32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

රාජ්‍ය නොවන සංවිධානයක් මගින් කාන්තා සමිති වලට දුන්න මුදල් එම සංවිධානයේම දකුණුපළාත් සභාපතිනියක් වංචනිකව එකතු කරලා

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

  ශ්‍රී ලංකාවේ කලපු  ආශ්‍රිත ග්‍රාමීය සංවිධන සාමාජිකයින්  බලගැන්වීම මෙන්ම කඩොලාන සංරක්ෂණය කිරිම පදනම් කරගනිමින් ශ්‍රී ලංකා සුළු ධිවර සම්මේලනය යටතේ පවතින සුධීස සමාජ ව්‍යවසාය සංවර්ධන සමාගම  මගින්  පවතාගෙන යනු ලබන ග්‍රාමීය සංවිධාන නිසි ලියාපදිංචියකින් තොරව ගිණුම් පවත්වාගෙන යමින් ඇමෙරිකාවේ Seacology ආයතන මගින් ග්‍රාමීය සංවිධානයන්හි සාමජිකාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් ලබා දී ඇති ආධාර  මුදල් එම සංවිධනයේ දකුණු පළාත සදහා පත්කර සිටින සභාපතිනියක් විසින්  අවභාවිතා කරන  බවට කරුණු අනාවරනය වී තිබේ.

 අදාල ආයතනය මගින් 2017 වර්ෂයේ සිට මේ ආකාරයෙන්  දකුණු පළාත තුල ගාල්ල .මාතර ,හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුල 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් ඇතිකරමින් සුධීස ශ්‍රීලංකා කඩොලාන සංරක්ෂණ වැඩ සටහන යටතේ ශ්‍රී ලංකා සුළු ධීවර සම්මේලනයේ නමද භාවිතා කරමින් සුධීස ශ්‍රීලංකා කඩොලාන සංරක්ෂණ දිස්ත්‍රික් සංසද නමින් දිස්ත්‍රික් වසයෙන් දකුණු  පළාත තුල පමණක් කණ්ඩායම් 146 ඇතිකරමින් ක්ෂුද්‍රමූල්‍ය ආයතන ලෙස  මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබේ.

  කඩොලාන පරිසර පද්දතීන් සුරැකීම වෙනුවෙන් ලෝකයේ බොහෝ රටවල්තුල විශාල ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරනු ලබන ඇමෙරිකාවේ  Seacology ආයතනය මගින් ශ්‍රී ලංකා සුළු ධිවර සම්මේලනය යටතේ පවතින සුධීස සමාජ ව්‍යවසාය සංවර්ධන වැඩ සටහන වෙනුවෙන් පසුගිය 2019 වර්ෂයේ මැයි  සහ  අගෝස්තු යන මාස තුලදී  අදාළ සුධීස ශ්‍රීලංකා කඩොලාන සංරක්ෂණ  දිස්ත්‍රික් සංසද යන්හි  දකුණු පළාත තුල  පමණක් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් 146 ක සාමාජිකාවන් 1460 දෙනෙකු සදහා රුපියල් 15000 ක් බැගින් වටිනා මුදල් චෙක්පත්   ලබා දී තිබේ ඒ අයුරින් ලබා දුන් චෙක්පත්හි මුළු වටිනාකම රුපියල් දෙකෝටි දහනව ලක්ෂයක් පමණ වේ

 සිකොලොජි ආයතනය මගින් මෙම ආධාර මුදල් ලබා දී ඇත්තේ  කඩොලාන පරිසර පද්දතීන් ආශ්‍රිතව ජිවත්වන පවුල් වල කාන්තාවන් කඩොලාන පරිසර පද්දතීන් සුරැකීම සම්බන්ධයෙන් පුහුණුවක්ද ලබා දී ඔවුන් විසින් සිදුකරනු ලබන විවිධ රැකියා සදහා දිරි ගැන්වීමක් වශයෙනි.ඒ බව  Seacology ආයතනයේ ශ්‍රී ලංකා ජාතික සංවිධායක වරිය ලෙස කටයුතු කරනු ලබන ලීලා බටු විට මහත්මියද සනාථ කරන ලදී.

  ”ඇත්තෙන්ම අපි නොවයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කලේ අපි කලේ ලංකා සුළුධීවර සම්මේලනය ක්‍රියාත්මක කරපු මෙම වැඩ සටහන සදහා මුදල් ආධාර ලබා දීම පමණයි අනෙක අපි සියයට සියයක්ම පරිසර සංරක්ෂණ ආයතනයක් මිස නය දෙන ආයතනයක් නොවේ අපි මේ ආධාර දෙන අවස්ථාවේදී ද එම කාන්තාවන් දනුවත්කලා මේවා දෙන්නේ ඔයාල දිරිගන්වන්න කියලා ”

 මෙවන් පසුබිමක් තිබියදී අදාල ශ්‍රී ලංකා සුළු ධිවර සම්මේලනය යටතේ පවතින සුධීස සමාජ ව්‍යවසාය සංවර්ධන සමාගම  මගින්  පවතාගෙන යනු ලබන ග්‍රාමීය සංවිධාන සුධීස ශ්‍රීලංකා කඩොලාන සංරක්ෂණ හම්බන්තොට  දිස්ත්‍රික් සංසදයේ මෙන්ම  දකුණු පළාතේ සභාපතිනි ලෙස කටයුතු කරනු ලබන කේ .පි .ශිරාණි ප්‍රියංකා නැමැති අය විසින් එම ආධාර මුදල් ලබාදුන්  දින සිට මේ දක්වා  ඒ අයුරින් ලබා දෙනු ලැබුවේ ආධාර මුදලක් නොවන වග පවසමින් අධාල සාමාජිකාවන්ගෙන් මාසිකව රුපියල් 1275 ක් හෝ ඊට වැඩි මුදලක් ඒ සදහා  පොලි මුදලක්ද ලෙස රුපියල් 225ක්ද  සහිතව එම මුදල් මාසිකව එකතු කරගෙනයමින් කටයුතු කරන බවට හුංගම පොලීසය වෙත CIB(2) 254/179 යන පැමිණි අංක යටතේ එම සමිතියක සිටි සභාපතිනියක වන එම් ,ජේ ,නෙල්කා ෂෙහානි නමැතිඅය  විසින්   පැමිණිල්ලක්ද දමා තිබේ

” අපිට මේ සල්ලි දෙනකොට දුන්නේ නැවත අයකරන්නේ නෑ කියල නමුත් දකුණු පළාතේ සභාපතිනි ලෙස කටයුතු කරනු ලබන කේ .පි .ශිරාණි ප්‍රියංකා නමැති අය විසින් මේ සල්ලි එකතු කරන්න පටන් ගත්තා මම ඒ ගැන ඇහුවම මටත් දොස් කිවුව ඒ වගේ .කහඳ මෝදර ,නිදහස්ගම ,කිවුල ඇතුළු ප්‍රදේශ කීපයක සමිතිවල සාමාජිකයින්ගෙන්  මේ ආකාරයෙන් සල්ලි එකතුකලා ඇත්තෙන්ම මෙයට ඒ සමිතිවල සල්ලි කිසිසේත්ම ගන්නත් බෑ , ඒ වගේම ඒ සල්ලි වලට වෙනදෙයක් අපි දන්නෙත් නෑ එකයි මගෙන් සල්ලි ඉල්ලුවාම හුංගම පොලිසියේ පැමිණිල්ලක් දැම්මේ’’ වග එම් ,ජේ ,නෙල්කා ෂෙහානි කියා ඉසිටියේය

 මේ ආකාරයෙන් මුදල් එකතු කිරීමේදී බොහෝ අවස්ථාවන්හි  සුධීස ශ්‍රීලංකා කඩොලාන සංරක්ෂණ වැඩ සටහන යටතේ ශ්‍රී ලංකා සුළු ධීවර සම්මේලනය  සුධීස ශ්‍රීලංකා කඩොලාන සංරක්ෂණ දිස්ත්‍රික් සංසද හම්බන්තොට  යන නාමයන් ඇතුලත් බිල්පතක් මෙන්ම තවත් අවස්ථාවක සිමා සහිත සුධීස සමාජ ව්‍යවසාය සංවර්ධන සමාගම පම්බල හලාවත යන ලිපිනය හා ලියාපදිංචි අංක P .B .4853 යට‍තේ ඇති බිල්පතක්ද බාවිතා කර තිබේ.

  එමෙන්ම දකුණු පළාතේ සභාපතිනි ලෙස කටයුතු කරනු ලබන කේ .පි .ශිරාණි ප්‍රියංකා නැමැති අය විසින් එසේ  නය මුදල් එකතු කිරීමේදී   නිකුත් කරනු බිල්පත් සදහා ක්ෂේත්‍ර කළමනාකරු ලෙසද තවත් අවස්ථාවක භාණ්ඩාගාරික වශයෙන්ද අත්සන් යොදමින් මුදල් රැස්කර ඇතිබව සාමාජිකයින්ගේ මුදල් එකතු කිරීම වෙනුවෙන් නිකුත් කළ බිල්පත් පරීක්ෂාවෙන් මානව තහවුරු වේ.

   අපිට සමිතිවල තියෙන මුදල් එකතු කරලා නැවත චක්‍රීය අරමුදලක් ලෙස නය ලබාදීමේ බලය තියෙනවා ඒවා දකුණුපළාතේ   අධික්ෂණය කරන්න ඕන මම නමුත් මෙම ලබාදුන් මුදල් ආධාර මුදලක් නොවන බවත් එය ක්ෂුද්‍ මුල්‍ය ණය ලෙස ලබාදීම සදහා ලබාදුන් බවත් කළ විමසීමකදී කේ .පි .ශිරාණි ප්‍රියංකා මහත්මිය කියා සිටියේය.

   කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ලංකා සුළු ධීවර සම්මේලනයේ සබාපති ආචාර්ය අනුරාධ වික්‍රමසිංහ මහතාගෙන් වැඩි දුරටත් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තම ආයතනය මගින් කිසිසේත් ක්ෂුද්‍ මුල්‍ය ණය ලෙස ලබාදීම සදහා කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොවන බවත් කඩොලාන පරිසර පද්දතීන් සුරැකීම වෙනුවෙන් සංවිධනය කර තිබෙන කාන්තාවන්ගේ සමිතිතුල චක්‍රීය අරමුදලක් ලෙස පවත්වාගෙන යාම සදහා පමණක් තම ආයතනය සහයෝගය දී තිබෙන බවයි එමෙන්ම එම කුඩා සමිතිවල  කිසිදු මුල්‍ය කටයුත්තක් තම ආයතන මගින් සිදු නොකරනබවයි.   එමෙන්ම ඉහත සදහන් කළ ආකාරයේ බිල්පත් කිසිවක් අදාළ සමිතිවල මුදල් එකතු කිරීම සදහා ලබාදී නොමැති බවත් තමන් ඒ සම්බන්ධයෙන් නිසි සොයා බැලීමක් සිදුකරනබවත් අනුරාධ වික්‍රමසිංහ මහතා කියාසිටියේය.

 එකතුකළ මුදල් යන තැනක් නෑ

   ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කරනු ලබන ඕනෑම සංවිධානයක් 1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන පනත අනුව අධාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ,දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හෝ  රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය තුල ලියාපදිංචි කල යුතුව තිබේ.නමුත් දකුණු පළාත තුල ඇතුළු දිවයිනේ ග්‍රාමීය මට්ටමින් බොහෝ ප්‍රදේශ තුල කාන්තාවන් රැස්   කරගනිමින්  ක්‍රියාත්මක කරනු ලබන  සුධීස ශ්‍රීලංකා කඩොලාන සංරක්ෂණ වැඩ සටහනට සමගාමිව  ශ්‍රී ලංකා සුළු ධීවර සම්මේලනයේ නමද භාවිතා කරමින් සුධීස ශ්‍රීලංකා කඩොලාන සංරක්ෂණ හම්බන්තොට   දිස්ත්‍රික් සංසදය මේ වනතෙක් ලියාපදිංචි කර නොමැති අතර එහි ලිපනය සදහන් වන්නේ කිරල කැලේ ,අම්බලන්තොට ලෙසයි ,නමුත් එම සංවිධනයට අධාල ගිණුම විවෘත්ත   කර ඇත්තේ මාතර රාජ්‍ය බැංකුවකවීමද මෙහි ඇති තවත් ගැටලුවකි.

මේ ආකාරයෙන් මුදල් එකතු කරනු ලැබුවත් එසේ එකතු කරනු ලැබූ මුදල් තැම්පත් කළ බවට පැවසෙන හම්බන්තොට  සුධීස ශ්‍රීලංකා කඩොලාන සංරක්ෂණ දිස්ත්‍රික් සංසද යන නම යටතේ පවතින මාතර රාජ්‍ය බැංකුවක ගිණුම් අංක  72812592 අංක යටතේ ඇති  ගිණුම තුල මෙම මුදල් තැන්පත් කල නොමැතිබවද මෙම සොයා බැලීමේදී අනාවරනය විය, එමෙන්ම 2020.10.05 වනදා වනවිට එම ගිනිමේ  වර්තමාන ශේෂය රුපියල් 2000 කට පමණ වීමද පුදුම සහගතය.

 එමෙන්ම මෙම සුධීස ශ්‍රීලංකා කඩොලාන සංරක්ෂණ හම්බන්තොට  දිස්ත්‍රික් සංසදය සැබවින්ම නිත්‍යානුකුල ශ්‍රී ලංකා සුළු ධිවර සම්මේලනය යටතේ පවතින සුධීස සමාජ ව්‍යවසාය සංවර්ධන සමාගම යටතේ පවත්වාගෙන යනු ලබන සංසදයක්නම් ගිණුම් කීපයක් පවත්වාගෙන යනු ලබන්නේ ඇයිද යන්න මෙහිදී පැන නැගෙන බරපතල ප්‍රශ්නයකි.

  අදාළ ආයතනය යම් හෙයකින් ඉහත ආකාරයෙන් මුදල් පොලි කිරීමේ කාර්යයක නියෙලනවානම් විශේෂයෙන් අදාල අයතනය 2016 අංක 06 දරන ක්ෂුද්‍ර  මුල්‍ය පනත යටතේ මහා බැංකුවේ ලියාපදිංචි කල යුතු සේම එම පනතේ විධානයන්ට අනුව කටයුතු කලයුතුද වන්නේය.නමුත් පරිසර සංවිධානයක් ලෙස විදෙස් ආධාර මුදල් බාවිතා කරමින් පවත්වාගෙන යනු ලබන මෙම ආයතනය මෙම මුදල් පොලි කිරීම තුලින් සිදුකර ඇත්තේ විදෙස් රටවල් මගින් මෙරට පරිසර සංරක්ෂණය වෙනුවෙන් ලබාදුන් මුදල් අවබවිතා කිරීමවේ.,එමෙන්ම ඒ තුලින් අදාල විදේස මුදල් ලබාදුන් ආයතනයද නොමග යවමින් කටයුතු කර තිබෙන ආකාරයක් මෙතුලින් අනාවරනය වේ .

 කෙසේනමුත් මේ ආකාරයෙන් අදාල ආයතනයේ දකුණු පළාතේ සභාපතිනි ලෙස කටයුතු කරනු ලබන කේ .පි .ශිරාණි ප්‍රියංකා නැමැති අයට විරුද්ව  හුංගම පොලිසියේ පැමිණිලි අංක CIB 2254/175 යත්තේ කාන්තාවක විසින්  පැමිණිල්ලක්ද දම ඇති අතර එහිදී අදාල සමාගමේ කලාප කළමනාකරු මෙන්ම විගණන නිලධාරීන්ගේද ප්‍රකාශයන් ලබාගැනීමට හුංගම පොලිසිය කටයුතු කර ඇති අතර එහිදී ඔහුන්ද ප්‍රකශ කර ඇත්තේ එම මුදල් ආයතනයේ තැන්පත්කර නොමැති බවත් එම මුදල් ලබාදෙනු ලැබුවේ නයක්  ලෙස නොවන බවයි.

  මෙවන් පසුබිමක හුංගම පොලිසිය විසින් සිදුකරගේනයනු ලැබූ මෙම පරීක්ෂණය ඉහල පොලිස් නිලධාරියෙකු විසින් නිසි පරීක්ෂණයකින් තොරව අධාල කාන්තාව හට නැවත මුදල් එකතු කරමින් මෙම නීති විරෝධී ක්‍රියාදාමය කරගෙන යාමට ඉඩ ප්‍රස්ථාව සලසා දී තිබීම කණගාටුවට කරුණකි.

එමෙන්ම සුධීස ශ්‍රීලංකා කඩොලාන සංරක්ෂණ  හම්බන්තොට දිස්ත්‍රික් සංසදයේ සාමාජිකාවන් කිපදෙනෙකුගෙන් මේ සම්බන්ධයෙන් විමසීම් කළ අතර ඔවුන් ප්‍රකාශ කරනු ලැබුවේ මෙවන් අදහසක්

චිත්‍රා සෝදිමාන මහත්මිය.

” මම උප සබාපති වසයෙන් මේ සමිතියේ යෝජනා ස්තිරයක් නැතිව මෙයා පත්කර ගත්තා එහිදී  හැම මාසයකම අම්බලන්තොට කිරල කැලේ මධ්‍යස්ථානයට කැදවනු ලැබුවා ඒ ඉන්න අතරේ 2019 වසරේ  ඔය රුපියල් 15000 චෙක් ලබා දීලා තියෙන්නේ එකට යන්න අපිට කතා කලේ නෑ නමුත් අපේ චෙක් වෙන් කවුරුහරි ගත්තද කියල සැකයක් තියෙනවා මෙයා සමහර අයගේ චෙක් රුපියල් 1000ක් ගෙවල අරන් තියෙනවා මොකද ඒවා ඔක්කොම මුදල් චෙක් මම දැනුවත්ව මෙයා එහෙම චෙක්  හයක් ගත්තා ”

  මෙවන් පසුබිමක සුධිස -ලංකා සුළු ධීවර සම්මේලනයේ සබාපති ආචාර්ය අනුරාධ වික්‍රමසිංහ මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඒ ඒ සංවිධාන තුල නැවත මුදල් එකතු කරගනිමින් ඔවුන්ගේ සමිති සංවර්ධනය කරගැනීම සදහා මෙම මුදල් ලබා දී ඇති බවත් මේ ආකාරයෙන් දිවයින තුල සංවිධන 1300ක් සාමාජිකාවන් 13000ක් සදහා රුපියල් 15000 ක් බැගින් ලබා දී ඇති බවයි.

 ”අපි මේ ආධාර මුදල් ලබාදුන්නේ කඩොලාන සංරක්ෂණය සිදුකිරීම සදහා ඒ ඒ සංවිධනවල සාමාජිකාවන් දිරිගන්වන්න එහිදී ලබාදුන් මුදල් නැවත අයකරමින් ඔවුන්හට නය වසයෙන් නැවත ලබාගැනීමට හැකියාව තියෙනවා නමුත් ඒ මුදල් එම ආයතන තුලින්  අපි ලබා ගන්නේ නෑ ‘

කෙසේනමුත් කිසිදු ලියාපදිංචියකින් තොරව කඩොලාන සුරැකීමේ පරිසර සංවිධානයක් ලෙස   මෙතක් පවත්වාගෙන ගොස් ඇති  සුධීස ශ්‍රීලංකා කඩොලාන සංරක්ෂණ හම්බන්තොට  දිස්ත්‍රික් සංසදයට  අධාල දකුණු පළාතේ සභාපතිනි ලෙස කටයුතු කරනු ලබන කේ .පි .ශිරාණි ප්‍රියංකා නැමැති අය විසින් මෙම මුදල් මේ වනතෙක් මෙම සංවිධානයේ  කිසිදු ගිනුමක තැන්පත්කර ඇති බවට තොරතුරු අනාවරනය නොවේ. ඒ සම්බන්ධයෙන් විමසීම සදහා එතුමිය දුරකතනයෙන් සබන්ධ කරගත්නමුත් ප්‍රශ්න විමසන ආතර තුරදී එතුමිය විසින් දුරකතනය විසන්දි  කරන ලදී.

   බොහෝ අවස්ථාවන්හි එම වංචාවන් වසා  ගැනීම සදහා දේශපාලඥයින්ද තමන්ගේ වැඩසටහන් තුලට සහබාගි කරගැනීම මෙම සංවිධනවල කැපී පෙන්න කූට ලක්ෂණයකි නමුත් මේ ආකාරයෙන් විදෙස් මුදල් ගසා කමින්  කටයුතු කරනු ලබන සංවිධාන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම දේශපාලන හිතවත්කම් නොබලා ක්‍රියාත්මක වීම නීතිගරුක රජයක වගකීමකි.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -