32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

ජනවාරියේ සිට එන සුවිශේෂී බස් සේවාව

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

– Advertisement –

සුවිශේෂි පහසුකම් වලින් සමන්විත නගරාශ්‍රිත සුඛෝපභෝගි බස් සේවාවක් (City Bus Service) පාක් ඇන්ඩ් රයිඩ් (Park & Ride) නමින් ලබන ජනවාරි 01 දින සිට ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.
ප්‍රථම වරට මාකුඹුරෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන මෙම බස් සේවාව දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලපොරොත්තු වන බවද ඒ මහතා කීය.
මහනුවර සිට නෙල්ලිගල දක්වා බස් රථයක් ධාවනයේ යෙදවීම නිමිත්තෙන් නෙල්ලිගල ජත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමුණුගම මහතා මේ බව ප්‍රකාශ කළේය.
පෞද්ගලික වාහනයෙන් රථගාල වෙත පැමිණ එතැන් සිට වායු සමනය කරන ලද සුඛෝපභෝගි බස් රථයකින් නගරය වෙත ගොස් තම අවශ්‍යතා ඉටුකර ගෙන යළිත් රථගාල වෙත පැමිණීමට හැකි ලෙස මෙම නව බස් සේවාව ක්‍රියාත්මක කරන බවත් ජනපති උපදෙස් මත ක්‍රියාවට නංවා තිබෙන මෙම වැඩපිළිවෙළ යටතේ නාගරික සංවර්ධන අධිකාරිය හා එක්ව මේවන විට මාකුඹුරේ සහ නාවින්නේ රථගාල් ඉදිකිරීමේ කටයුතු අවසන් කර තිබෙන බවත් රාජ්‍ය ඇමැතිවරයා කීය.
නව සේවාව සඳහා අවශ්‍යය සුඛෝපභෝගි බස් රථ ඇනවුම් කර තිබෙන බවත් ඒවා පැමිණෙන තෙක් සංචාරකයින් ප්‍රවාහනය සඳහා යොදාගත් සුඛෝපභෝගි බස් රථ බදු පදනම මත ලංගම මගින් ලබා ගන්නා බවත් හෙතෙම පැවසුවේය.
සංචාරක ව්‍යාපාරය කඩා වැටී තිබෙන නිසා මෙමඟින් ඔවුන්ටද යම් සහනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඒ මහතා කීය.
මගීන්ට වඩා පහසුවෙන් හා ආරක්ෂිතව බස් රථයේ ගමන් කළ හැකි පරිදි එහි ආසන පේලියක් හැර පේලියක් ඉවත්කරන බවත් කොවිඩ් වෛරසය විනාශ වන විශේෂ රාසයනක් මුසු කළ තීන්ත වර්ගයක් බස් රථය ඇතුළත ආලේප කරන බවත් ප්‍රවාහන රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.
මෙම බස් රථවල ටිකට් පත් මිලට ගැනීම සඳහා ලංගම මගින් විශේෂ ඇප් එකක් හඳුන්වාදී තිබෙන බවත් මුදල් භාවිත කිරීමකින් තොරව ඊ ටිකට් පතක් මිලට ගෙන එහි ගමන් කළ හැකි බවත් අමුණුගම මහතා කීය.
මෙම අවස්ථාවට නෙල්ලිගල ජත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන හිමි,මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු සම්බන්ධීකරණ කමිටුවේ සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප-මහනුවර සිට නෙල්ලිගල ජත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය දක්වා බස් රථය ධාවනය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වූ දිළුම් අමුණුගම මහතා ඇතුළු පිරිස.

– Advertisement –

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -