32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

ඩෝල් ලංකා හා නෙල්නා සමාගම් වලට වන අලි ගැවසෙන කැලෑ ඉඩමි දෙන්න වන නිළධාරිනුත් හවුල් ?

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

වසර දහයක් නඩු කිවි සමාගමි පලමු වරට තමන් අනවසරව ඉන්නේ වන සංරක්ෂණයට අයත් කැළැ ඉඩමිවල බව අධිකරණයේදි පිළිගනීපිළිගත් ඇමෙරිකානු සමාගමක් වු ඩෝල් ඉන්ටර් නැෂනල් සමාගමේ පරිපාලිත සමාගම වන සි/සහිත ඩෝල් ලංකා සමාගම හා මෙරට නෙල්නා පෞද්ගලික සමාගම විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැලැ ඉඩමි හෙක්ටයාර 800 ක් බලහත්කාරයෙන් අල්ලාගෙන බුක්ත් විදින බව වන සංරක්ෂක අධ්‍යක්ෂක ජනරාල් එස්.ඒ අනුර හතුරැසිංහ මහතා පවසයි.

වසර දහයක් පුරා ඩොල් හෝ නෙල්නා සමාගම එය පිළි නොගත්තද,එම සමාගමි දැන් එය පිළිගෙන තිබේ.වන සංරක්ෂණ අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසන්නේ ,ඩෝල් ලංකා සමාගම මොණරාගල වැල්ලවාය ප්‍රාදේශිය ලේකමි කොට්ඨාශයට අයත් කුඩාඔය ග්‍රාම සේවා වසමේ රජයේ රක්ෂිත කැලයෙන් හෙක්ටයාර 400ක්ද,බුත්තල ප්‍රාදේශිය ලේකමි කොට්ඨාශයේ රහතන්ගම ග්‍රාම නිළධාරි වසමේ දෙමෝදර රක්ෂිත ප්‍රදේශයෙන් හෙක්ටයාර 200 ක්ද අනවසරව අත්පත්කරගෙන සිටින බවයි.මිට අමතරව එ බුත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් රහතන්ගම ග්‍රාම නිළධාරි වසමේ වන්දම රජයේ රක්ෂිතයෙන් හෙක්ටයාර 200 ක් නෙල්නා නමි මෙරට පෞද්ගලික සමාගමක් අඔ වගා කිරිම සදහා අල්ලාගෙන තිබෙන බවද හෙතෙම පවසයි.

ඩෝල් ලංකා සමාගම හා ඊට සමිබන්ධ නියෝජිතයින් මෙම අනවසර කෘෂි ව්‍යාපෘතිය මොණරාගල දිස්ත්‍රික්කය තුල ආරමිභකර තිබුනේ 2008 වසරේදිය.ඔවුන් මුල් වරට ලුනුගමිවෙහෙර ජාතික වනෝද්‍යානයට මායිමිව ඇති වන අලි බහුල වන්දම කැලයෙන් අනවසරව එළි පෙහෙලි කරන ලද කැලැ ඉඩමි ප්‍රමානය හෙක්ටයාර 20 කි.වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේ වාර්ථාවන්ට අනුව වසර දෙකක කාලය තුල ඔවුන් අල්ලාගෙන තිබු ඉඩමි ප්‍රමානය හෙක්ටයාර 320.04 කි.මේ සමිබන්ධව වන නිළධාරින් අවස්ථා 08 කදි සමාගමට හා එහි නියෝජිතයන්ට එරෙහිව නිති ක්‍රියා මාර්ග ගෙන ඇති බව පැවසුවද,ඹවුන් අදාල ඉඩමි වලින් ඉවත් කිරිම සදහා රජයේ ඉඩමි සන්තකය පවරා ගැනිමේ පනත යටතේ ක්‍රියාත්මක නොවිම පිළිබදව ඇත්තේ සැකයකි.(ඇමුණුම 01) එම සැකය තවත් තහවුරැ වන්නේ මෙම අනවසර කෘෂි ව්‍යාපෘති සදහා උක්ත ඉඩමි කොටස් දෙක අදාල සමාගම වෙත ලබාදිම සදහා එවකට මොනරාගල දිසා වන නිළධාරිවරයා විසින් 2010.12.07 දින කොළඔ ප්‍රධාන කාර්යාලයට පිටපත් සහිතව කලාප නියෝජ්‍ය වන සංරක්ෂක වරයා වෙත නිර්දේශ ලබාගැනිමට ලිපියක් යොමු කරන තෙක් ,ඩෝල් සමාගම විසින් දිගින් දිගට සිදුකල අනවසර අල්ලා ගැනිමි පිලිබදව දිසා වන නිළධාරිවරයා සිය උසස් නිළධාරින් දැනුවත් නොකිරිමයි.වන සංරක්ෂන දෙපාර්තමේන්තුව මේ ඉඩමි අල්ලා ගැනිම පිලිබදව කල විමර්ෂණයකදිද මේ බව අනාවරණය වි තිබේ.

2008 වසරේ සිට නීති විරෝධිව අල්ලාගත් කැලැ ඉඩමි වලට නිත්‍යානුකුල භාවයක් ලබා ගැනිම සදහා ඩෝල් ලංකා සමාගම 2010.06.01 දින වැල්ලවාය වන්දම දෙමෝදර ප්‍රදේශයෙන් හෙක්ටයාර 150 ක් හා වන්දම කුඩාඔය ප්‍රදේශයෙන් හෙක්ටයාර 300ක් ලබාදෙන ලෙස වන සංරක්ෂක ජනරාල් වරයාගෙන් ලිඛිත ඉල්ලිමක් කර තිබුණි.ඒ බුත්තල රජමාවත,16 කණුව ලිපිනයේ පිහිටුවා තිබු රණබිම පෞද්ගලික සමාගම හරහාය.ඒ අනුව එම ඉල්ලිමි ලිපියේ පිටපතක්ද සමග ජේෂ්ඨ නියෝජ්‍ය වන සංරක්ෂක (සැලසුමි හා ප්‍රගති පාලන)විසින් ඔහුගේ අංක පි.එමි /08/0214/14 හා 2010.06.16 දිනැති ලිපිය මගින් සමාගමේ එම ඉල්ලිම පිළිබදව මොනරාගල එවකට දිසා වන නිළධාරිවරයාගෙන් වාර්ථාවක් කැදවා තිබුණි.ඒ අනුව මේ සමිබන්ධයෙන් එවකට වැල්ලවාය අඩවි වන නිළධාරිවරයාගෙන් වාර්ථාවක් කැදවා ඇති මොනරාගල දිසා වන නිළධාරිවරයා පසුව 2010.12.07 දින හා එමි.ඩි./2/4/2010 ලිපිය මගින් වන සංරක්ෂන දෙපාර්තමේන්තුව සතු ඉඩමි හෙක්ටයාර 450ක් ඩොල් ලංකා සමාගම වෙත ලබාදිමට සුදුසු බව නිර්දේශ කර තිබුණි.දිසා වන නිළධාරිවරයාගේ එම නිරිදේශයට අනුව ජේෂ්ඨ නියෝජ්‍ය වන සංරක්ෂක (සැලසුමි හා ප්‍රගති පාලන)එස්.ඒ.ඩි කිංස්ලි මහතා ඩොල් ලංකා සමාගම අනවරයෙන් අල්ලාගෙන ඇති ප්‍රදේශය නිර්ක්ෂණයට ලක්කර තිබේ.

ඩොල් ලංකා සමාගම ඉල්ලා තිබු ඉඩමි කොටස් දෙකෙන් බුත්තල රහතන්ගම ග්‍රාම නිළධාරි වසමට අයත් වන්දම දෙමලිය රජයේ කැලයේ දෙමෝදර ප්‍රදේශයෙන් ඉඩමි හෙක්ටයාර 200ක භුමියක් අදාල සමාගම වෙත ලබාදිමට වන සංරක්ෂන අධ්‍යක්ෂක ජනරාල් වරයා තිරණය කර ඇති බව ජේෂ්ඨ නියෝජ්‍ය වන සංරක්ෂක(සැලසුමි හා ප්‍රගති පාලක) විසින් මොනරාගල එවකට සේවය කල දිසා වන නිළධාරිවරයාට හා රණබිම පෞද්ගලික සමාගම වෙත දැනුමි දි තිබේ.ඒ බව ඔහුගේ පි/එමි/08/02/14/14 හා 2011.01.03 දිනැති ලිපියෙන් තහවුරැ වේ.නමුත් මෙම ඩොල් සමාගම ඔවුන්ට ලබාදුන් ඉඩමි ප්‍රමානයට වඩා ඉඩමි හෙක්ටයාර 18.08 ක් අල්ලාගෙන ඇති බව මොනරාගල මිනින්දොරැ අධිකාරිවරයාගේ MO/BTT/2013/358 දරන අනුරේඛණයෙන් සනාථවේ.කෙසේ නමුත් මෙම ඉඩම මොනරාගල දිස්ත්‍රික් ලේකමි වරයා විසින් දිස්ත්‍රික් ඉඩමි පරිහරන කමිටුවට ඉදිරිපත් කර ඊට නිරිදේශද ලබා දි තිබෙන බව මොනරාගල දිස්ත්‍රික් ලේකමි වරයාගේ අංක DLUPO/20/13/01 හා 2011.07.06 දිනැති ලිපියෙන් තහවුරැ වේ.නමුත් වැල්ලවාය ප්‍රාදේශිය ලේකමි කොට්ඨාශයට අයත් කුඩාඔය ප්‍රදේශයේ ඩෝල් ලංකා සමාගම අනවසරව අල්ලාගෙන සිටින ඉඩමි හෙක්ටයාර 200ක භුමිය සදහා වන සංරක්ෂණ ජනරාල් වරයා කිසිදු අවසරයක් ලබාදි නැති බව අප කල විමර්ෂණයේදිද අනාවරනය විය.

වන සංරක්ෂණ අධ්‍යක්ෂක ජනරාල් වරයා විසින් ඩෝල් ලංකා සමාගම වෙත මෙම ඉඩමි කොටස නිදහස් කිරිමට ප්‍රථම බුත්තල හා වැල්ලවාය ප්‍රදේශිය ලේකමි වරැන්ගේ නිති විරෝධි මැනුමි නියෝග මත මිනින්දෝරැ දෙපාර්තමේන්තුව විසින් වන්දම හා දෙමලිය රජයේ කැලයේ දෙමෝදර ප්‍රදේශයෙන් හෙක්ටයාර 218.08 ක කොටසකට මැනුමි නියෝග කර අනුරේඛණ සකස්කර තිබුනි.මේ බව බුත්තල ප්‍රදේශිය ලේකමි වරයාගේ BU/LND/01/RLTAP 27 හා 2013.06.18 දිනැති 1601 දරන මැනුමි නියෝගය හා මිනින්දෝරැ අදිකාරිවරයාගේ අංක MO/BTT/2013/353 දරන අනුරේඛණයෙන්ද,වැල්ලවාය ප්‍රාදේශිය ලේකමිවරයාගේ අංක වැ/3/5/බදු/14 හා 2010.02.17 දින උපදෙස් මත බලයලත් මිනින්දොරැ එස්.පි රත්නායක මහතා විසින් සකස්කරන ලද 3957 දරන පිඹුරෙන් සනාථවේ.‍

මේ ආකාරයට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැලැ ඉඩමක් සදහා වැල්ලවාය හා බුත්තල ප්‍රාදේශිය ලේකමිවරැන් විසින් මැනුමිකර අනුරේඛණ සකස් කරද්දි එවකට වන නිළධාරින් ඊට එරෙහිව ක්‍රියා මාර්ග නොගත්තේ මන්ද යන්න සොයා බැලිම වන සංරක්ෂන ජනරාල් වරයාගේ වගකිමකි.මෙය ඔවුන්ගේ අනුදැනුම මත සිදුවි නමි එය දුෂිත ක්‍රියාවලියක් බව පැහැදිලිය.එමෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැලැ ඉඩමක් මේ ආකාරයට වැල්ලවාය හා බුත්තල එවකට ප්‍රාදේශිය ලේකමි වරැන්ට මැනුමිකිරිමට ඇති බලය කුමක්ද යන්නත් ප්‍රශ්ණකල යුතුව තිබේ.එපමනක් නොව 2010 වසරේ සැප්තැමිබර්-ඔත්තොමිබර් මාස අතරදි ඩොල් ලංකා සමාගම මෙම අනවසර කෘෂි ව්‍යාපෘතිය සදහා විදුලිය ලබාගෙන තිබු අතර ඒ සදහා වන සංරක්ෂන දෙපාර්තමේන්තු නිළධාරින්ගේද ආශිර්වාද ලැබි ඇති බව අප කල සොයාබැලිමේදි හෙළිවිය.‍කෙසේ නමුත් ජේෂ්ඨ නියෝජ්‍ය වන සංරක්ෂක (පරිසර කළමනාකරන)මහින්ද සෙනෙවිරත්න මහතා සහ එවකට ඌව මධ්‍යම කලාප භාර නියෝජ්‍ය වන සංරක්ෂක වසන්ත දිසානායක මහතා ඩෝල් ලංකා සමාගම විසින් අල්ලාගෙන ඇති ඉඩමි පිලිබදව සොයාබැලිම සදහා 2013.02.04 දින පැමිණ තිබේ.පසුව ජේෂ්ඨ නියෝජ්‍ය වන සංරක්ෂකගේ(පරිසර සංරක්ෂණ හා කළමනාකරන) අංක P/M/8/02/14/25 හා 2013.02.28 දින මේ පිලිබදව උපදෙස් ලබාදි, පසුව මෙම කැලැ ඉඩමි කොටස් දෙක සදහා 2013.04.03 දින 47/2013 සහ 2013.03.28 දින 48/2013 ට අනුව වන අපරාධයක් ලෙස ලේඛණ ගතකර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඉඩමි සන්තකය පවරා ගැනිම යටතේ ක්‍රියාත්මක් කිරිම සදහා අස්විමි දැන්විමි සකස්කර 2013.04.13 දින අස්කිරිමේ දැන්විම අත්සන් තැබිම සදහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත යැවිමට කටයුතු කර ඇත.නමුත් 2015 වසර දක්වා එම අස්කිරිමේ දැන්විම අත්සන් නොකිරිමෙන් මෙම දුෂිත කටයුත්තට සමිබ්න්ධ ඉහළ දුෂිත වන නිළධාරින් පිරිසක්ද සිට ඇති බව මින්

ඔප්පුවේ.එහෙයින් ඒ පිලිබදව සොයාබැලිම,විෂය භාර ඇමතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වගකිමක් බව අප සිතමු.කෙසේ නමුත් 2015.07.08 දින නැවත වතාවක් 47/2013 හා 48/2013 දරන වන අපරාධ වාර්ථාවලට අදාලව ඩෝල් ලංකා සමාගමට එරෙහි අස්කිරිමේ දැන්විමි සකස්කර වන සංරක්ෂණ ජනරාල්වරයා වෙත යවා ඇති අතර 2015.07.06 දින එම අස්කිරිමි දැන්විම වන සංරක්ෂණ අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින අත්සන් තබා එවා තිබේ.ඒ අනුව 2015.07.10 හා 13 දින එම අස්කිරිමේ දැන්විම අදාල සමාගමිවෙත භාරදිමට කටයුතු කර ඇත.නමුත් අදාල සමාගමි ඉවත් නොවිම හේතුවෙන් නෙරපිමි නියෝග සදහා අනු අංක 92814 හා 92815 යටතේ අධිකරන ක්‍රියාමාර්ග ගෙන තිබුණි.

ඩෝල් ලංකා සමාගමට එරෙහි,වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් නෙරපුමි නියෝග ලබා ගැනිම සමිබන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය හා සංවර්ධන උපායමාර්ග හා ජ්‍යාත්‍යන්තර වෙළද අමාත්‍යංශයට කල පැමිනිල්ලකට අනුව. අග්‍රාමත්‍ය ලේකමි ඊ.එමි.එස්.බි ඒකනායක මහතා හා අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මේ පිළිබදව වන සංරක්ෂණ ජනරාල්වයාගෙන් විමසිමක් කර තිබේ.

ඒ අනුව H/05/07/විප/40/2015 හා 2016.01.25 දින ලිපියක් යවමින් වන සංරක්ෂණ ජෙනරාල් වරයා පවසා ඇත්තේ අදාල සමාගම ශ්‍රි ලංකා ආයෝජන මංඩලයේ ලියාපදිංචිකර ඇති සමාගමි හෙයින් හා වන සංරක්ෂණ ආඥා පනත යටතේ ය කිසියමි සහනයක් ලබාගැනිම සමිබන්ධයෙන් අග්‍රාමත්‍ය උපදේශක වරැන් හා අග්‍රාමත්‍යවරයා සමග කරනලද සාකචිජාවට අනුව කොන්දේසි 03 කට යටත්ව මෙම ගැටලුව අවසන් කිරිමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකග බවයි.01-ඩොල් ලංකා හා නෙල්නා සමාගමි විසින් බුක්ති විදින රජයේ කැලැ ඉඩමි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැලැ ඉඩමි බව අධිකරනය හමුවේ පිලිගැනිම හා ඉඩමේ සන්තකය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදිම02-එම ඉඩමි සන්තකය භාරදිමෙන් පසුව මෙම ආයතන මගින් පරිසරයට සිදුකර ඇති හානිය තක්සේරැකර එය ප්‍රතිපුර්ණය කර ඊට යාබද ඉඩමිවල වනාන්තර ප්‍රතිෂ්ඨාපනයකිරිම වැනි සුදුසු වැඩසටහනක් ක්‍රියාත්මක කිරිම03-අදාල ව්‍යාපෘතිය බාධාවෙන් තොරව කරගෙන යාම සදහා වන සංරක්ෂණ ආඥා පනතේ දැනට ඇති විධිවිධාන අනුව විෂයභාර ඇමතිවරයාගේ අනුමැතිය ඇතිව අමාත්‍ය මංඩල සංදේශයක් ඉදිරිපත් කර වාර්ෂික බලපත්‍ර ක්‍රමයක් යටතේ බල පත්‍රයක් නිකුත් කර මෙම කටයුතු කරගෙන යාමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පහසුකමි සැපයිම එම කොන්දේසි වේමේ අතර ඩෝල් ලංකා සමාගම මොනරාගල දිස්ත්‍රික්කයේ කුඩාඹය හාදෙමෝදර ප්‍රදේශවල අනවසරයෙන් බුක්ති විදින ඉඩමි නිත්‍යානුකුල කිරිමට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා MODSIT/3/CAB/16/16 හා 2016.09.15 අමත්‍ය මංඩල සංදේශයක් ඉදිරිපත් කර තිබු අතර ඉන් ඩෝල් සමාගමට මෙම ඉඩමි නිදහස්කර දිම සදහා අවසර ලබාදිම පිණිස වන සංරක්ෂක ජනරාල්වරයාට බලය ලබාදිම,හා අතිරේඛ ගිවිසුමි අත්සන් කිරිමට මධ්‍යම පරිසර අධිකාරියට හැකිවන පරිදි අවශ්‍ය අනුමැතිය.ලබාදිම හා නිරිදේශ සිදුකිරිමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදිම සදහා අනුමැතිය ඉල්ලා තිබුනු අතර ඒ සදහා අමාත්‍ය මංඩල අනුමැතිය හිමිව තිබුනි.ඩොල් හා නෙල්නා යන සමාගමි මෙම ඉඩමි ඉඩමිවල වගා කර තිබුනේ ආයෝජන මංඩලයේ හා රේඛිය නියෝජිත ආයතනවල අනුමැතිය ලබා නොගෙන බව අමාත්‍ය මංඩල සංදේශය මගින්ද අනාවරනය කර තිබුණි.මෙම සමාගමි ආයෝජන මංඩලයට ලබා දි තිබු ලේඛණවලට අනුව ,ඌව පළාත් ඉඩමි කොමසාරිස් වරයාගේ 2012.10.12 සහ 2014.02.05 දිනැති එකගතාවය ලබා දි ඇති ලිපි පදනමි කරගෙන මෙම සමාගමි ඉඩමි වගාකර තිබේ.එසේම වැල්ලවාය සහ බුත්තල ප්‍රාදේශිය ලේකමි කාර්යාල සමග නිත්‍යානුකුල ගත ක්‍රියාවලිය අනුගමනය කරන ලෙස ඌව පලාත් ඉඩම් කොමසාරිස් විසින් එම සමාගමි වෙත දන්වා තිබි ඇත.කෙසේ නමුත් 2015 වසරේ සිට ඩෝල් ලංකා සමාගම ඔවුන් වගාකර තිබු ඉඩමි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නොවෙන බව පවසමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග නඩු කිවද ඔවුන් පලමු වරට ඉකුත් සැප්තැමිබර් මස 19 දා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේදි නඩුව කැදවු අවස්ථාවේ වැල්ලවාය මහේස්ත්‍රාත් මහේෂ් වාකිෂ්ඨ මහතා ඉදිරියේ එම ඉඩමි වල අයිතිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බව පිලිගෙන තිබේ.ඒ අනුව මෙම සමාගමි, වන සංරක්ෂන දෙපාර්තමේන්තුව සතු ඉඩමි වලින් නෙරපන්නේ දැයි මොනරාගල දිසා වන නිළධාරි ඩි.පි ප්‍රසාද් මහතාගෙන් අපකල විමසිමකදි ඒ මහතා පැවසුවේ ,අමාත්‍ය මංඩල තිරණයට අනුව එම සමාගමි ඉවත් නොකොට ඔවුන් එම පරිසරයට සිදුකර තිබෙන හානිය මුදලින් ප්‍රතිපුර්ණයකර ගැනිමට බලාපොරොත්තු වන බවයි.“මෙම සමාගමි 2008 වසරේ සිට එම භුමියට සිදුකර තිබෙන හානිය විධිමත් සමික්ෂණයකින් පස්සේ මෙම සමාගමි වලින් අප අය කර ගැනිමට බලාපොරොත්තු වෙනවා.පසුව අප මෙම සමාගමි සදහා වාර්ෂික බදු පදනම යටතේ ගිවිසුමි ගතව ඔවුන්ට එ ඉඩමි ලබාදිමට බලාපොරොත්තු වෙනවා.“ ඒ මහතා පවසයි.වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට එසේ ඉඩමි බදුදිය හැකිද?අප මේ පිලිබදව මෙරට ප්‍රකට පාරිසරික නිතිඥයකු වන ජගත් ගුණවර්ධන මහතාගෙන් විමසිමක් කලෙමු.“මෙම ඉඩමි වසර ගනනාවක් අදාල සමාගමි පරිහරණය කලත් 2009 අංක 22 දරන පනතින් සංශෝධිත වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ 9 .අ(1) හා (2) වගන්ති ප්‍රකාරව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුලත යමි සංවර්ධන කටයුත්තක් සිදු කරන්නේ නමි ඒ සදහා වනජිවි අධ්‍යක්ෂක ජනරාල්ගේ පුර්ව ලිඛිත අනුමැතිය වගේම ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපැමි (ඇගයිමි)තක්සේරැ වාර්ථාවක් සකස්කර අනුමැතිය ලබාගත යුතුයි“ කොහෙම වුනත් මේක විවාදාත්මක තිරණයක් ඒ පිලිබදව තව දුරටත් අධ්‍යයනය කලයුතුයි. ඒ මහතා පෙන්වා දෙයි.ඉතා සංවේධි පරිසර කලාපයක පිහිටා ඇති මෙම ඉඩමි වලින් අදාල සමාගමි ඉවත් නොකොට එම ඉඩමි නැවත ඔවුන්ටම පවරා දිමට ගෙන ඇති තිරණය සමිබන්දයෙන් පරිසර සංවිධාන වලද විරෝධය එල්ල වි තිබේ.

මේ සමිබන්ධයෙන් අදහස් දක්වන පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂක පරිසරවේදි සජිව චාමිකර මහතා දක්වන්නේ මෙවන් අදහසකි.“මෙම සමාගමි අල්ලාගෙන ඇති ඉඩමි ලුනුගමිවෙහෙර සහ යාල ජාතික වනෝද්‍යානයන්ට සමිප වන අලින් ඉතා සුලභව ගැවසෙන, පාරිසරිකව ඉතාමත්ම සංවේධි කලාපයකයි තියෙන්නේ.මොවුන් මෙම ඉඩමි අල්ලා ගැනිම නිසා කලාපයේ අලි මිනිස් ගැටුම උග්‍රවුනා.මෙම සමාගමිවල වගාවන් නඩත්තු කරන්න අධික වශයෙන් කුඩාඹයෙන්,මැණික් ගගින් සහ ගැඹුරැ නළ ලිං භාවිතා කිරිම නිසා ප්‍රදේශය තුල උග්‍ර ජල හිගයක් තියෙනවා.මේ ජල හිගය ආසන්න වනෝද්‍යාන වල වනසතුන්ටත් බලපා තියෙනවා.සමාගම මෙම ඉඩමි ලබාගත්තේ පසුගිය ආන්ඩුවේ මැති ඇමතිවරැන් එක්ක එකතුවෙලා දුෂිත ආකාරයටයි.දුෂණය පිටුදකින්න ආව මේ යහපාලන ආන්ඩුවෙන් කරන්නෙත් ඒ දුෂිත ක්‍රියාවන්මයි.විෂය භාර ඇමතිවරයා විදිහට ජනාධිපතිවරයා මේ පිළිබදව අවධානය යොමු කරයි කියලා අපි හිතනවා.නැතිනමි වන සංරක්ෂන දෙපාර්තමේන්තුව ගෙන තියෙන මේ තින්දුව අනාගතයට බලපාන ඉතාම නරක පුර්වාදර්ශ තින්දුවක් විය හැකියි.“ හෙතෙම පවසයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තිරණය හා වසර දහයක කාලයක් තම ඉඩමි බව කියමින් වන සංරක්ෂන දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු මගට බැස සිටි ඩෝල් හා නෙල්ලා යන සමාගමි පළමු වරට එම ඉඩමිවල අයිතිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බව පිළිගැනිම පිළිබදව අප ඩෝල් ලංකා සමාගමේ සමාගමි අධ්‍යක්ෂකවරිය වන වින්ද්‍යා විරසේකර මහත්මියගෙන් විමසිමට අවස්ථා කිපයකදිම ඇගේ ජංගම දුරකථනය ඔස්සේ ඇය සමිබන්ධ කර ගැනිමට උත්සහකලද විරසේකර මහත්මිය ඊට ප්‍රතිචාර නොදැක්විය. නමුත් මේ සමිබන්ධයෙන් අදහස් දැක්වු නෙල්නා සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක ගුණපාල නානයක්කාර මහතා මෙසේ පැවසිය“අපි ආයොජන මංඩලයේ ලියාපදිංචි සමාගමක්, අපි මේ ඉඩමි ලබාගත්තේ මොනරාගල දිස්ත්‍රික් සංවර්ධන කමිටුව හරහා ඉතාම නිත්‍යානුකුලවයි.අපිට මේ ඉඩමිවල අයිතිය කියන්න ෆයිල් එකක් පිරෙන්න ලේඛණ තියෙනවා.මම ලබාගෙන තියෙන අක්කර 500ක ඉඩමට මම ලොකු ආයෝජනයක් කරලා තියෙනවා.සේවකයන් 200 විතර වැඩ කරනවා.ඒ නිසා එන තත්වයට අපිට මුහුණ දෙන්න වෙනවා.මේ ඉඩමි වන සංරන්ෂණ දෙපාර්තමේන්තුවේනමි ඔවුන් ගන්න තිරණයකට අපට එකගවෙන්න වෙනවා.මේ ඉඩමි ලබා දුන් නිළධාරින් සමහරක් දැන් මොනරාගලත් නැහැ.මම ඒ ගැන කථාකරන්න කැමතිත් නැහැ“ හෙතෙම තව දුරටත් පැවසිය

නයනජිව බන්ඩාර

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -