32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

අධිවේගයෙන් උග්‍රවන හම්බන්තොට අලි මිනිස් ගැටුම

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

  හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය   නම්කරනු ලබන්නේ හම්බන්තොට සිදුකල දැවැන්ත සංවර්ධනය හේතුවෙන් අවතැන්වන වනසතුන්හට වාස භූමියක් තැනීම පදනම් කරගෙනය ඒ වෙනුවෙන් හෙට්ටයාර් 50000 වෙන් කර තුබුණත් අද වන විට ඉන් ඉතිරිව ඇත්තේ  හෙට්ටයාර් 10000 කටත් වඩා අඩු කොටසක් වේ .

  2009 වර්ෂයේදී  හම්බන්තොට වරාය ගුවන්තොටුපොළ  සහ ඒ අවට සිදුවූ තවත් සංවර්ධන කටයුතු හේතුවෙන් සිදු වූ  කැලෑ හෙළිකිරීමෙන් අවතැන්වූ වන අලින් උදෙසා වන අලි කළමනා කරන රක්ෂිත භුමිය වෙන්කරන ලද අතර ඒ සදහා මහවැලි රක්ෂිත ප්‍රදේශ මෙන්ම, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත ප්‍රදේශයන්ද අයත්විය . 2009 අංක 22 දරන වනසත්ව වෘක්ෂලතා ආරක්ෂමනා ආඥා පනතේ 2 වන වන්ගන්තියට අනුව මෙම වන අලි කළමනාකරණ රක්ෂිත භුමිය  ප්‍රදේශය ප්‍රකාශයට පත් කිරීමට තිබුනත් එම කටයුත්තද මෙතෙක් සිදු කරිමට  නොහැකිවීම නිසා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලින්ගේ මෙන්ම අනෙකුත් වනසතුන්ගේ වාස භුමිද අහිමි වී තිබේ .

  හම්බන්තොට වල්සපුගල  ප්‍රදේශයේ මහවැලි කලාපයට අයත් බුමි ප්‍රදේශය 2003 වසරේදී  කිරි ගොවීන්ගේ තරුණ බුමි සදහා වෙන්නව තිබියදී පසුව 2008 දී පමණ  මෙම බුමි බාගය වන අලි කළමනාකරණ රක්ෂිය සදහා වෙන් කරනු ලබන්නේ ඒ වනවිට වන අලින්ගේ වාස භුමි දැඩි සේ හෙළි කරමින් සිදුකල දැවැන්ත සංවර්ධනය හමුවේ නිර්මාණය වූ අලිමිනිස් ගැටුම සදහා පිලියමක්ද ලෙසිනි .  කෙසේ නමුත් මේ අතර මෙම අලි කළමනාකරණ රක්ෂිතය දෙපලු කරමින් 2014 දී පමණ  දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුවක් ලෙස හම්බන්තොට සිට මත්තල දක්වා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වීමත් සමඟ වන අලි කළමනාකරණ රක්ෂිතයට අයත්ව තිබු තවත් විශාල භුමි ප්‍රමාණයක්ද අහිමිවිය .

  ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන මත්තල ගුවන්තොටුපල   ඉදි කිරීම සඳහා පමණක් මත්තල ප්‍රදේශයේ අලි – ඇතුන්ගේ ප්‍රධාන වාසස්ථානයක් වූ දැවැන්ත වනාන්තර පද්ධතියේ හෙට්ටයාර් 2000ක් පමණ ලබාගත් අතර මේ වන විට ඉන් හෙට්ටයාර් 800ක් සංවර්ධනය කර තිබේ  .

    එමෙන්ම හම්බන්තොට ජාත්‍යන්තර වරාය සදහා හෙට්ටයාර් 1115ක් පවරාගත් අතර මේ වනවිට ඉන් හෙට්ටයාර් 800ක ප්‍රදේශයක් සංවර්ධනය කර අවසන්ය .නමුත් අවතැන්වූ අලි ඇතුන් 20 කට අදික ප්‍රමානයක් වරාය හෙළි නොකරන ප්‍රදේශයේ තවමත් ජීවත්වේ .

   ඉන්පසුව ඒ ආශ්‍රිත මාර්ග පද්ධති හා යටිතල පහසුකම් නැංවීමට, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, මිරිජ්ජවිල ආයෝජන කලාපය, හම්බන්තොට පරිපාලන සංකීර්ණය හා ක්‍රිකට් ක්‍රීඩාපිටිය ඉදි කිරීම සඳහා ද දැවැන්ත වනාන්තර ප්‍රමාණයක් ඉවත් කර ඇති බව තොරතුරු දැනගැනීමේ පනතට අනුව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ලබා ගත් තොරතුරු වලින් අනාවරණ වේ ,

   මේ හේතුවෙන් පහළ අන්දරගස්වැව, දිමුතුගම, එලල්ල, පහළ මත්තල, උඩ මත්තල, පුංචිඅප්පු ජදුර, බදගිරිය සහ ලුණුගම්වෙහෙර ව්‍යාපාරය යටතේ සංවර්ධනය කළ කුඩා ගම්මාන 5 හා 6 ප්‍රදේශවලට මෙන්ම මදුනාගල ,මිරිජ්ජවිල , සුරියවැව යන ප්‍රදේශයන්හි  වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් පිවිසීමෙන් දැවැන්ත අලි – මිනිස් ගැටුමක් අලුතින් නිර්මාණය වී තිබේ. මේ නිසා වගා බිම් වලට හා දේපොළ සදහා  සිදු වී ඇති හානිය සුළුපටු නොවේ. සමහර ගොවි ජනතාව වගා කටයුතු වලින් ඉවත් වීමට පවා මේ තත්ත්වය බලපා තිබේ.

 මේ ආකාරයෙන් ඇතිවූ අලි මින්ස් ගැටුම හේතුවෙන් 2019 වර්ෂයේදී පමණක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලින් 09 දෙනෙකු හා මිනිස් ජිවිත 06ක් පමණ අහිමි වි තිබේ .

   මිට වසර 15 කට පමණ පෙර  හම්බන්තොට දිස්ත්‍රික්කය තුල මහවැලි අධිකාරියට අයත්ව තිබු   හෙට්ටයාර් තිස්දෙදහසකට ( 32000) අදික  භුමි ප්‍රමානය  එම ප්‍රදේශයන්ගෙන්  මිට වසර 15 ක පමණ සිට මේ දක්වා  විටින් විට විවිධ  සංවර්ධන ව්‍යාපෘති සදහා  හෙට්ටයාර් පහළොස් දාහල් පමණ  (15000) ලබා දී ඇති බව හම්බන්තොට මයුරපුර මහවැලි අධිකාරියේන් තොරතුරු  දැනගැනීමේ පනත මගින් ලබා ගත්  තොරතුරු වල සදහන් වේ .

හම්බන්තොට අලි කළමනාකරණ සැලැසුම

උඩවලව, ලූණුගම්වෙහෙර හා බූන්දල ජාතික වනෝද්‍යාන සම්බන්ධ කරමින් අලි – ඇතුන් ගේ සංක්‍රමණික රටාවන් හඳුනාගෙන හම්බන්තොට අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා වනාන්තර ප්‍රදේශ ජාල ගත කිරීම අරමුණු කර ගෙන —හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය˜ ප්‍රකාශයට පත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යෝජනා කර තිබේ. ඒ මගින් හම්බන්තොට ප්‍රදේශයේ ජීවත් වන අලි – ඇතුන් 450 ක ගේ පමණ වාසස්ථාන සුරක්ෂිත කිරීමේ හැකියාව පවතී,  නමුත් මෙම රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට යෝජිත ව තිබුනත් එය හුදු වචන වලට හා නාම පුවරු කීපයකට පමණක් සිමා වී ඇති කටයුත්තක් වේ.

    මේ අතර මහවැලි සංවර්ධන අධිකාරියට මෙන්ම රජයේ රක්ෂිත ප්‍රදේශ විවිධ ඉඩම් ජාවාරම් කරුවන් මෙන්ම දේශපාලන හිතවත් කම් මත නින්දගම් ඔප්පු ලෙස ඔප්පු සකසා ගනිමින්  යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිත භූමියට අයත් විශාල ප්‍රදේශයක් තැනින් තැන   මේ වනවිට හෙළි කර මින් විවිධ වාණිජ බෝග වගාවන් හා ඉදිකිරීම් සිදුකරමින් තිබේ . මෙම ප්‍රදේශ අතරින් හම්බන්තොට බුන්දල සිට වන අලින් ගමන්ගන්නා හැඩිල්ල අලි මංකඩ ප්‍රදේශය සම්බන්ධයෙන් ගුගල් සිතියම් ආධාරයෙන් 1984 සිට 2013 දක්වා  නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ එම කාලය තුල  කිසිදු ආකාරයක මිනිස් වාසයක් මෙම ප්‍රදේශ තුල නොතිබුවත් පසුව මත්තල ගුවන්තොටුපොළ ආරම්භ කිරීමත් සමඟ විටින් විට ප්‍රදේශයේ රක්ෂිත හෙළිකරමින් ඉඩම් අල්ලාගැනීම් සිදුකර ඇති බවයි. එය මෙම ඉඩම් ජාවාරම් සදහා කදිම නිදසුනකි.

අධිවේගයෙන් උග්‍රවන අලිමින්ස් ගැටුම

    මේ අතර තුල  ඉදිවූ  දකුණු අධිවේගී මාර්ගයේ මත්තල හා හම්බන්තොට දක්වා කොටසේ වසයෙන් තෝරාගනු ලබන්නේ වන අලින් බොහෝ සෙයින් ජීවත්වූ ප්‍රදේශයක් වන අතර දක්ෂිණ අධිවේගී මාර්ගය තැනීමේදී මෙම ප්‍රදේශ වල ජිවත්වන වන අලින්ගේ සංචාර කටයුතු සදහා දැඩි බලපෑමක් එල්ල වන හෙයින් 2015 දක්වා පැවති රජය මගින් වන අලින්ගේ සංචරණ කටයුතු සදහා බාදාවක් නොවන ආකාරයෙන් කනුමත එම ප්‍රදේශ තුල අධිවේගී මාර්ගය ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට සැලසුම් කර තිබුනත් පසුගිය  ගිය රජය මගින් එය වෙනස් කොට වන අලින් සදහා මාරු වීම සදහා පාලම් දෙකක්  (Under Passes ) VD 1 ගුවන් පාලම හා VD 2 ගුවන්පාලම සකස් කර ඇති අතර ඒ සදහා රුපියල් මිලියන 5240.75 ක මුදලක් ද යොදවා ඇතිබව තොරතුරු දැනගැනීමේ පනත මගින් මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබාගත් තොරතුරු මගින් අනාවරණය වේ .

  එමෙන්ම ප්‍රදේශයේ දැඩිසේ වන අලින් ගැවෙසෙන ප්‍රදේශයක් නිසා දැඩි ආරක්ෂා කාරී අලි වැටක් ඉදිකර තිබෙන අතර ඒ සදහා රුපියල් මිලියන 215.99 ක මුදලක් යොදවා ඇති බවද තොරතුරු දැනගැනීමේ පනත මගින් මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබාගත් තොරතුරු මගින් අනාවරණය වේ .

කෙසේ නමුත් වන අලින් බොහොමයක් රාත්‍රී කාලයේදී තම සංචරණ කටයුතු සිදුකිරීමේදී ගම්මාන දේශ තිබෙන රක්ෂිත ප්‍රදේශ තුලට පැමිණෙන අතර එහිදී  වන අලින්හට සුපුරුදු මාර්ග ඔස්සේ ගමන් කිරීමට අවස්ථාවක් නොමතිවන පසුබිමක ප්‍රදේශයේ වගා බිම් මෙන්ම මිනිස් ජිවිත සදහා දැඩි බලපෑමක් එල්ල වීම සිදුවේ . අධිවේගී මාර්ගය හරහා අධාල ගුවන් පාලම් දෙක තුලින් වන අලින් ගම්  දෙසට පැමිණියත් යලි පිටවීමේදී එය ප්‍රමාණවත් නොවීම තුල වන අලින් ගමතුළ රැදී මිනිස් හා දේපල සදහා දැඩි බලපෑමක්‌ එල්ල එල්ල වෙමින් තිබේ.

 තම සුපුරුදු මාර්ග ඔස්සේ ගමන්කිරීමට තැත්කරන සත්වයෙකු වන වන අලියා කෙසේ හෝ තම වාස භුමි තුල සංචරණය කිරීමට උත්සහ ගැනීමේදී අධිවේගී මාර්ගයේ ඇති අලි වැටවල් වලට මෙන්ම දේපල සදහාද අලාබ හානි සිදුකිරීම් මේ වනවිටත් විටින් විට දක්නට ලැබෙන දෙයක් වී තිබේ .එහිදී වන අලින්හට ද සිදුවන හානියද නොතකා හැරිය නොහැකි දෙයකි.

 මේ ආකාරයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කය තුල කාලයක් තිස්සේ සිදුවන සංවර්ධනය හමුවේ වන අලින්ගේ නිජබිම් විනාශ වීම නිසා උද්ගතවී ඇති අලි මනිස් ගැටුම අවම කිරීමට මේ වන විට ඇති එකම විසදුම වන්නේ යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කර වනජීවී දෙපාර්ත මේන්තුව වෙත එය පවරා දීම උවත් පැවති කිසිදු රජයක් එය සිදු නොකර තම හිතවතුන්ට මෙන්ම විවිධ කටයුතු වෙනුවෙන් මෙම බුමි බාගය ගිල ගනිම්න් වන අලි සංහාරයකකට අර ආදී .

 කෙසේ නමුත් මෙම යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් නොකිරීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත මගින් වනජීවී දෙපාර්ත මේන්තුව මගින් කළ විමසීමකදී අනාවරනය උයේ මෙම ප්‍රදේශයට අයත් විවිධ රාජ්‍ය ආයතන මෙන්ම ,සංවර්ධන කටයුතු සිදුකරනු ලබන ආයතන මගින් හා විවිධ පාර්ශ්වයන්ගේ එකගතාවය ලබාගැනීමට කල්ගතවීම තුල එය ප්‍රමාධ වී ඇති බවයි .කෙසේනමුත් මේ සම්බන්ධයෙන් හම්බන්තොටදී අලිමිනිස් ගැටුම සම්බන්ධයෙන්  පැවතී විශේෂ සාකච්චාවකදී වනිජීවි අමාත්‍ය එච් ,එම් ,චන්ද්‍රසේන මහතා කියා සිටියේ හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමට ඉක්මනින් පියවර ගන්න බවයි.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -