32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

21 හා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අපි එකග නෑ -අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන්

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

21 හා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අපි එකග නෑ -අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන්

පාර්ලිමේන්තුවට ගෙනවිත් ති‌‌බෙන 21 හා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සුළු ජාතික පක්ෂයක් හා සුළු ජාතින් ලෙස අපි ඊට එකඟ නොවන බව කඳුරට ජනතා පෙරමුණ පක්ෂයේ නායක, හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා පැවැසීය.

තලවකැලේ නගරයේදි අද (04) පැවැති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් ඒ මහතා එසේ කීය. හිටපු අමාත්‍යවරයා තව දුරටත් එහෙදී අදහස් දක්වමින් මෙසේද පැවැසීය.

විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ලෙනවිත් ති‌බෙන 21 හා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එතුමා කියන්නේ දැනට සියයට පහක් ඡන්ද ලබාගෙන පාර්ලිමේන්තුවට යාමේ අවස්ථාව නැති කරලා එය සියයට දොලහයි දශම පහක දක්වා වැඩි කර එම ඡන්ද ප්‍රතිශතයක් ගන්න අවශ්‍ය බවයි. එහෙම උනොත් සුළු ජාතික පක්ෂවලට හෝ සුළු ජාතීන්ට පාර්ලිමේන්තුවට යාමට නොහැකි වෙනවා.

ඒ අයගේ බලාපොරොත්තුවක් තියෙන්නේ මහ පක්ෂයක් එක්ක එකතුව ඡන්දය ඉල්ලන්න අවශ්‍යයි කියලයි. ඒ අයගේ අදහස හැමදාම සුළු ජාතික පක්ෂ සමග සම්බන්ධ වෙන්න බැහැ කියලයි. කෙලින්ම ඡන්දය අරගෙන ඇවිත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න අවශ්‍යයි කියලා. එහෙම සුළු ජාතීන් හා සුළු ජාතික පක්ෂ ප්‍රතික්ෂේප කරලා ඒ අය පක්ෂය ගෙනයනවානම් ඉස්සරට ඔවුන් අමාරුවේ වැටෙනවා.

විජයදාස රාජපක්ෂ මහතා පක්ෂ මාරු කරමින් එහෙට මෙහෙට නිතරම පනින අයෙක්. එයා කියන කරන දේවල් මේ රටේ ජනතාව පිළි ගන්නේ නැහැ. එක පක්ෂයක ඉන්න කොට එකක් කියනවා. අනෙක් පක්ෂයට මාරු උනාම තව එකක් කියනවා. ප්‍රතිපත්තියක් නැති ඒ වගේ අය කියන ඒවා අපිත් පිළිගන්නේ නැහැ යයි කීය.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -