
හපුතලේ ප්රදේශයේදී සිදුවු ගුවන් අනතුරින් මියගිය ගුවන් හමුදා සාමාජිකයින්ගේ මෘත ශරිර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරික්ෂණය මේ වන විට බදුල්ල මහ රෝහලේ සිදු කෙරෙයි.
අනතුරින් මිය ගිය පිරිසගේ සිරුරු ඊයේ රාත්රියේ එම ස්ථානයෙන් ඉවත් කෙරුණේ දැඩි පරිශ්රමයකින් අනතුරුවයි.
මේ අතර රජයේ රස පරීක්ෂකවරයා අද අනතුර සිදුවූ ස්ථානය නිරීක්ෂණය කළේය.
හපුතලේ තම්බපිල්ල මාවත, අයිස් පිල්ල ප්රදේශයට ගුවන් හමුදාවට අයත් Y 12 වර්ගයේ ගුවන් යානයක් කඩා වැටුණේ ඊයේ උදෑසන 9.15 ට පමණ.
ගුවන් අනතුරින් එහි ගමන්කළ සිව්දෙනෙකු මියගියේය.
ගුවන් යානය අනතුරට පත්වන අවස්ථාවේ එහි නියමුවා ලෙස කටයුතු කර ඇත්තේ බලගණ නායක බුද්ධි වීබැද්ද මහතායි.
සහය ගුවන් නියමුවා ලෙස බලපන්ති නායක ලංකාපුර කුලතුංග මහතා කටයුතු කර තිබුණි.
එම අවස්ථාවේ ගුවන් යානයේ ගමන් තුළ නායක ගුවන්භට එල්.ඒ .සී හෙට්ටිආරච්චි මහතා සහ සැරයන් ඩී .ඩබ්ලිව්.කුමාර මහතාද අනතුරින් ජීවිතක්ෂයට පත්වුණි.
ඊයේ දහවල් අනතුර සිදුවූ ස්ථානයේ සිදුකළ මූලික විමර්ශන වලින් අනතුරුව මියගිය ගුවන් හමුදා සාමාජිකයින්ගේ සිරුරු ඊයේ රාත්රියේ එම ස්ථානයෙන් ඉවත් කෙරුණේ පැය 3ක පමණ පරිශ්රමයකින් පසුවයි.
මියගිය ගුවන් හමුදා සාමාජිකයින්ගේ මෘත ශරිර මේ වන විට බදුල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර සිරුරු පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය මේ වන විටත් සිදු කරමින් පවතියි