උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ අඛණ්ඩව විදුලිය ලබාදීමට නොහැකි වියහැක්කේ පසුගිය කාලසීමාව තුළ බලධාරීන් විසින් ගත් අත්තනෝමතික ක්‍රියාපිළිවෙත් හේතුවෙන් බව විදුලි ඉංජිනේරු සංගමය චෝදනා කරයි.
අද (23) පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පැවසුවේ විදුලිය උත්පාදනයට අවශ්‍ය ඉන්ධන සහ ගල්අඟුරු නිසි කාලසීමාවන්හී දි ලබාදුන්නේ නම් මෙම ගැටලුව ඇති නොවන බවය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා….
“අපි සූදානමින් හිටියා විදුලිය ජනනය කරන්න. හිටි හැටියේය විභාග කටේ තියලා මේ මිල වැඩිකළා. අපි ලාභ ලබන ආයතනයක් නෙමේ. ලංවීමේ මුල්‍ය තත්ත්වය පිරිහුණ කතාව ඇත්ත. බිලියන 5ක් දැන් දුන්නා කියලා බිලියන 5 කොළ ටික දාලා ඔය ජනන යන්ත්‍රය කරකවන්න බෑනේ. වතුර ටික අපි යවලා තියෙනවා. ආයේ අපිට වතුර පුරවා ගන්න විදියක් නෑනේ. දැන් එන්නේ නියං කාලේ. ගල්අඟුරු ටික ගෙනැල්ලා තිබුණානම්.. අපිට විදුලිය නිපදවන්න තිබුණා. ඒ දවස් ටිකේ ගල් අඟුරු නැති නිසා අපි වතුරෙන් විදුලිය ජනනය කළා. අපේ පද්ධතියම ක්‍රියාත්මක වෙන්නේ මේ සංකීර්ණ ක්‍රමවේදය තුළ. ගල් අඟුරු, නැප්තා, වතුර, ඩීසල් මේ ඔක්කේම ඕනේ. ඒකයි අපි කලින් සැලසුම් කරන්නේ.අද රුපියල් ගත්තට විදුලි කප්පාදුව නවත්වන්න බෑ.”
කෙසේ වෙතත් විදුලි කප්පාදුව අඩුකර ඇති බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරයි.
ඒ අනුව විදුලි කප්පාදුව පැය 2ක දක්වා අඩුකර තිබේ.
ABCDEFGHIJKLPQRSTUVW කලාප සඳහා ඒ අනුව දිවා කාලයේදී විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක් වශයෙන් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.
මේ අතර ජනවාරි 23 සහ පෙබරවාරි 17 වනදා අතර කාලය තුළදී විභාගය පැවැත්වෙන දිනවලට පෙර දිනයන්හිදී රාත්‍රී 7න් පසුව විදුලි කප්පාදුව සිදුනොකරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබේ.
එම කොමිසම ලිපියක් යොමුකරමින් මෙම ඉල්ලීම සිදුකර ඇත.