්මක කළේය. අතුරුදහන්වූ පවුල්වල ආර්ථිකය සවිමත් කිරීම මෙන්ම ඔවුන් ට මඟපෙන්වීමද මෙහි අරමුණු බවට පත් විය.අප විමසා බලන්නේ මෙම සංවිධානයවීම කවර ආකාරයකින් සමාජ බලපෑමක් ඇති කරන්නට සමත්වූයේද? යන්නයි. 

88/89 වර්ෂවල ක්‍රියාත්මකවූ තරුණ කැරැල්ලෙහිද අතුරුදහන්වූ පවුල් සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තා වූයේය.තවත් සංවේදි කාරණාවක් බවට පත් වූයේ මුහුදු රැකියාවට ගොස් දියඹේ අතුරුදහන්වූ පුද්ගලයින් හේතුවෙන්ද වින්දිත පවුල්වලට බලපෑම් එල්ල වූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ලෙස  දික්වැල්ල හදුනාගත හැකිය. රුහුණු ගුවන් විදුලියත් ,ඌව ගුවන් විදුලිය මගින් ක්‍රියාත්මක වූ මනුසත් හඩ මගින් යළිත් මේ ජනතා හඩ අවධි කළේය.මෙම සමාජ සත්කාරක වැඩ සටහන ගැන රුවන් කිත්සිරි මහතා මෙසේ අදහස් දැක්වීය.

“මෙය ඉතාම සංවේදී කාරණාවක්. ඇතැම් විට පුද්ගල තර්ජනයක් මතත් ,අනපේක්ෂිත ලෙසත් අතුරුදහන් වෙන්න පුළුවන්.තවත් විටක මුහුදු ගිහින් අනතුරකින් අතුරුදහන්කිරිමක් සිදු විය හැකියි.මේ සදහා රජය මැදිහත් විය යුතුයි. මේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු කළ යුතුයි.එහෙත් මෙවැනි ගැටළු ඉතාම සංකීර්ණයි.මෙසේ අසරණවූ පවුල්වල ආදායම් උත්පාදන මාර්ග තුළින් තම ජීවන උපාය ගොඩනගාගන්නට සහාය විය යුතුයි.මේ සම්බන්ධ වඩාත්ම අත්දැකීමක් තියෙන්නේ මුහුණු ගිහින් අතුරුදහන්වූ පවුල් සම්බන්ධයෙනුයි. අප ජිවත්වෙන්නේ ධිවර පලාතකයි.මේ වගේ අඩුආදායම්ලාභි ධිවර පවුල්වල තමයි වැඩි වශයෙන්ම මේ තත්ත්වයෙන් පීඩාවිදින්නේ.අප විශ්වාස කරන්නේ මේ වගේ පවුල් සදහා කඩිනමින් වන්දි ලබාදීමේ ක්‍රම වේදයක් සකස් විය යුතුයි.ඒ ප්‍රතිපත්ති සම්පාදනය විය යුතුයි.ඇතැම් විට ඒක පුද්ගලික පළිගැනිමක් ලෙස සලසා කටයුතු නොකළ යුතුයි.මෙවැනි අතුරුදහන් කිරිමක් ඇතැම්විට සංවිධානාත්මක පළි ගැනිමක් විය හැකියි.සමහරක් විට අනතුරක් නිසා විය හැකියි.ඒ කවරක් සිදුවුවත් මෙහි සාධාරණයක් විය යුතුයි.ඔවුනගේ පවුල්වලට ආර්ථික සාමාජිය වශයෙන් ස්ථාවර වෙන්න අවස්ථාවක් ලබා දිය යුතුයි.කිසියම් කාලසිමාවක් සදහා විය හැකියි.ප්‍රතිභා මිඩියා නෙට්වර්ක් ආයතනය මගින් ක්‍රියාත්මක කරන ලද මේ වැඩ සටහන ඉතාම වැදගත් කියලයි මා විශ්වාස කරන්නේ..මෙවැනි වැඩ සටහන් මගින් සමාජයේ පෙළඹවීමක් කරන්න අවස්ථාවක් බවට පත්වෙනවා.ඒ වගේම නොදැණුවත් බව ඔහුන් මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් බවට පත් වුණා. මෙවැනි ගැටළුවලට මගපෙන්විමක් ලබා දෙන්න හැකියාව ලැබුණා.නමුත් මේ සම්බන්ධයෙන් යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද අතුරුදහන්වූ කාර්යාල ක්‍රියාත්මක කිරීම,වන්දි ගෙවිම මෙවැනි වැඩ සටහන් නැවතුණා.ඒ නිසා ඉන් එහාට යමක් මෙවැනි පවුල් වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නට අවස්ථාව ලැබුණෙ නැහැ.

සිවිල් ආරක්ෂක කමිටුවේද ග්‍රාම සංවර්ධණ සමිතියේද සභාපතිධුරය දරණ ඒ.ටී.සාගරිකා මහත්මිය ද අතුරුදහන්වූ පවුල් සම්බන්ධයෙන් කටයුතු කරන සමාජ ක්‍රියාකාරිනියක්.ඇය ද මෙසේ අදහස් දැක්වුවාය.”අපේ පළාතේ ධීවර කාර්මාන්තයේ යෙදෙන්නේ.ධීවර රැකියාවට ගිහින් අතුරුදහන්වූ පවුල් ගණනාවක් මෙහි ඉන්නවා.මෙවැනි වින්දිත පවුල් දැඩි ලෙස අසරණභාවයට පත් වෙලා.ප්‍රතිභා ආයතනයක් එක්ක වරක් අප මේ සම්බන්ධ සමීක්ෂණයක් කරණු ලැබුවා.

මෙවැනි තත්ත්වයන් වඩාත් දක්නට ලැබෙන්නේ ඉතා දිනිදු පවුල්වල් වලයි. ප්‍රතිභා මිඩියා නෙට්වර්ක් ආයතනය නිසයි මේ වගේ මැදිහත්වීම් වෙන්න අවස්ථාව ලැබුණේ.ඒ ආයතනය සමග මුල් වැඩ සටහනට ගියාට පසුව මට හිතුනේ අපේ ගම වෙනුවෙන් යමක් කරලා නැහැ කියලයි. සමාජ සේවයක් කරන්න ඕන කියලා හිතුණා. මේ නිසාම එක්තරා ධිවර පවුලක ගැටළුවට මැදිහත් වෙන්න අවස්ථාව ලැබුණා.මා තෝරා ගත් පවුලේ මුහුදු රස්සාවට ගිහින් ස්වාමියා අතුරුදහන්වූ පවුලක්. එම කාන්තාවක් කිව්වා. එයාගේ ස්වාමියා මුහුදු රස්සාවට ගිහින් අතුරුදහන් වුණා.පසුව ඇයගේ පුතාත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙලා .පොලිසියේ ද මැදිහත්වීම තුළ මේ පවුලේ අය වෙනුවෙන් මැදිහත් වෙන්න අවස්ථාව ලැබුණා.මේ දරුවා යම් දුරකට සාර්ථකත්වය පත් වෙලා. අපේ ගමේ වඩාත් හොදින් ක්‍රියාත්මක වෙන්නේ ධිවර සමිතියයි ග්‍රාම සංවර්ධන සමිතියයයි.ස්වයං රැකියා වැඩ සටහනක් හදුන්වා දෙන්නත් අප කටයුතු කළා. එවැනි පවුලක් වෙනුවෙන් ළණු මැසිමක් අරන් දුන්නා.ඒ වැඩ පිළිවලට ශක්තියක් බවට ප්‍රතිභා ආයතනයෙන් ලබා ගත් දැනුවත්වීම් වැදගත් වුණා.මේ වගේ කටයුතු සදහා ආයතනවල අඩුවක් දක්නට ලැබෙන්නේ.අප ට පුළුවම් මට්ටමින් මේ වැඩ පිළිවල ක්‍රියාත්මක කළ බව ඇය කීවාය.ඒ සදහා මෙම ආයතනයෙන් ලැබුණු පන්නරය ඇය සිහිපත් කරන්නේද ගෞරවයෙනි.

එල්.එන්.ශාන්තිලතා මහත්මිය අතුරුදහන්වුවන් සම්බන්ධ මාතර කාර්යාලයට මා ගිහින් තියෙනවා.නමුත් එම වැඩ පිළිවල අඛණ්ඩව ක්‍රියාත්මක වුණේ නැහැ.මේ නිසා උදව්වක් ලබා ගන්න බැරිවුණා. මගේ පුතාත් මුහුදු ගිහින් අතුරුදහන් වුණේ.ත්‍රිකුණාමලය ධිවර වරායට ගිහින් රැකියාවේ නිරතව ඉන්න අවස්ථාවේදී තවත් හතරදෙනෙකු සමග අතුරුදහන් වූයේ 1997 දී යි. ඒත් අපට කිසිම පිළිසරණක් ලැබුණෙ නැහැ.අප ට හිසට සහනයක් හරි ලැබෙනවා.ප්‍රතිභා ආයතනය ක්‍රියාත්මක කළ වැඩ සටහන තුළ අප ට ශක්තියක් ලැබුණා.අප අතුරුදහන් වූ කාර්යාලයට යන්න අවස්ථාව ලැබුණේ මේ ආයතනය නිසයි. ඒත් අපේ පවුල එදා සිට අසරණ වෙලා ඉන්නා බව ශාන්තා ලතා මහත්මිය කීවාය.

රුණ සංවිධානයක තරුණ නායිකාවක වන කේ.එස්.කෞෂළ්‍ය මෙනවිය ද අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් උනන්දුකින් කටයුතු කරන්නීය.ඇය මෙසේ අදහස් දැක්වුවාය.” අතුරුදහන්වුවන් පුද්ගලයන් සම්බන්ධයෙන් අපේ රටේ ආයතන දක්වන උනන්දුව අඩුයි.මේ සදහා සංවිධාන ක්‍රියාත්මක විය යුතුයි.ප්‍රතිභා මාධ්‍ය ජාලය එවැනි සමාජ කණ්ඩායම් බලගන්වමින් දැනුවත් කරන්නට ගත් උත්සාහය අගය කරනවා.වැඩ සටහනට සීමානොවී එය අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතු බව ඇය පැවසුවාය.

අතුරුදහන්වූ පවුල් 15 ක් පමණ මේ ගම්මානයේ ජිවිකාව ගෙවන්නේය.ඔවුන්ද සමාජයේ තවත් පැතිකඩකි.ප්‍රතිභා මිඩියා නෙට්වර්ක් වැනි ආයතන මේ සමාජ පැතිකඩ වෙනුවෙන් ද ක්‍රියාවට නැංවීම කාලීන අවශ්‍යතාවයකි.

සටහන ටී.කේ.මහින්ද