හෙරොයින් කිලෝග්‍රෑම් 300ක්  සමඟ සැකකරුවන් 10ක්  හම්බන්තොට මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) එක්ව පසුගිය 06 වනදා රාත්‍රී 11 සිට 07 වනදා අලුයම දකවා කාලය තුලදී   සිදුකළ මෙහෙයුමකදී හම්බන්තොටට සිට මුහුදු සැතපුම් 12ක පමණ  ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී  හෙරොයින් කිලෝග්‍රෑම් 300 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

 මෙම මෙහෙයුමේදී දීවර යාත්‍රාවක් හා සැකකරුවන් 10කු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි  නාවික හමුදාව ප්‍රකාශකර සිටින්නේ.

එමෙන්ම එම අදාළ ධිවර යාත්‍රාව දෙවුන්දර ධීවර වරායෙන් ධීවර කටයුතු සදහා පිටව ගොස් ඇති එකක්  වේ. ධීවර කටයුතු සඳහා පිටව යන ලද අංක IMULA – 0879 MTR දරණ කවිදු පුතා නැමැති බහුදින ධිවර යාත්‍රාවක් වන අතර අත්අඩංගුවට ගත් පිරිස අතර එම ධිවර යාත්‍රාවේ කාර්ය මණ්ඩලය ලෙස ගමන්ගත් කෝට්ටගොඩ පදිංචි කරුවන්  06 දෙනෙකු සහ මෙම ජාවාරමට සම්බන්ධ නිල්ලවැල්ල ප්‍රදේශයේදී තවත් 04 දෙනෙකුද ගොඩබිමදී අත්අඩංගුවට ගෙන තිබේ.  බෝට්ටුවේ ගමන්ගත් කාර්යමණ්ඩල 06 දෙනා අතර බෝට්ටුවේ හිමිකරුද සිටින බවයි නාවික හමුදාව ප්‍රකාශ කර සිටින්නේ

හෙ⁣රොයින් කිලෝ ග්රෑම් 300ට ආසන්න ප්‍රමාණයක් සමඟ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් එහි සිටි සැකකරුවන් ද සමග 2022.11.07 දින උදැසන 06ට පමණ   දක්‍ෂිණ නාවික හමුදා කදවුරට රැගෙනවිත් තිබේ.