වයස අවුරුදු 10ක් දැරිවියකට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවටගත්  ලුණම විද්‍යාලයේ  ගුරුවරයා මෙමස 14 දක්වා රක්ෂිත බන්ධනාඝාරගතකෙරේ

0
101

   අම්බලන්තොට ලුණම විද්‍යාලයේ  පහවසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 10ක දැරියකට කෝටුවකින් පහරිදී කෘර වද හිංසා පමුණුවනු ලැබූ බවට සැකපිට එම පාසලේ ගුරුවරයෙකු හුංගම පොලිසිය මගින්  අත්අඩංගුවට ගෙන  අගුණුකොලපලැස්ස අධිකරනයවෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 14 දක්වා රක්ෂිත බන්ධනාඝාර ගතකරන ලෙස මහේස්ත්‍රාත් R.D.ජානක මහතා නියෝග කර තිබේ.

  අදාළ ගුරුවරයා තමාගේ දරුවාට නිරන්තරයෙන් පහරදෙන බවත් ඒ ආකාරයෙන් පසුගිය 10 වනදා පාසල් කාලයේදී ද ඒ කාරයෙන් කොටුවකින් පහරවල් 15ක් පමණ ගසා තිබෙන බවත් පවසමින් දැරියගේ දෙමාපියන් විසින් හුංගම පොලිසිය වෙත සිදුකරනු ලැබූ පැමිණිල්ලකට අනුව 10 වනදා සවස මෙම ගුරුවරයා අත්අඩංගුවට ගත්බවයි පොලිසිය පවසා සිටියේ.

  එමෙන්ම දරුවාගේ දෙමාපියන් පොලිසියට ප්‍රකාශකර ඇත්තේ දරුවාගේ කොන්ඩයෙන් අල්ලා නිතර මෙම ගුරුවරයා පහරදීම හේතුවෙන් පසුව එය වැලක්වීමේ අරමුණින් දැරිවියගේ කොන්ඩය ද කොටට කැපු බවයි.එමෙන්ම ගුරුවරයාගේ පහරදීම් නිසා දරුවා පාසල් යාමටද අකමැතිවූ බව දෙමා පියන් පොලිසියට පවසා තිබෙනවා. අදාල ගුරුවරයා දරුවාගේ පන්තිභාර  ගුරුවරයා බවද එම දෙමා පියන් පොලිසියට පවසා තිබේ.

ගුරුවරයාගේ පහරකෑමට ලක්වූ දැරිවිය මේ වනවිට තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර අධිකරණ වෛද්‍යවරයාගේ පරීක්ෂාවටද යොමුකිරීමට කටයතු කර තිබේ.

 එමෙන්ම මේ ආකාරයෙන් පාසලේ වෙනත් දරුවන් කිපදෙනේකුහටම අදාළ ගුරුවරයා අමානුෂිකව පහරදී තිබෙන බව දෙමාපියන් කීපදෙනකු පවසා සිටියේය. මෙම ගුරුවරයා  සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිනියට පැමිණිලි කරනු  ලැබුවත් ඉන් පලක් නොවූ බවයි එම දෙමාපියන්ද කියා සිටියේ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් විධයාලයේ විදුහල්පති ජයවර්ධන මහත්මිය ප්‍රකාශකර සිටියේ  මෙම ගුරුවරයා සම්බන්ධයෙන් තමන්හට කිසිදු දෙමාපියකුගෙන් පැමිණිල්ලක් ලැබී නොමැති බවයි. කෙසේ නමුත් මෙම කාලය තුලදී එම ගුරුවරයාගෙන් ඉටිවිය යුතු