32 C
Colombo
Friday, February 26, 2021
- Advertisement -

තේ ඉඩම් විකිණීමේ අමුතු ජාවාරමක්

Must Read

නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ.සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම...

සිංහරාජ අඩවියේ දෙල්ගොඩ රක්ෂිතයේ මහා වනාන්තර කොල්ලයක්

කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැවගම ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි සුදුවැලිපත ගමේ සිංහරාජ අඩවියේ සුවිශේෂී වනාන්තර ප‍්‍රදේශයක් වන දෙල්ගොඩ...

ගේදොර වැඩ කිරීම වෙනුවෙන් බිරිඳට වන්දි ගෙවන්නැයි සැමියාට නියෝගයක්

සිය විවාහ දිවිය සමයේදී "නිවසේ වැඩ කිරීම වෙනුවෙන්" සිය දික්කසාද බිරිඳට වන්දි ගෙවන ලෙස චීනයේ "දික්කසාද අධිකරණයක්" පුද්ගලයෙක්ට නියෝග...

තම වතුයායට අයත් තේ ඉඩම් ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිවරයා විසින් පිටස්තර අයවරුන්ට අලෙවි කිරිමේ ජාවාරමක නිරතව සිටින නිසා තම වතුයායට ගැටළු රැසක් මතු වි ඇති බව බගවන්තලාව වැවිලි සමාගමේ ප්‍රාදේශිය ප්‍රධාන විධායක නිලධාරි ෆෙරොස් මජිත් මහතා විසින් අඹගමුව ප්‍රාදේශිය ලේකම්වරියට ලිඛිතව පැමිණිලි කර ඇත.

නොර්වුඩ් වතු යායට අයත් ග්ලැන්කන් වත්ත පහල කොටස් හෙක්ටයාර් 2 ක වපසරියකින් යුත් තම වතු යායට අයත් ඉඩම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඇතැම් නිලධාරින්ගේද සහයෝගය ඇතිව විශාල මුදලක් ලබා ගනිමින් පිටස්තර අයට අලෙවි කිරිමේ ජාවාරමක නිරතව සිටින බවටද ෆෙරොස් මජිත් මහතා විසින් ප්‍රාදේශිය ලේකම්වරිය වෙත යොමු කර ඇති ලිපියේ සදහන්ය.

1992 වසරේ රජයේ තේ ඉඩම් පෞද්ගලික අංශයට කල්බදු ක්‍රමයට ලබාදිමේදි බගවන්තලාව වැවිලි සමාගම විසින් එම ඉඩමද කල්බදු ක්‍රමයට ලබාගෙන ඇති බවත් , කාසල්රි ජලාශයට යාබදව පිහිටි ග්ලැන්කන් වත්ත පහල කොටස ඉඩම් කැබලි කිහිපයක් ප්‍රදේශයේ කිහිප දෙනෙකුට සහ පිටස්තර පුද්ගලයන් කිහිප දෙනෙකුට ග්‍රාමසේවක නිලධාරිවරයා විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වලංගු නොවන රිසිට්පත් ලබාදිමෙන් අනතුරුව එම පිරිස් විසින් මේ වන විට තම වතු යායට අයත් ඉඩම්වලට ඇතුල් වි මායිම්ද වෙන් කරගෙන ඇති බවයි එම ලිපියේ සදහන් කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසියටද පැමිණිලි කිහිපයක් ඉදිරිපත්කර ඇති බවත් , නොර්වුඩ් නිව්වැලි වත්තේ ගිනිගෙන විනාශ වු වතු නිවාස 12 ක් අලුතින් තනි නිවාස වශයෙන් ඉදි කිරිමට හෙක්ටයාර් 2 කින් යුත් එම ඉඩම වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සවිබලගැන්විමේ  අමාත්‍යංශයට ලබා දි ඇති බවද ෆෙරොස් මජිත් මහතා පවසයි. 

තම වතු යායට අයත් තේ ඉඩම්වලට පිටස්තර පුද්ගලයන් ඇතුල් වි අත්පත් කර ගැනිමට කටයුතු කිරිම නිසා වතු කම්කරුවන් සහ එම පිරිස අතර ගැටුම්කාරි තත්ත්වයක් ඇති විමේ අවධානමක් පවතින නිසා මේ සම්බන්ධයෙන් කඩිනමින් සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ගෙස ෆෙරොස් මජිත් මහතා ප්‍රාදේශිය ලේකම්වරිය වෙත යැවු ලිපියේ වැඩිදුරටත් සදහන් කර ඇත.

– Advertisement –

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ.සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම...
- Advertisement -

More Articles Like This

- Advertisement -