32 C
Colombo
Tuesday, April 13, 2021
- Advertisement -

මහනුවර ප්‍රථම කොවිඩ් මරනය

Must Read

තෙකලා විදුලිය,නළ ජලයට මුදල් ගෙවා කුප්පි ලාම්පුවෙන් එළිය බැලීම.

පළාත් පාලන ආයතන සහ ඉඩම් වෙන්දේසිකරුවන්ගේ කූට ජාවාරම් පිළිබඳ විමසුමක්!චාන්දනී දිසානායක             "තෙකලා විදුලිය, නළ...

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

අසනීප තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීම සඳහා රැගෙන එන අතරතුර මරණයට පත්වූ 49 හැවිරිදි ගලහ ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොවිඩ්-19 වෛරසය වැළඳී තිබෙන බව පී.සී.ආර් පරීක්ෂණ මගින් ඊයේ (30) හෙළිවී තිබේ.
මෙම පුද්ගලයා ඔහුගේ බිරිඳ සමඟ කොළොන්නාවේ පදිංචි දියණියගේ නිවසට සැප්තැම්බර් මස 26 වන දින ගොස් තිබෙන බවත් සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ඔවුන් 27 දින පෞද්ගලික වාහනයකින් යළි නිවස බලා එමින් සිටියදී ඔහුට අසනීප වී පේරාදෙණිය රෝහලට රැගෙන විත් තිබෙන බවත් පොලීසිය පවසයි.
රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටීම හේතුවෙන් වෛද්‍යවරු පී.සී.ආර් පරීක්ෂණයකට මළ සිරුර යොමුකර ඇත.එම වාර්තාවට අනුව එම පුද්ගලයාට කොවිඩ් ආසාදනය වී තිබෙන බව අනාවරණය වී තිබේ.මෙය මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රථම කොවිඩ් මරණය වන අතර මියගිය පුද්ගලයාගේ බිරිඳ ඇතුළු ළඟම ආශ්‍රිතයින් නිරෝධායනයට යොමුකළ බව සෞඛ්‍ය අංශ පවසයි.
මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ (30) පෙරවරු 6.00 වන විට 408 ක් දක්වා ඉහළ ගොස් තිබේ.මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 235 කි.නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 121 දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 52 දෙනෙකුද වාර්තා වී ඇත.නව ආසාදිතයින් 11 දෙනෙකු පෙරේදා (11) දිනය තුළ පළාතින් වාර්තා වී තිබේ.

– Advertisement –

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

තෙකලා විදුලිය,නළ ජලයට මුදල් ගෙවා කුප්පි ලාම්පුවෙන් එළිය බැලීම.

පළාත් පාලන ආයතන සහ ඉඩම් වෙන්දේසිකරුවන්ගේ කූට ජාවාරම් පිළිබඳ විමසුමක්!චාන්දනී දිසානායක             "තෙකලා විදුලිය, නළ...
- Advertisement -

More Articles Like This

- Advertisement -