32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 218 ක් හා පොලිස් අධිකාරී කාර්යාල 34ක් තොරතුරු පනතට අනුව තොරතුරු දීම මගහැරලා

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

  පසුගිය 2020 පාර්ලිමේන්තු මැතිවරණ සමයේ  සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්  නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අධාලව මැතිවරණ ප්‍රචාරක රැලි පැවැත්වීම සදහා  නිසි පරිදි දැනුවත්කර ඇති දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින්  හා එහිදී  නිතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලිස් අධිකාරී කාර්යාල මගින් තොරතුරු දැනගැනීමේ පනත මගින් ඉල්ලා සිටි තොරතුරු සැපයීම අධාල බොහොමයක් පොදු අධිකාරීන් මග හැර තිබේ.

  මේ ආකාරයෙන් දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 362 ක් වෙත  2020 අගෝස්තු මස 12 වන දින සිට  තොරතුරු අයදුම්පත් යොමුකර ඇතත් මේ වනවිට තොරතුරු ලබා දී ඇත්තේ සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී කාර්යාල 144ක් පමණ වන අතර 218ක් මෙතක් තොරතුරු ලබාදීම සිදුකර නොමැත.

මෙහිදී මාතර ,ගාල්ල , අනුරාධපුර,පොලොන්නරුව, ගම්පහ ,කළුතර,කිලිනොච්චිය,මුලතිවු,පුත්තලම,බදුල්ල ,මොණරාගල යන දිස්ත්‍රික්කයන්හි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල  වැඩි වසයෙන් තොරතුරු ලබාදීමට කටයුතුකර නොමැතිවීම මෙහිදී අනාවරණය වූ දෙයකි.

එමෙන්ම පොලිස්  අධිකාරී කාර්යාල 42 ක් වෙත 2020 සැප්තැම්බර් 14 දින  යවන ලද තොරතුරු ඉල්ලුම්පත් සදහා තොරතුරු ලබාදී ඇත්තේ පොලිස්  අධිකාරී කාර්යාල 08කින් පමණ වේ.ඒ කන්කසන්තුරේ ,මුලතිවු ,වුනියාව,කුලියාපිටිය,කළුතර ,මහනුවර ,මඩකලපුව,තංගල්ල යන පොලිස් අධිකාරී පමණක් වන අතර ලංකාවේ අනෙකුත්   පොලිස් අධිකාරී කාර්යාල 34 ක් මේ වනතෙක් තොරතුරු ලබාදීමට මග හැර තිබේ.

  කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අධාල ප්‍රදේශයන්හි දිස්ත්‍රික් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂක කාර්යාල වෙත අභියාචනා කර ඇතත් එම අභියාචනා සදහාද නිසි පිළිතුරු සැපයීමට අදාල දිස්ත්‍රික්  දිස්ත්‍රික් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂක වරුන් කටයුතු කර නොමැතිවීම තුළ තොරතුරු  පනතේ විධානයන්ට අනුව ඒ සම්බධයෙන් තොරතුරු දැනගැනීමේ කොමිසම වෙත අභියාචනා කිරීමට සිදුව තිබේ.

  එමෙන්ම පොලිස් අධිකාරී මගින් තොරතුරු නොලැබීම සම්බන්ධයෙන් පොලිස් පති තුමන් වෙත 2020.10.12 දින අභියාචනා සිදුකර ඇති අතර මෙතෙක් ඒ සදහාද කිසිදු පිළිතුරක් ලබාදීමට පොලිස් පති කාර්යාලයද අපහොස් වීමවී තිබේ.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -