– Advertisement –


මහනුවර ජාතික රෝහලේ උගුර,කන හා නාසය ප්‍රතිකාර ඒකකයේ තවත් වෛද්‍ය වරයෙකුට සහ හෙද නිලධාරිනියන් 07 දෙනෙකු හට කොවිඩ්-19 වෛරසය ආසදනය වී තිබෙන බව රෝහලේ වැඩ බලන අධ්යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මයි පවසයි.
රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දෛනිකව අහඹු ලෙස පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමේදී ඉන් ඉන් දෙදෙනෙකු හට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙන බවට පසුගිය 27 වනදා තහවුරු වීමත් සමඟ ඊයේ දින නැවතත් රෝහල් කාර්ය මණ්ඩලයේ 71 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමෙන් අනතුරුව අද (28) ලැබුණු ප්‍රථිපල අනුව මේ බව තහවුරු වී තිබේ
සුළු අසනීප වලට ප්‍රතිකාර ලබා ගැනීමට පවා ඇතැම් පිරිස් මහනුවර ජාතික රෝහලට පැමිණෙන බවත් මෙම අවස්ථාවේ අත්‍යවශ්‍යය කාරනයකට හැර හැකි තරම් රෝහලට පැමිණීමෙන් වලකින ලෙස තමන් ජනතාව ගෙන් ඉල්ලා සිටින බවත් ඇය කීවාය.
අසනීප තත්ත්වයක් ඇති වුවහොත් ළඟම ඇති රෝහලට යන ලෙසත් එහිදී වෛද්‍යවරු නිරීක්ෂණය කර මහනුවර ජාතික රෝහලට යොමුකළ යුතුද නැද්ද යන්න තීරණය කරනු ඇති බවත් ප්‍රනාන්දු මහත්මයි ප්‍රකාශ කළාය.
– Advertisement –
