32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

කොටගල කොවිඩ් වෛරසය ආසාදිත තවත් පුද්ගලයන් සිව් දෙනෙක්

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

කොටගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයන් සිව් දෙනෙකු අද (28) හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

මොවුන් සිව් දෙනාම කොළඹ සිට දීපවාලී උත්සවයට වතුකරයට පැමිණි පුද්ගලයන් බවත්, ඔවුන් වතුකරයේ රැඳී සිටියදී පසුගිය 26 දින සිදු කරන ලද පී. සී. ආර්. පරීක්ෂණවලදී ඔවුන්ට මෙසේ වෛරසය ආසාදිතව ඇති බවට සෞඛ්‍ය අංශ තහවුරු කර ගෙන තිබේ.

දෙමටගොඩ ප්‍රදේශයේ රැකියාවල නිරතව සිට පතන, ක්‍රෙග්ලි වත්තට පැමිණ සිටි 18 හැවිරිදි තරුණියන් දෙදෙනෙකුට, ග්‍රෑන්පාස් ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට කොටගල, වුටන් වත්තට පැමිණි සිටි 36 හැවිරිදි පුද්ගලයෙකුට හා කිරිබත්ගොඩ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට තලවකැලේ, ග්‍රේස්වෙස්ටන් වත්තේ ලුසා කොටසට පැමිණ සිටි 18 හැවිරිදි තරුණයෙකුට මෙසේ කොවිඩ් වෛරසය ආසාදිතව ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

වතුකරයට පැමිණි සිටි මොවුන් නිරෝධායනයට ලක් කර සිට ඇති මුත් ඔවුන් එම කාලයේදී විවිධ ප්‍රදේශවල සැරිසරා තිබීම හේතුවෙන් එකී ප්‍රදේශ හඳුනාගෙන හා ඔවුන් සමීපතව ඇසුරු කරන ලද පුද්ගලයන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට හා කොවිඩ් ආසාදිත පුද්ගලයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

කොවිඩ් අවදානම් ප්‍රදේශවලින් වතුකරයට පැමිණ සිටින පුද්ගලයන් ඒ බව සඟවාගෙන නොසිට සෞඛ්‍ය අංශ නිලධාරීන්ට වහාම දැනුම් දී වෛරසය ව්‍යප්තව වීම වළක්වාලීමට සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ නිලධාරීහු හා කොටගල ප්‍රාදේශීය සභාවේ සභාපති රාජමණී ප්‍රසාද් මහතා වතුකරයේ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

– Advertisement –

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -