32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

20 වන සංශෝධනයෙන් තොරතුරු දැනගැනීමේ අයිතියට සිදුවන බලපෑම

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

  තොරතුරු අයිතිවාසිකම කියන කොටස 20 වන සංශෝධනයෙන් කිසිදු සංශෝධනයකට ලක් නොවුණාට ඉදිරියේදී  20වන සංශෝධනයේ ප්‍රථිපල නිසා ලංකාවේ තොරතුරු අයිතිවාසිකමට හානියක් ඇතිවී තිබෙන බව නීතිඥ ජගත් ලියනආරච්චි මහතා පෙන්වා දෙයි.

 20 වන සංශෝධනය මගින්   තොරතුරු පනතේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තොරතුරු අයිතිවාසිකම කියන කොටසට කිසිදු සංශෝධනයක් එකතු වන්නේ නැති මුත්  තොරතුරු පනතේ ශක්තිය රැඳිලා තියෙන්නේ තොරතුරු කොමිෂන් සභාව සමග බැවින්, එවිට කොමිෂන් සභාව ස්වාධීනව පවතින්නේ කොමිෂන් සභාව වෙත සාමාජිකයන් තෝරාගන්නේ සහ ඒ තෝරාගත් අය ජනාධිපතිවරයා හට ඉදිරිපත්කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගිනි.

 මෙහිදී  20 වන සංශෝධනය මගින්   ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාව අහෝසි වනවා. එහිදී කිසිදු පලයක් නැති පාර්ලිමේන්තු සභාවක් ඇති වෙනවා. ඒ පාර්ලිමේන්තු සභාව කාරණා දෙකක් නිසා දුර්වල වන බව ද ලියනආරච්චි  මහතා පෙන්වා දෙයි.

 ”පළමු එක තමයි මෙම සභාව නියෝජනය කරන්නෙ සාමාජිකයන් පස්දෙනයි. ඒ පස් දෙනාම පාර්ලිමේන්තුව නියෝජනය කරන අය. තුන්දෙනෙක් ආණ්ඩු පක්ෂයේ. දෙදෙනෙක් විපක්ෂයේ. මෙහිදී මෙහි බහුතරය ආණ්ඩුවේ නිසා ආණ්ඩුපක්ෂයේ ආයතනයක් බවට පත්වෙනවා.”

  ”මෙහි දෙවන කාරණය තමයි මොවුන් හට නිර්දේශ කිරීමේ බලයක් නැතිවී හා නිරීක්ෂණ ලබාදීමේ  බලයක් පමණක් හිමිවීම. එම නිරීක්ෂණ නොතකා කටයුතු කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබේ.”

  ”මෙහිදී තාක්ෂණික වශයෙන් ගතහොත් ඉදිරියේදී පත්වන තොරතුරු කොමිසම පත්වන්නේ ජනාධිපතිවරයාගේ මනාපය පරිදි ය. ඒ නිසා තොරතුරු කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට බරපතල ලෙස හානි වෙනවා ”

  තොරතුරු කොමිසම කියන්නේ අභියාචනා විභාග  කරන ආයතනය සහ තොරතුරු පනතේ කාර්යයන් සඳහා අවශ්‍ය වන රීති සකස්කිරීම මෙන්ම මාර්ගෝපදේශ සකස් කිරීම ,තොරතුරු පනතේ සිදුකෙරෙන වැරදි සඳහා නඩු පැවරීම සිදුකරන්න පුළුවන් එකම බලධාරී ආයතනය. එහිදී මෙම ආයතනය ස්වාධින නැතිවීම තුළින් තොරතුරු පනතට බරපතල ලෙස හානි සිදුවෙන බව ද හෙතම පෙන්වා දෙයි.

  ”විශේෂයෙන්ම තොරතුරු පනත හරහා බොහෝ සෙයින් ඉල්ලනු ලබන්නේ රජයේ ආයතන තුල තොරතුරු වන බැවින් මෙහිදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවත්  දැඩිලෙස දේශපාලනික වනවා. 20 වන සංශෝධනය නිසා  එමෙන්ම තොරතුරු පනතේ 38 වන වගන්තිය යටතේ තොරතුරු කමිසමේ යම් වැරදි සඳහා විනය කටයුතු බාර දෙනු ලබන්නේ විනය බලධාරියා හට ය. එම විනය බලධාරියාගේ අවසාන විනය බලධාරියා වන්නේ තොරතුරු කොමිසමයි. එහිදී කොමිසම ස්වාධින නොවීම තුල තොරතුරු පනතට බාධාවක් ඇතිවෙන බවයි නීතිඥ ජගත් ලියනආරච්චි මහතා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ’’

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -